කලාපීය ගැටුම් සහ ඉහළ ඉන්ධන පිරිවැයේ බලපෑම් මධ්‍යයේ වුවද, එමිරේට්ස් සමූහය 2026-27 වසර සඳහා අර්ධ වාර්ෂික ලාභයක් වාර්තා කරයි

HH Sheikh Ahmed bin Saeed Al Maktoum (LBN)

ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ඇති වූ බාධා සහ ඉහළ ඉන්ධන මිල ගණන් හමුවේ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරමින්, එමිරෙට්ස් සමූහය 2026-27 වසරේ පළමු මාස හය සඳහා බදු වලට පෙර ලාභය ලෙස එක්සත් අරාබි එමීර් ඩිරාම් (AED) බිලියන 4.1ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක්) වාර්තා කර ඇත.

ආදායම් බදු ගෙවීම්වලින් අනතුරුව, සමූහයේ ශුද්ධ ලාභය AED බිලියන 3.6ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.0ක්) වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 66%ක පහත වැටීමකි.

2026-27 වසරේ පළමු මාස හය තුළ සමූහයේ ආදායම AED බිලියන 66.2ක් (ඇමරිකානු ඩොලර් බිලියන 18.0ක්) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරේ වාර්තා වූ AED බිලියන 75.4ට (ඇමරිකානු ඩොලර් බිලියන 20.6ට) සාපේක්ෂව 12%ක අඩුවීමකි.




එමිරේට්ස් ගුවන් සේවය සහ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: “සලකා බලන කාලය අභියෝගාත්මක මාස හයක් වූ අතර, අපගේ ව්‍යාපාර ආකෘතිය සහ අපගේ කාර්ය මණ්ඩලය නැවත වරක් මෙම පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්හ. පෙර නොවූ විරූ කලාපීය අභියෝග සහ ඉහළ ඉන්ධන මිල ගණන් මධ්‍යයේ වුවද, මෙම සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 4.1ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක) ලාභයක් වාර්තා කිරීමට සමත් විය. පාරිභෝගික ඉල්ලුම ස්ථාවරව පැවති අතර, අපගේ භාණ්ඩ ප්‍රවාහන (cargo) මෙහෙයුම් ද ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ගෝලීය ජෙට් ඉන්ධන මිල දෙගුණ වීම හේතුවෙන් අපගේ පිරිවැයට සහ ලාභදායිත්වයට බලපෑම් එල්ල වුවද, මෙම සාධක නිසා ආදායම සහ මුදල් සංචිත මට්ටම් යහපත් අතක පවත්වා ගැනීමට හැකි විය.”

එමිරේට්ස් ගුවන් සේවය

2026 අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ එමිරේට්ස් ගුවන් සේවය මගීන් මිලියන 21.8ක් ප්‍රවාහනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක අඩුවීමකි.

2026-27 වසරේ පළමු භාගය සඳහා එමිරේට්ස් ගුවන් සේවයෙ හි බදු ගෙවීමට පෙර ලාභය ඩිරාම් බිලියන 3.7ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.0ක්) විය. පසුගිය වසරේ එම කාලය තුළ සමාගම ඩිරාම් බිලියන 11.4ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක) වාර්තාගත බදු වලට පෙර ලාභයක් පෙන්නුම් කර තිබුණි. මෙම වසරේ පළමු අර්ධය සඳහා බදු ගෙවීමෙන් පසු එමිරේට්ස් හි ලාභය ඩිරාම් බිලියන 3.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 903ක්) වන අතර, එය 66%ක අඩුවීමකි.

වෙනත් මෙහෙයුම් ආදායම් ද ඇතුළුව එමිරේට්ස් ගුවන් සමාගමෙහි මුළු ආදායම ඩිරාම් බිලියන 56.9ක් (ඇමරිකානු ඩොලර් බිලියන 15.5ක්) විය. මෙය පසුගිය වසරේ වාර්තා වූ ඩිරාම් බිලියන 65.6ට (ඇමරිකානු ඩොලර් බිලියන 17.9ට) සාපේක්ෂව 13%ක අඩුවීමකි. ගුවන් සේවයේ මෙම ආදායම් මට්ටම පවත්වා ගැනීමට, විවිධ වෙළඳපොළවල් තුළ සංචාර සඳහා පැවති ස්ථාවර ඉල්ලුම (විශේෂයෙන්ම එමිරේට්ස් හි ප්‍රිමියම් පන්ති සඳහා) සහ භාණ්ඩ ප්‍රවාහන අංශයෙන් ලැබුණු ප්‍රබල දායකත්වය හේතු විය.

වසරේ පළමු මාස හය තුළ ‘එමිරේට්ස් SkyCargo’ භාණ්ඩ ටොන් මිලියන 1.2ක් ප්‍රවාහනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 1%ක අඩුවීමකි. කෙසේ වෙතත් SkyCargo අංශයේ ආදායම මෙම කාලය තුල 52% කින් වර්ධනය වී ඇති අතර, එයට ප්‍රධාන සාධකය වූයේ කලාපීය ගැටුම් හේතුවෙන් ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැඩි ඉල්ලුමක් ඇති වීමයී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව