ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් PULLMAN COLOMBO DOWNTOWN සහ PULLMAN BENTOTA RESORT & SPA ඇරඹෙයි

DSC00413 (LBN)

Accor සමූහයට අයත්, සුවිශේෂී සංචාරක හෝටල් සන්නාමය වන Pullman ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රය වෙත පසුගියදා පියවර තබන ලදී. එහි සමාරම්භක සැමරුම් උළෙල පසුගියදා Pullman Colombo Downtown හි Vistas Rooftop Bar පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ නවතම සංචාරක හෝටල් ලෙස Pullman Colombo Downtown and Pullman Bentota Resort & Spa හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට Accor හි දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනී රංජු ඇලෙක්ස් මහත්මිය, හෝටල් හිමිකරුවන්, කළමනාකාරීත්වය මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ මෙරට ප්‍රමුඛ මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.




Pullman සන්නාමයේ ආගමනයත් සමඟ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සහ විවේකී සංචාරක ගමනාන්ත දෙකක් තුළ Accor සමාගමේ නියෝජනය තවදුරටත් ඉහළ යනු ඇත. කොළඹ නගරයේ පවතින වාණිජමය හැකියාවන් සහ බෙන්තොට වෙරළ තීරයේ ස්වාභාවික සුන්දරත්වය එකට යා කරමින්, මෙම හෝටල් ද්විත්වය ව්‍යාපාරික මෙන්ම විවේකය සොයා පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් Pullman සන්නාමයටම ආවේණික වූ නවීන සංචාරක සේවාවක් ලබා දෙනු ඇත.

හුදෙක් සමාරම්භයක් සනිටුහන් කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ අර්ථවත් අදහස් හුවමාරු කර ගැනීමට ද මෙය කදිම අවස්ථාවක් විය. මෙරට වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපාරික කටයුතු වර්ධනය කර ගන්නා අතරතුර, ශක්තිමත් සබඳතා ගොඩනැඟීමට Accor සමාගම තුළ ඇති කැපවීම මෙයින් මනාව පිළිබිඹු වේ. එමෙන්ම ව්‍යාපාරික කටයුතු, විවේකය සහ සමාජයීය සබඳතා එකට මුසුවූ Pullman සන්නාමයේ නවීන ආගන්තුක සත්කාර ක්‍රමවේදය සැබවින්ම අත්විඳීමටද පැමිණි අමුත්තන්ට මෙහිදී අවස්ථාව උදා විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Accor හි දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනී රංජු ඇලෙක්ස් මහත්මිය සඳහන් කර සිටියේ “Accor සමාගමේ දකුණු ආසියානු වර්ධන උපායමාර්ගය තුළ ඉතා වැදගත් වෙළෙඳපොලක් ලෙස ශ්‍රී ලංකාවට Pullman සන්නාමය හඳුන්වා දීම අපගේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.  කොළඹ සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි මෙම හෝටල් ද්විත්වය හරහා ව්‍යාපාරික මෙන්ම විවේකය සොයා පැමිණෙන සංචාරක ගමනාන්තයන් වෙත Pullman සන්නාමයේ නවීන ආගන්තුක සත්කාර අත්දැකීමක් ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. හෝටල් ජාලය පුලුල් කිරීමෙන් නොනැවතී දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනැඟීමට සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයට සක්‍රීයව දායක වීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම අවස්ථාවට එක්වෙමින් සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ සහ Softlogic Holdings හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක පතිරගේ මහතා ‘’Accor හි අපගේ හවුල්කරුවන් සමඟ එක්ව Pullman සන්නාමයේ ශ්‍රී ලාංකේය ප්‍රවේශය සැමරීමට ලැබීම පිළිබඳව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමට ඉතාමත් සතුටට පත් වනවා. Pullman Colombo Downtown සහ Pullman Bentota Resort & Spa යන හෝටල් ද්විත්වය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින සුවිශේෂී හැකියාවන් කෙරෙහි අප තුළ ඇති දිගුකාලීන විශ්වාසය මනාව පිළිබිඹු වන අතර, මෙම හෝටල් මෙරට ඉහළ පෙළේ සංචාරක ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් ඇති කරනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසීය.

Pullman සන්නාමය කොළඹ සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි සිය හෝටල් ආරම්භ කිරීමත් සමඟ, Accor සමාගම ශ්‍රී ලංකාව තුළ ලබන අඛණ්ඩ වර්ධනයේ තවත් වැදගත් පියවරක් සනිටුහන් වේ. මෙම හෝටල් ද්විත්වය එක්ව, ව්‍යාපාරික සහ විවේකී සංචාරක ගමනාන්තයන් පුරා එම සමූහයේ නියෝජනය ශක්තිමත් කරන අතරම, ක්ෂේත්‍රයේ අර්ථවත් හවුල්කාරිත්වයන් ගොඩනැඟීමට සහ ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පවතින අඛණ්ඩ වර්ධනයට සහය වීමට ඔවුන් තුළ ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Pullman Hotels & Resorts යනු නවීන සංචාරකයන් වෙනුවෙන්ම වෙන්වූ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර සන්නාමයකි. මෙම සන්නාමය මඟින් නවීන සැලසුම්, සුහදශීලී සේවාව, සුවිශේෂී ආහාර පාන අත්දැකීම්, සුවතා පහසුකම් සහ සජීවී සමාජයීය පරිශ්‍රයන් එකට යා කරමින් අමුත්තන්ට රාජකාරි කටයුතු කිරීමට, සබඳතා ගොඩනැඟීමට මෙන්ම විවේකීව කාලය ගත කිරීමට කදිම පරිසරයක් නිර්මාණය කර දෙයි. රාජකාරි සහ විවේකය මුසුවූ ජීවන රටාවන්ට මනා සහයෝගයක් දක්වන Pullman, සාම්ප්‍රදායික හෝටල් අත්දැකීමෙන් ඔබ්බට යමින්, පැමිණෙන අමුත්තන්ට දේශීය සංස්කෘතිය, ජනතාව සහ එම ගමනාන්තය සමඟ සමීපව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි.

Accor සමාගමේ නිල වෙන්කරවා ගැනීමේ පද්ධතිය සහ පාරිභෝගික ඇගයීම් වැඩසටහන වන ALL Accor හි සාමාජිකත්වය ඇති අමුත්තන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිවන අතර, ලොව පුරා පිහිටි ඔවුන්ගේ හෝටල්, අවන්හල් සහ වෙනත් සේවාවන් හරහා Reward points උපයා ගැනීමට මෙන්ම ඒවා භාවිත කිරීමටද අවස්ථාව උදා වේ. මීට අමතරව, ඔවුන්ගේ සාමාජිකත්ව මට්ටම අනුව විශේෂ පිළිගැනීමේ සංග්‍රහ, කාමර පහසුකම් ඉහළ නැංවීම්, කලින් හෝටලයට ඇතුළත් වීම සහ නියමිත වේලාවට පසුව පිටවීම වැනි තවත් අමතර වරප්‍රසාද රැසක්ද මෙහිදී භුක්ති විඳිය හැකිය.

Accor සමාගම දැනට ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපය පුරා Raffles, Fairmont, Sofitel, Pullman, Grand Mercure, Novotel, Mercure, Ibis, සහ Ibis Styles යන සන්නාමයන් යටතේ සුඛෝපභෝගී, ප්‍රමුඛ පෙළේ, මධ්‍යම ප්‍රමාණයේ සහ පිරිමැසුම්දායක (Luxury, Premium, Midscale and Economy) අංශයන් ආවරණය කරමින් හෝටල් 75 ක් පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම, එම සමූහයේ Lifestyle හෝටල් එකතුව නියෝජනය කරන Ennismore සන්නාමයද මෙම කලාපය තුළ සිය නියෝජනය පුළුල් කරමින් සිටින අතර, එහි නවතම පියවරක් ලෙස Morgans Originals හෝටලයක් වන Roswyn හෝටලය මෑතකදී මුම්බායි හිදී ආරම්භ කරන ලදී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව