SLT-MOBITEL ශ්‍රී ලංකාවේ අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස Ookla® සම්මාන දිනයි

SLT-MOBITEL Ookla Image (LBN)

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි.

Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සහ විශ්ලේෂණය කිරීම සම්බන්ධ පුරෝගාමියා ලෙස සැලකේ. මෙම සම්මානය මඟින් පෙනී යන්නේ SLT-MOBITEL සිය පාරිභෝගිකයන්ට අධිවේගී හා විශ්වාසනීය අන්තර්ජාල සම්බන්ධතාවක් සැපයීමට සමත් වී ඇති බවයි.



වත්මන් තරගකාරී දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ නැවත වරක් මෙලෙස Ookla® සම්මාන වැනි ස්වාධීන ඇගයුමක් හිමි වීම SLT-MOBITEL ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එමඟින් පිළිබිඹු වන්නේ උසස් තත්වයේ අන්තර්ජාල සම්බන්ධතාවක් සපයන්නෙකු ලෙස ශ්‍රී ලාංකිකයන් SLT-MOBITEL කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබා ඇති බවයි. මීට පෙර 2019, 2020 සහ 2021 වසරවලදී ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස මෙන්ම 2024 වසරේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස Ookla® සම්මාන දිනාගැනීමට SLT-MOBITEL සමත් විය.

Ookla හි Fastest Mobile Network සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ Speed Score ක්‍රමවේදය තුළිනි. මෙහිදී Download Speeds, Upload Speeds සහ Latency යන සාධක තුනම සලකා බැලේ. මෙම ඒකාබද්ධ ක්‍රමවේදය මඟින් එදිනෙදා භාවිතයේදී දුරකථන ජාලයක සැබෑ ක්‍රියාකාරීත්වය තක්සේරු කෙරෙන වන අතර, එමඟින් පාරිභෝගික අත්දැකීම පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ.

මේ වන විට ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් ඒ සම්බන්ධ ජයග්‍රහණ රැසක් සනිටුහන් කිරීමට SLT-MOBITEL සමත් වී ඇත. මෙම සම්මානය මඟින් එම පුරෝගාමීත්වය තවදුරටත් තහවුරු වේ.

මෙම සාර්ථක ප්‍රවණතාව ඔස්සේ ඉදිරියට යමින් SLT-MOBITEL මේ වන විට නවීනතම යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවාවන් සඳහා ආයෝජනය කරමින්, වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි Streaming, Gaming, Remote Work සහ Smart Living විසඳුම් හඳුන්වා දෙමින් සිටී.

අධිවේගී ෆයිබර් සහ 5G තාක්ෂණයන් සමඟින් ජීවන රටාවන් වැඩිදියුණු කරන සහ ව්‍යාපාර සවිබල ගන්වන කාර්යක්ෂම සම්බන්ධතා පහසුකම් සහ ඩිජිටල් සේවාවන් සැපයීම SLT-MOBITEL හි මූලික අරමුණ වී තිබේ.

මේ සඳහා සිදුකරන ආයෝජන තවදුරටත් නාගරික ප්‍රදේශවලට සීමා නොවේ. මේ වන විට තම බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම දුරකථන ජාලයන් ග්‍රාමීය ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කරමින්, එම ප්‍රදේශ ඩිජිටල්කරණය කිරීමට දායක වෙමින්, එම ප්‍රදේශවල ජනතාවට වඩාත් හොඳ අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය සේවාවන් සහ ආර්ථික අවස්ථා අත්විඳීමට අවස්ථාව ලබා දීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. මේ නිසා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ට රටේ ඩිජිටල් අනාගතයේ කොටස්කරුවන් බවට පත්වීමට අවස්ථාව උදා වී තිබේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව