Avenza අධ්‍යාපනික සමුළුවේදී DFCC ආලෝකා අනාගත නායකයන් දිරිගන්වයි

DFCC Aloka Inspires (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්‍ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්‍යාපනික සමුළුව සඳහා සිය අනුග්‍රහය පිරිනමන ලදී.

ප්‍රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනඥ භානුක ඒකනායක මහතා විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා සිසු සිසුවියන් 350 දෙනෙකු සහභාගී වූ අතර, එය ඉගෙනුම, පුද්ගල සංවර්ධනය, නායකත්වය, නවෝත්පාදනය සහ අවස්ථා හඳුනාගැනීම යන ක්ෂේත්‍ර කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළේය. මෙහිදී DFCC ආලෝකා හි සක්‍රීය දායකත්වය මඟින් සමුළුවට වෘත්තීයමය හා නායකත්ව දැක්මක් එක් කළ අතර, පන්ති කාමරයේ අධ්‍යාපනික ජයග්‍රහණවලින් ඔබ්බට සිතමින් අනාගත වෘත්තීය ලෝකයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සිසුන් දිරිමත් කරන ලදී.




මෙම සමුළුවේ ආරාධිත දේශක ලෙස DFCC බැංකුවේ උප සභාපති – Pinnacle සහ ආලෝකා ප්‍රධානී ශේරා හසන් මහත්මිය සහභාගී වූවාය. එහිදී ඇය නායකත්වය, උදාවන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, නිරන්තර ඉගෙනුම සහ අධ්‍යාපනික මෙන්ම වෘත්තීයමය පරිවර්තනයන්ට මුහුණ දීමට අවශ්‍ය විශ්වාසය ගොඩනගා ගැනීම පිළිබඳ ප්‍රායෝගික කරුණු රැසක් සිසුන් හමුවේ තැබුවාය.

අනාගත පරපුරට සෙත සලසන දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කරමින්, වර්ධනය උදෙසා කැපවෙන සමාජයකට ශක්තියක් වීමට DFCC බැංකුව දක්වන පුළුල් කැපවීම මෙම පියවරෙන් මනාව පිළිඹිමු වේ. වේගයෙන් වෙනස් වන ආර්ථික රටාව තුළ උසස් අධ්‍යාපනයට සහ වෘත්තීය ලෝකයට පිවිසීමට සූදානම් වන තරුණ තරුණියන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් ඇසුරින් නිවැරදි තීරණ ගැනීමටත්, තමන්ගේ අනාගත ඉලක්ක වඩාත් පැහැදිලිව සකස් කරගැනීමටත් මෙවැනි අත්දැකීම් මහත් පිටිවහලක් වේ.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ශේරා හසන් මහත්මිය මෙසේ පැවසුවාය. “විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් පසුවන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකයි. ඔවුන් ගන්නා තීරණ, ඇති කරගන්නා යහපත් පුරුදු සහ හඹා යන අවස්ථාවන් මඟින් ඉදිරි වසරවලදී ඔවුන් සමාජයට සහ ආර්ථිකයට දක්වන දායකත්වය තීරණය වෙනවා. Avenza වැනි වැඩසටහන් මඟින් තරුණ පරපුරට නිර්භයව සිතන්නටත්, විවිධ පැතිමානයන්ගෙන් ඉගෙන ගන්නටත්, ආත්ම විශ්වාසයෙන් යුතුව සූදානම් වන්නටත් මනා අවකාශයක් සලසා දෙනවා. DFCC ආලෝකා හරහා නායකත්වය, උසස් අභිලාෂයන් සහ ජීවිත කාලය පුරා දිවෙන ඉගෙනුම දිරිගන්වන මෙවැනි වැඩසටහන්වලට සහාය වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා.”

සහභාගී වූ සිසුන් සාකච්ඡා වූ තේමාවන් සමඟ සක්‍රීයව සම්බන්ධ වූ අතර මෙම දේශනය ඔවුන්ගේ ඉහළ ඇගයීමට ලක්විය. වෘත්තීයවේදීන්ගෙන් සහ අධ්‍යාපනඥයින්ගෙන් ප්‍රායෝගික මඟපෙන්වීම් ලබාගැනීමටත්, පුද්ගලික හා වෘත්තීය සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ ආකල්ප පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙමඟින් සිසුන්ට අගනා අවස්ථාවක් හිමි විය.

Avenza සමුළුව සඳහා DFCC බැංකුව ලබා දුන් මෙම සහයෝගය, හුදෙක් බැංකු විසඳුම් ලබාදීමට පමණක් සීමා නොවී, දැනුම, විශ්වාසය සහ අනාගත සංවර්ධනය ප්‍රවර්ධනය කරන මූල්‍ය ආයතනයක් ලෙස එහි භූමිකාව තවදුරටත් තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස, DFCC බැංකුව තනි පුද්ගල ප්‍රගතිය මෙන්ම ජාතික වර්ධනය ද බලගන්වන අයුරින් ප්‍රජාවන් සහ නැඟී එන දක්ෂතාවන් සමඟ සක්‍රීයව අත්වැල් බැඳගැනීමට නිරන්තරයෙන් කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව