ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වෙමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට CARNAGE එක් වෙයි

Image III (LBN)

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීම උදෙසා කැපී පෙනෙන මෙහෙවරක නිරත වන මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා ඇඟලුම් සන්නාමයක් වන CARNAGE, ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළට සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී. දේශීය ක්‍රීඩා දක්ෂතා ජාත්‍යන්තරයට රැගෙන යාම වෙනුවෙන් CARNAGE සන්නාමය දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාවය තුළින් තවදුරටත් මැනවින් පෙන්නුම් කරයි.

මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) සහ CARNAGE අතර පවතින පුළුල් සබඳතාවයේ තවත් එක් වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මේ යටතේ ඩකාර් 2026 යොවුන් ඔලිම්පික් උලෙළ ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් රැසක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ “නිල ක්‍රීඩා ඇඟලුම් සහකරු” ලෙස කටයුතු කිරීමේ අවස්ථාව CARNAGE සන්නාමය වෙත හිමිව තිබේ.




මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා, පිහිනුම්, බැඩ්මින්ටන් සහ ටයිකොන්ඩෝ යන ක්‍රීඩා ඉසව් හතරක් නියෝජනය කිරීමට නියමිතය. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු පෙරදැරි කරගත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට මෙලෙස සූදානමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් CARNAGE හි නිර්මාතෘ ජොඑල් තිලකරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතහිත දීම CARNAGE සන්නාමයේ මූලිකම අරමුණක් වන අතර අපේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැබෑ දක්ෂතා ගැන අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම, ඔවුන්ට උපරිම දක්ෂතා කරා ළඟා වීමට නිසි සහයෝගයක් අවශ්‍ය බවත් අප හොඳින්ම දන්න කාරණයක්. දේශීය සන්නාමයක් විදිහට අපේ වගකීම වෙන්නේ ක්‍රීඩකයින් ජාත්‍යන්තර මට්ටමට පැමිණි පසු ඔවුන්ව ඇගයීමට ලක් කිරීම පමණක් නොව ඔවුන්ගේ සමස්ත ක්‍රීඩා ගමනටම ශක්තියක් වීමයි. අපගේ විවිධ සහයෝගීතාවයන් සහ CARNAGE Athlete Foundation හරහා, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහය, සම්පත් සහ අවස්ථා ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගනිමින් ඉහළම මට්ටමේ තරගාවලිවලදී පූර්ණ විශ්වාසයකින් යුතුව තරග කිරීමට ඔවුන්ට හැකි වෙතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.

ජාත්‍යන්තර තරගාවලිවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වීම යනු CARNAGE හට හුදෙක් කණ්ඩායමක අනුග්‍රාහකයෙකු වීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී වගකීමකි. එය ඔවුන්ගේ ක්‍රීඩා ගමනේ සැබෑ හවුල්කරුවෙකු වෙමින්, ඔවුන්ට ඉදිරියට යාමට, ඔවුන් දක්වන කැපවීම අගය කිරීමට සහ ඔවුන්ට තරග වැදීමට, කුසලතා වර්ධනය කරගැනීමට මෙන්ම ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය පසුබිම සකසා දීමකි. ක්‍රීඩා කුසලතාවන් ඇගයිය යුත්තේ ජයග්‍රහණයේදී පමණක් නොව, එම ජයග්‍රහණය උදෙසා ඔවුන් කැපවන සමස්ත ගමන් මඟ පුරාම බව CARNAGE හි විශ්වාසයයි.

මෙරට ප්‍රමුඛතම Fitness and Lifestyle සන්නාමයක් වන CARNAGE, ඩකාර් 2026 තරගාවලිය සඳහා මෙලෙස අනුග්‍රාහකත්වය ලබා දීම දේශීය ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය කිරීමට සහ සමස්ත ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමට ඔවුන් දක්වන පුළුල් කැපවීම තවත් ශක්තිමත් කරයි. CARNAGE Athlete Foundation යනු සමස්ත රට වෙනුවෙන් CARNAGE සන්නාමය භාරගෙන ඇති මෙම ජාතික වගකීමට කදිම සාක්ෂියකි. “මීළඟ පරම්පරාවේ ශූරයින් දිරිගැන්වීම” යන මූලික අරමුණ පෙරදැරි කරගනිමින්, මෙම පදනම මේ වන විටත් විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට සිය සහයෝගය ලබා දී ඇත.

සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම දක්ෂතාවය හුදු පුද්ගලික ජයග්‍රහණයකට පමණක් සීමා නොවී ඔවුන් ජාත්‍යන්තර තලයේදී මෙරට ක්‍රීඩාවේ අනාගත සාර්ථකත්වය ද නියෝජනය කරන බව CARNAGE හි විශ්වාසයයි. එවැනි සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම සඳහා සාමූහික කැපවීමක් අවශ්‍ය වන අතර, ආයෝජන, සම්පත් සහ අවස්ථා ලබා දෙමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ව්‍යාපාරික අංශයට විශාල මෙහෙවරක් කළ හැකිය. ක්‍රීඩකයන්ගේ ගමන් මඟ පුරාවටම ව්‍යාපාරික ආයතන ඔවුන් පිටුපස ශක්තිමත් පවුරක් ලෙස සිටින්නේ නම්, ජාත්‍යන්තර මට්ටමින් තරග කළ හැකි ලෝක පූජිත ක්‍රීඩකයන් බිහි කිරීමටත්, ලොව දක්ෂතමයන් අතරට ශ්‍රී ලංකා නාමය රැගෙන යාමටත් ශක්තිමත් පදනමක් නිර්මාණය වනු ඇත.

සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම දක්ෂතාවය හුදු පුද්ගලික ජයග්‍රහණයකට පමණක් සීමා නොවී ඔවුන් ජාත්‍යන්තර තලයේදී මෙරට ක්‍රීඩාවේ අනාගත සාර්ථකත්වය ද නියෝජනය කරන බව CARNAGE හි විශ්වාසයයි. එවැනි සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම උදෙසා සාමූහික කැපවීමක අවශ්‍යතාවය හඳුනාගනිමින්, ආයෝජන, සම්පත් සහ නව අවස්ථා සපයමින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට CARNAGE දැනටමත් පෙරමුණ ගෙන සිටී. ක්‍රීඩකයින්ගේ ගමන් මඟ පුරාවටම සන්නාමයක් ලෙස මෙලෙස ඔවුන්ට ශක්තියක් වෙමින් ජාත්‍යන්තර මට්ටමින් තරග කළ හැකි ලෝක පූජිත ක්‍රීඩකයන් බිහි කිරීමටත්, ලොව දක්ෂතමයන් අතරට ශ්‍රී ලංකා නාමය රැගෙන යාමටත් CARNAGE ශක්තිමත් පදනමක් නිර්මාණය කරයි.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව