සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

Capture

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන ජූනි මස 25 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මැයි මස 30 වැනිදා අවසන් වන අතර, තරග පෙළ ගැස්ම ජූනි මස 20 වැනිදා සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරෙගුලාසිවලට අනුව පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය සඳහා අයැදුම්පත් යොමු කිරීම සහ ලියාපදිංචි වීම  www.ceylonmasters.lk/login වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි අතර, තරග පෙළ ගැස්ම පිළිබඳ තොරතුරු සිලෝන් මාස්ටර්ස් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලා ගිණුම ඔස්සේ දැකබලා ගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව