INSEE Supplier Excellence Awards 2026 සම්මාන උළෙලේදී සැපයුම්කරුවන් ඇගයීමට ලක් කෙරේ

IMG01 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි.

මෙම උත්සවයේදී INSEE සමාගම සමඟ අඛණ්ඩව කටයුතු කරන, විශිෂ්ට දස්කම් දැක්වූ සහ සහයෝගය දුන් ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් රැසක් අගයමින් සම්මාන පිරිනැමීම සිදු කෙරිණ.

සැපයුම්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ INSEE සේවකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය, විශිෂ්ටත්වය, සහයෝගීතාව සහ හවුල්කාරීත්වය තුළින් ලැබූ සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් වූ සුවිශේෂී ඉසව්වක් විය. මෙහිදී නිෂ්පාදන සේවා, සාමාන්‍ය පරිපාලන සේවා, සැපයුම් දාම (Logistics), ප්‍රවාහන සහ ද්‍රව්‍ය හැසිරවීම (Material handling) යන අංශ යටතේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ සැපයුම්කරු කාණ්ඩ සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී.




සැපයුම්කරු සම්මාන 25ක් සහ සේවක සම්මාන 6ක් ද ඇතුළුව විශිෂ්ටතා සම්මාන 31ක් ප්‍රදානය කරන ලදී. මෙහිදී සැපයුම්කරුවන් සඳහා රන්, රිදී සහ ලෝකඩ කාර්යසාධන විශිෂ්ටතා සම්මාන හිමි වූ අතර, නව්‍යකරණය (Innovation), අගය එකතු කිරීම (Value creation), ආරක්‍ෂාව සහ තිරසරභාවය (Sustainability) යන අංශවලින් දස්කම් දැක්වූවන් විශේෂ විශිෂ්ටතා සම්මාන මඟින් ඇගයීමට ලක් කෙරිණි. මීට අමතරව, හොඳම අධීක්ෂක (Best Supervisor) සහ හොඳම භාරකරු (Best Custodian) සම්මාන අංශ යටතේ INSEE සේවකයින් ද ඇගයීමට ලක් කෙරිණ.

INSEE ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින්, “සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල යනු, අපගේ දෛනික මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට සහයෝගය ලබා දෙන හවුල්කරුවන් අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී ඉසව්වක්. ශක්තිමත් සැපයුම්කරු සබඳතා, අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන විශ්වසනීයත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳ මනා තහවුරුවක්. ඒ වගේම මේ තුළින් ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත් හා වගකීම් සහගත ඉදිකිරීම් කර්මාන්තයක් ගොඩනැංවීම සඳහා හොඳ පදනමක් ගොඩනඟනවා. මේ වසරේ තේමාව වන ‘සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය’ යන්නෙන් නිරූපණය වන්නේද, නිෂ්පාදන සහ සේවාවන් හරහා පමණක් නොව, සහයෝගීතාව සහ විශිෂ්ටත්වය සඳහා වූ හවුල්කාරී කැපවීම හරහා අප එකතු වී නිර්මාණය කරන අඛණ්ඩ වටිනාකම් සමූහයයි.”

මෙම සම්මාන උළෙල මඟින් නිරූපණය වන ප්‍රධාන කරුණක් වන්නේ, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සැපයුම් දාමයේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශක්තිමත් සහ විශ්වාසදායක හවුල්කාරිත්වයන් ගොඩනැංවීමට INSEE සමාගමේ ඇති කැපවීමයි. මෙම හවුල්කාරිත්වයන් හරහා පාරිභෝගිකයන් තුළ මනා විශ්වාසයක් ගොඩනැඟෙන අතර, ඒ හරහා INSEE සමාගමේ නිෂ්පාදන සහ සේවාවන්ගේ ඇති ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය, ආරක්‍ෂාව සහ ඉහළ මෙහෙයුම් ප්‍රමිතීන් වෙනුවෙන් කැප වූ විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගේ සහයෝගය ලබන බව නැවත වරක් තහවුරු වේ.

නව්‍යකරණය, තිරසරභාවය සහ ආරක්ෂිත පිළිවෙත් වැනි අංශ රැසක් ඔස්සේ සැපයුම්කරුවන් ඇගයීම මඟින්, පුළුල් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වගකීම් සහගත ව්‍යාපාරික සංස්කෘතියක් ඇති කිරීමේ වැදගත්කම ද තවදුරටත් තහවුරු කරන්නට INSEE සමාගම සමත්ව ඇත. “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” යන තේමාව යටතේ අඛණ්ඩව සිදු කෙරෙන මෙම සහයෝගීතාව හරහා, සැපයුම්කරුවන් සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමටත්, වඩාත් ස්ථාවර සහ තිරසර ඉදිකිරීම් අංශයකට දායක වීමටත් INSEE අපේක්ෂා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව