වියට්ජෙට් (Vietjet) සමාගම ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සංචාරක සබඳතා ශක්තිමත් කරමින් හැනෝයි වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරයි. ඒ සඳහා ආසන වෙන්කරවා ගැනීමේ අවස්ථාව මේ වන විට විවෘතව පවතී

Vietjet passengers (LBN)

කොළඹ, 2026 නොවැම්බර් 2: වියට්ජෙට් සමාගම, වියට්නාමයේ අගනුවර වන හැනෝයි (Hanoi) වෙත නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ සහ මාලදිවයින සම්බන්ධ කෙරන මෙම නව ගුවන් ගමන් සේවාව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකික සංචාරකයින්ට නව විදෙස් ගමනාන්ත රැසක් වෙත වැඩි සංචාරක අවස්ථා සලසා දෙයි.

ඒ අනුව 2027 පෙබරවාරි 9 වන දින සිට කොළඹ හරහා ක්‍රියාත්මක වන මාලදිවයින – හැනෝයි ගුවන් ගමන් සේවාව සහ කොළඹ – හැනෝයි ගුවන් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිතයි. මෙම නව ගුවන් සේවාව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) වාර 03ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම නව ගුවන් ගමන් මාර්ග සඳහා ආසන වෙන් කරවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ. මෙහිදී ශ්‍රී ලාංකික මගීන්ට කොළඹ – මාලදිවයින ගුවන් ගමන් සඳහා වෙන වෙනම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව ද පවතින අතර, එමගින් සංචාරක සැලසුම් වඩාත් පහසුවෙන් සකස් කරගැනීමට අවස්ථාව උදා වෙනු ඇත.




මෙම නව ගුවන් ගමන් සේවාවන් මගින් දකුණු ආසියාව තුළ වියට්ජෙට් සමාගමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් වන අතර, දැනට ක්‍රියාත්මක වන කොළඹ–හෝ චි මිං ගුවන් ගමන් සේවාවටත්, ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත  මාලදිවයින–හෝ චි මිං ගුවන් සේවාවටත්, වියට්නාමය හා ඉන්දියාව අතර වියට්ජෙට්හි ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කිරීමටත් වැදගත් පියවරක් වනු ඇත.

මෙම හැනෝයි සංචාරය ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ සංස්කෘතිය හා සුන්දරත්වය විඳගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි. සියවස් ගණනාවක් පැරණි උරුමය සහ නූතන ජීවන රටාව මුසු වූ හැනෝයි නගරය, එහි පැරණි වීදි (Old Quarter) පුරා සැරිසැරීමටත්, හොආන් කියෙම් (Hoan Kiem) විල වටා නිදහසේ ඇවිදීමටත්, Temple of Literature ගවේෂණය කිරීමටත් සහ එහි ප්‍රසිද්ධ ආහාර සංස්කෘතියේ රස විඳීමටත් සංචාරකයින්ට අවස්ථාව ලැබේ. තවද, අගනුවරට ඔබ්බෙන් පිහිටි ලෝන්ග් බේ (Ha Long Bay) හි මනරම් භූ දර්ශන, උතුරු වියට්නාමයේ මහිමාන්විත කඳුකරය සහ ප්‍රදේශයේ රමණීය පාරම්පරික ගම්මාන ගවේෂණය කිරීමට ද සංචාරකයින්ට හැකියාව පවතී.

වියට්ජෙට් සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුළුල් කරමින්, ලොව පුරා ගමනාන්ත වෙත පහසුවෙන් ළඟාවීමට නව අවස්ථා රැසක් උදා කර දී තිබේ . ඒ අනුව 2026 දෙසැම්බර් 20 වන දින ආරම්භ වන ඩා නං (Da Nang)– ජකර්තා (Jakarta) නව ගුවන් ගමන් සේවාව ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් වාර 04 ක් යටතේ ක්‍රියාත්මක වන අතර එය ගිනිකොනදිග ආසියාව පුරා සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත. තවද, මෑතකදී  වියට්ජෙට් සමාගම  හරහා  හැනෝයි සිට කසකස්තානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්‍රාග් (Prag) දක්වා දුරස්ථ ගමනාන්ත සඳහා ගුවන් සේවා ද ආරම්භ කොට තිබේ.

කොළඹ සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ සුවිශේෂී සුන්දරත්වය විඳගැනීමටත්, එහි සංස්කෘතික විවිධත්වය හඳුනා ගැනීමටත්, අමතක නොවන සංචාරක අත්දැකීම් එක්කර ගැනීමටත් අවස්ථාව උදා වේ.  වියට්ජෙට්හි පුළුල් වෙමින් පවතින ගුවන් ගමන් ජාලය ඔස්සේ, ගුවන් මගීන්ට ආසියාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා පිහිටි ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර, එමගින් කලාපය ඇතුළු ඉන් ඔබ්බට පිහිටි ගමනාන්ත ගවේෂණය කිරීම සඳහා  වියට්ජෙට් විශ්වාසදායක සංචාරක සහකරුවෙකු බවට පත්වනු ඇත.

එසේ නම්, අදම වියට්ජෙට් සමඟින් ඔබේ ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගෙන වියට්නාමයේ මෙන්ම ලොව පුරා ඇති සුවිශේෂී ගමනාන්ත ගවේෂණය කිරීමට සූදානම් වන්න!

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව