
Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. ඒ සමඟින් මෙතෙක් එම නිෂ්පාදන පෙර ඇනවුම් සිදු කිරීමේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් මෙරට පාරිභෝගිකයින් වෙත ලබා දීමටද ඔවුන් සමත්ව සිටියි.
Galaxy Z Fold8 දුරකතන නිෂ්පාදන සඳහා වාර්තාගත පෙර ඇණවුම් ප්‍රමාණයක් සපුරා ගැනීමට Samsung Sri Lanka සමාගමට හැකියාව උදා විය. Foldable ස්මාර්ට් ජංගම දුරකතන කෙරෙහි මෙරට පාරිභෝගිකයන් දක්වන දැඩි උනන්දුව මේ තුලින් මනාව පිළිබිඹු විය. එමෙන්ම සාමාන්‍ය ස්මාර්ට් දුරකතනයක ඇති පහසුව එලෙසම පවත්වා ගනිමින් වඩාත් පුළුල් සහ විවිධ වැඩකටයුතු රැසක් එකවර කළ හැකි ජංගම දුරකතනයක අවශ්‍යතාවයද මෙම නිෂ්පාදන පෙල සපුරාලයි.
පෙර ඇණවුම් කාලසීමාව සාර්ථකව අවසන් වීමෙන් පසුව Samsung Sri Lanka සමාගම මෙම නවතම Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ජංගම දුරකතන නිෂ්පාදන පෙල දිවයින පුරා පිහිටි සියලු Samsung බලයලත් අලෙවිසැල් මෙන්ම නියෝජිත ආයතන වෙත හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම පාරිභෝගිකයන්ගෙන් ලද ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙම සුවිශේෂී වරප්‍රසාදයන් ඔවුන් වෙත ලබා දීමට Samsung Sri Lanka කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “ආකර්ෂණීය සහ නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් Galaxy Z Fold8 නිෂ්පාදන පෙල සඳහා ඉහළ උනන්දුවක් දැක්වූ බව පෙර ඇනවුම් කාල සීමාවේදී අපට දැක ගන්නට ලැබුණා. මෙම Foldable Galaxy නිෂ්පාදන පෙල Samsung පාරිභෝගිකයින් වෙනුවෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා අපි කටයුතු කළා. එහිදී මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් පෙර ඇනවුම් කාල සීමාවේදී ලබා දුන් ප්‍රතිලාභ හා දීමනා තවදුරටත් ඉදිරියට ගෙන යාමට අප පියවර ගෙන තිබෙනවා.” යනුවෙන් පැවසීය.
ඒ අනුව සියලු පාරිභෝගිකයින් හට රු. 87,000ක මූල්‍ය ප්‍රතිලාභයක් මේ සමඟ හිමිකර ගත හැකිය. Break-Free screen replacement සේවාව හරහා වසර 2ක් දක්වා දෙවතාවක් රු. 621,625 වටිනා inner screen සහ රු.76,267ක් වටිනා cover screen නොමිලේ මාරු කර ගැනීමට ද ඔවුන්ට හැකි වේ. මීට අමතරව ඩයලොග් සහ මොබිටෙල් ජාල හරහා 2026 සැප්තැම්බර් 30 දක්වා භාවිත කළ හැකි 1TB ක දත්ත පැකේජයක් නොමිලේ හිමි වන අතර රුපියල් 37,470ක් වටිනා Google AI Pro සේවාව මාස 6ක කාලයක් සඳහා ද මේ සමඟ ඔවුන්ට ලැබේ, ඒ හරහා Gemini AI විශේෂාංග සහ 5TB cloud storage පහසුකම් අත්විඳීමට පරිශීලකයන්ට අවස්ථාව උදා වනු ඇත.
Samsung සමාගම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් නම්‍යශීලී පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා ඇති අතර තෝරාගන්නා බැංකු සහ ගෙවීමේ සැලසුම මත පදනම්ව මාස 3 සිට 24 දක්වා මාසික වාරික ගෙවීමේ පහසුකම් මීට ඇතුළත් වේ. එමඟින් පාරිභෝගිකයන්ට තමන්ගේ මූල්‍ය හැකියාවන්ට ගැළපෙන පරිදි ඉතාමත් පහසුවෙන් Galaxy Z Fold 8 නිෂ්පාදන පෙල මිලදී ගැනීමට හැකියාව උදා වනු ඇත.
මාස 24ක Easy Pay ගෙවීමේ සැලසුම යටතේ, පාරිභෝගිකයන්ට Galaxy Z Fold 8 5G (12GB ¬ 256GB) දුරකතනය මසකට රුපියල් 20,161 බැගින් වූ වාරිකයක් යටතේ මිලදී ගත හැකි අතර, Galaxy Z Fold8 Ultra 5G (12GB ¬ 256GB) දුරකථනය මසකට රුපියල් 22,456 බැගින් වූ වාරිකයකට ලබාගත හැකිය.
දිවයින පුරා පිහිටි ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් (JKOA), සොෆ්ට්ලොජික්, සිංගර්, සිංහගිරි, ඩයලොග්, මොබිටෙල් සහ සියලුම Samsung අවසරලත් අලෙවි නියෝජිත ආයතන හරහා පාරිභෝගිකයන්ට දැන් Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන සුවිශේෂී දීමනා යටතේ මිලදී ගත හැකිය. තොග සීමිත බැවින්, පිරිනමන දීමනා සහ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් ඔබගේ ළඟම Samsung අලෙවිසැලට පැමිණෙන්න.
වැඩිදුර විස්තර හෝ නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට 011 7267864 වෙතින් Samsung හි පාරිභෝගික සේවා අංශය අමතන්න.


