වියට්ජෙට් 11/11 මෙගා සේල් වෙතින් ඇමරිකානු ඩොලර් 188 සිට Eco ගුවන් ටිකට්පත් සහ Deluxe ගාස්තු සඳහා 25%ක වට්ටම්

SRI-LANKA-KV-SALE-10-10-ECO (LBN)

කොළඹ, 2026 නොවැම්බර් 10: ඔබ වියට්නාමයට හෝ ආසියාවේ වෙනත් රටකට සංචාරයක් සැලසුම් කරනවාද? එසේ නම්, 11/11 Double Day  වෙතින් වියට්ජෙට් ගුවන් සමාගම දියත් කර ඇති දින තුනක Golden Sale විශේෂ දීමනා වැඩසටහනක සමඟින් වඩාත් සහනදායී මිලකට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙම සුවිශේෂී දීමනාව යටතේ  ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 188 (සියලු බදු හා ගාස්තු ඇතුළුව) සහ Deluxe පන්තියේ මූලික ගාස්තු සඳහා 25% ක වට්ටමක් ද හිමි වනු ඇත . ශ්‍රී ලාංකික සංචාරකයින්ට කොළඹ සිට හැනෝයි, හෝ චි මිං නගරය සහ මාලදිවයින වෙත ක්‍රියාත්මක වන ගුවන් ගමන් සඳහා ද මෙම සුවිශේෂී දීමනාව අදාළ වේ.




මෙම දීමනාව අද සිට 2026 නොවැම්බර් 12 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 21:30 දක්වා, මගීන්ට www.vietjetair.com හෝ Vietjet Air වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම හරහා Eco ටිකට්පත් වෙන්කරවා ගත හැකිය. මෙම ටිකට්පත් 2026 දෙසැම්බර් 1 සිට 2027 මැයි 31 දක්වා කාලය තුළ ගුවන් ගමන් සඳහා වලංගු වේ (විශේෂ දින/Blackout dates අදාළ වේ). සංචාරයේදී වැඩි පහසුවක් සහ නම්‍යශීලී බවක් අපේක්ෂා කරන මගීන්ට VJINT11 ප්‍රවර්ධන කේතය (Promo Code) භාවිත කර, 2027 අප්‍රේල් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා Deluxe ගාස්තුවලින් 25%ක් දක්වා වට්ටමක් ලබාගත හැකිය.

වියට්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ගුවන් ගමන් ජාලය ශීඝ්‍රයෙන් පුළුල් කරමින් සිටින අතර, ශ්‍රී ලංකාව මේ වනවිට එම සමාගමේ වේගයෙන්ම වර්ධනය වන වෙළෙඳපොළ අතරට එක්ව තිබේ.  එමෙන්ම දැනට පවතින හෝ චි මිං නගරය දක්වා වන ගුවන් සේවාවට අමතරව 2026 දෙසැම්බර් මාසයේ දී කොළඹ-මාලදිවයින සහ 2027 පෙබරවාරි මාසයේ දී කොළඹ-හැනෝයි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

හැනෝයිහි ඓතිහාසික උරුමයන්ගෙන් පිරි වීදිවල සංචාරය කිරීම, හෝ චි මිං නගරයේ නවීන නාගරික ජීවිතය අත්විඳීම මෙන්ම වියට්නාමයේ සුන්දර වෙරළ තීරයන් රසවත් ආහාර සංස්කෘතිය භුක්ති විදීම දක්වාත්, විවිධ සංචාරක අත්දැකීම් පහසුවෙන් විඳගැනීමට වියට්ජෙට් ගුවන් සමාගම සංචාරකයින්ට අවස්ථාව ලබා දෙයි. එමෙන්ම වියට්ජෙට්හි පුළුල් වෙමින් පවතින ගුවන් ගමන් ජාලය ඔස්සේ, ගුවන් මගීන්ට ආසියාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා පිහිටි ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ඇත.

වියට්ජෙට්හි, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ගුවන් යානා , වඩාත් සහනදායි පාරිභෝගික සේවාවන් සහ ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබන උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක රසය විඳීමට අවස්ථාව ලබා දෙයි. පොළොවේ සිට මීටර් 10,000ක් පමණ ඉහළ අහසේදී සංස්කෘතික හා විනෝදාස්වාද වැඩසටහන් විඳගන්නා අතරතුර, වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho), ‘බාන් මී’ (Banh Mi) සහ වියට්නාම අයිස් මිල්ක් කොෆී (Vietnamese iced milk coffee) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර එය මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.

වියට්ජෙට් සමඟින් වියට්නාමයේ සුන්දරත්වය අත්විඳිමින් ලොව පුරා නව ගමනාන්ත කරා පියාසර කිරීමටත්, සහනදායි ගාස්තු යටතේ ඔබගේ මීළඟ ගුවන් ගමන වෙන්කරවා ගැනීමටත් ලැබෙන මෙම තෙදින සුවිශේෂී අනගි අවස්ථාව මග නොහරින්න!



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව