සුවිශේෂී විශේෂාංග රැසක් සමඟින් Xiaomi, Redmi Note 17 නිෂ්පාදන පෙල සහ උපාංග ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

WhatsApp Image 2026-11-01 at 17.55.59 (1)

ලොව පිළිගත් පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සහ ස්මාර්ට් නිෂ්පාදන සන්නාමයක් වන Xiaomi, සිය නවතම Redmi Note 17 නිෂ්පාදන පෙළ පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. ඒ සමඟම විනෝදාස්වාදය, ස්මාර්ට් නිවාස තාක්ෂණය, පුද්ගලික සත්කාරක, සෞඛ්‍ය සහ යෝග්‍යතා, මුළුතැන්ගෙයි උපකරණ සහ ජීවන රටා උපාංගවලින් සමන්විත පුළුල් ස්මාර්ට් උපාංග පෙළක්ද මෙරට පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමද විශේෂත්වයකි.

සියලු දෙනාට නවීන තාක්ෂණයේ මහිමය අත්විඳීමේ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් Xiaomi හි කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම හඳුන්වා දීම තුලින් ශ්‍රී ලාංකේය ස්මාර්ට් දුරකතන හා උපාංග පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක් උදා කර දෙනු නිසැකය.




Redmi Note 17 17 මාදිලි පෙල ප්‍රධාන මාදිලි හතරකින් සමන්විත වේ. ඒවා නම් Redmi Note 17 Pro Max 5G, Redmi Note 17 Pro 5G, Redmi Note 17 5G සහ Redmi Note 17වේ. මෙම නිෂ්පාදන පෙළ තුලින් පාරිභෝගික අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන දිගුකල් පවතින බැටරි, පැහැදිලි විශාල තිර, ඉහළ ශක්තිමත්භාවය සහ Ai පහසුකම් රැසක් ලබා දීමද විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම නිෂ්පාදන අතර ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන Redmi Note 17 Pro Max 5G, 100W HyperCharge හරහා ආරෝපණය කළ හැකි 10,000mAh විශාල බැටරියකින් සමන්විත වේ. මේ නිසාම එය දින තුනක් දක්වා අඛණ්ඩව භාවිත කළ හැකි මෙම ස්මාර්ට් ජංගම දුරකතනය 120Hz දක්වා refresh rate එකකින් යුත් අඟල් 6.83ක 1’5K CrystalRes AMOLED තිරයකින්ද අලංකාර වී ඇත. මීට අමතරව OIS තාක්ෂණය සහිත 50MP ප්‍රධාන කැමරාවක්, Snapdragon 6 Gen 5 processor සහ Google Gemini මඟින් ක්‍රියාත්මක වන Xiaomi HyperAI තාක්ෂණය මෙයට ඇතුළත් කර ඇත.

මෙහිදී හඳුන්වා දුන් Redmi Note 17 Pro 5G දුරකථනය සතුව 67W HyperCharge සමඟ 8,340mAh battery අන්තර්ගත වේ. Redmi Note 17 5G සහ Redmi Note 17 යන මාදිලි දෙකෙහිම 7,700mAh බැටරි සහ 45W වේගවත් චාජර් ඇතුළත් වී තිබීමද විශේෂත්වයකි. මෙම සෑම දුරකථනයකම ඉහළ refresh-rate සහිත AMOLED තිර, උසස් කැමරා පද්ධති සහ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක විශේෂාංග රැසක්ද හඳුන්වා දී ඇත. තවද, දූවිලි හා ජලයෙන් ආරක්ෂා වීමට අදාල IP66, IP68, IP69 සහ IP69K සහතික හිමිකර ගෙන ඇති මෙහි Pro මාදිලිය මීටර් 3ක් දක්වා උසකින් බිමට වැටුණද ඔරොත්තු දෙන ශක්තිමත් නිමාවකින් ද යුක්ත වේ.

මෙම සුවිශේෂී හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් Xiaomi Sri Lanka හි මෙරට ප්‍රධානී Kain Wang මහතා සඳහන් කර සිටියේ “ Xiaomi ලෙස පාරිභෝගිකයාගේ අපගේ එදිනෙදා ජීවිතයට අර්ථවත් නවෝත්පාදනයන් රැගෙන ඒමට අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වනවා. නව Redmi භදඑැ 17 මාදිලි පෙළ හරහා, අපි පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා ඉටු කළ හැකි ඉහළ කාර්යසාධනයක්, ශක්තිමත්භාවයක්, දිගු බැටරි ආයු කාලයක් සහ AI විශේෂාංග රාශියක් ලබා දී තිබෙනවා. අපගේ ස්මාර්ට් උපාංග ජාලයතවදුරටත් පුළුල් කිරීමෙන් පැහැදිලි වන්නේ, එකිනෙකට සම්බන්ධ කළ හැකි තාක්ෂණය එදිනෙදා ජීවිතයට වඩාත් සමීප, පහසු සහ ප්‍රයෝජනවත් එකක් බවට පත් කිරීමට අප සතු කැපවීමයි” යනුවෙනි.

ස්මාර්ට්ෆෝන්වලට අමතරව, Xiaomi සමාගම විවිධ කාණ්ඩ යටතේ පුළුල් ස්මාර්ට් උපාංග පෙළක් හඳුන්වා දී ඇත. විනෝදාස්වාද අංශය යටතේ රූපවාහිනී සහ ිචැ්නැරි හඳුන්වා දී ඇති එම සමාගම ස්මාර්ට් නිවාස තාක්ෂණය යටතේ security cameras , smart locks” LED n,an” robot vacuum cleaner” air purifiers සහ tower fans ඊට ඇතුළත් වේ. එසේම මෙම උපාංග එකතුවට earbuds, watches, smart bands, headphones සහ audio glasses ද ඇතුළත් වන අතර, hair dryers, straightener brushes, trimmers සහ shavers.jeks පුද්ගලික සත්කාරක නිෂ්පාදනද මීට ඇතුළත් වේ. ශරීර බර මනින ස්මාර්ට් තරාදි, ශරීරයේ තත්ත්වයන් මනින තරාදි සහ massage gun මඟින් සෞඛ්‍ය සහ යෝග්‍යතා කාණ්ඩය පුළුල් කර ඇති අතර, blenders, air fryers, microwave ovens සහ water dispensers මඟින් මුළුතැන්ගෙයටද තාක්ෂණය රැගෙන එයි.

මීට අමතරව Xiaomi Tags, power banks සහ scooters මඟින් එදිනෙදා ගමන් බිමන් සහ ජීවන රටා අවශ්‍යතා සපුරාලීමටද ඔවුන් කටයුතු කර ඇත. මෙම උත්සවයේදී Xiaomi හි ශ්‍රී ලංකා ප්‍රධානී Kain Wang සහ අලෙවිකරණ ප්‍රධානී සඳනි ගජධීර යන මහත්ම මහත්මීන් විසින් නව නිෂ්පාදන පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. එහිදී සහභාගිවන්නන්ට නව ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ, ඒවායේ මිල ගණන්, හඳුන්වාදීමේ දීමනා සහ අනෙකුත් පුළුල් ස්මාර්ට් උපාංග පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමට ඔවුන් කටයුතු කරන ලදී.

පැමිණ සිටි අමුත්තන්ට නිෂ්පාදන තමන් විසින්ම අත්හදා බැලීම සඳහා අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් කලාපයක් ද සකස් කර තිබිණ. නොවැම්බර් 2 සිට 18 දක්වා කාලය තුළ මෙම නව Redmi Note 17 නිෂ්පාදන පෙලට අදාල සියලු නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මාස 18ක් දක්වා පහසු ගෙවීමේ සේවාවන් ලබා ගත හැකි අතර රුපියල් 12,000ක් දක්වා වන පළමු මස වාරිකය සම්පූර්ණයෙන්ම නොමිලේ හිමි වේ. මීට අමතරව, මාස 18ක වගකීම් කාලයක් සහ පළමු වසර තුළ නොමිලේ එක් වරක් තිරය මාරු කිරීමේ පහසුකමද හිමි වේ. තෝරාගත් 5G උපාංග මිලදී ගන්නා පාරිභෝගිකයින් හට කොන්දේසිවලට යටත්ව 275GB ක නොමිලේ ඩේටා දීමනාවක්ද ලබා ගත හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව