
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, දිවයින පුරා සේවකයින්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත ජාතික වෙරළබඩ හා ජලජ කලාප සංරක්ෂණ වැඩසටහනක් දියත් කලේය. සැප්තැම්බර් 19 වන දින පැවැත්වූ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ස්ථාන 20ක දී අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලදී.
‘සුපිරිසිදු වෙරළ තීරයක් තිරසර අනාගතයක්’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම මුලපිරීම සාම්ප්‍රදායික වෙරළ පිරිසිදු කිරීමකට වඩා එහා ගිය දීප ව්‍යාප්ත වැඩසටහනක් විය. දිවයින පුරා සිටින ප්‍රජාවන්ට එක් ජාතික පාරිසරික ප්රයත්නයකට දායක වීමට හැකිවන ලෙස පැවති මෙම වැඩසටහන මගින් වෙරළබඩ ස්ථාන 16 ක් සහ අභ්‍යන්තර ජල මාර්ග හතරක් ආවරණය කරන ලදී.
මෙහි සමාරම්භක උත්සවය කොළඹ කේන්ද්‍ර කරගෙන පැවති අතර උත්සවය පැවැත් වූ ගල්කිස්ස වෙරළ මෙන් ම වැල්ලවත්ත වෙරළ සහ ගාලු මුවදොර වෙරළ යන ප්රමුඛ ස්ථාන තුනකදී අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් ආරම්භ විය. ඊට සමගාමීව බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල විසින් දිවයින පුරා තෝරාගත් වෙරළ තීරයන්හි මෙන් ම ගොඩබිම ආශ්රිත ජලජ පරිසර පද්ධතිවල අදාල සංරක්ෂණ කටයුතු සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ පරිමාණයට සරිලන පරිදි ම ඊට සම්බන්ධ වූ පාර්ශවකරුවන්ගෙන් ද ඉතා පුළුල් සහභාගීත්වයක් ලැබුනි. සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය (MEPA), එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UNGC) ශ්‍රී ලංකා ජාලය, අදාල රාජ්‍ය හා ප්‍රාදේශීය බලධාරීන්, පාරිසරික සංවිධාන සහ ජනතාව සමඟ එක්ව කොමර්ෂල් බැංකු සේවක පිරිස, ආයතනික කළමනාකාරීත්වය, ප්‍රාදේශීය කාර්යාල හා ශාඛා, බැංකුවේ ‘Future Force’ ස්වේච්ඡා කණ්ඩායම, පාරිභෝගික භවතුන් හා පවුලේ පිරිස් සහ වෙනත් ස්වේච්ඡා සේවකයින් මෙම වැඩසටහනට තම දායකත්වය දැක්වීය.
පාරිසරික වැදගත්කම, පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව, ප්‍රජා සහභාගීත්වය, ආරක්ෂාව සහ හවුල්කාරීත්ව අවස්ථා වැනි සාධක මත පදනම්ව මෙම ස්ථාන 20 තෝරාගත් බව බැංකුව ප්‍රකාශ කලේය. කළුතර කැලිඩෝ වෙරළ, අකුරාල වෙරළ, මීගමුව කම්මල් මෝය වෙරළ උද්‍යානය, ත්‍රිකුණාමලය වෙරළ (ඩොක්යාඩ් පාර), මඩකලපුව කල්ලඩි වෙරළ, පුත්තලම කලපුව, කුඹිච්චන්කුලම වැව, පරාක්‍රම සමුද්‍රය, පේදුරුතුඩුව වෙරළ සහ ප්‍රදීපාගාර ප්‍රදේශය, යාපනය (පන්නයි), ගාල්ල කොටුව ප්‍රදීපාගාර වෙරළ, රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දොන්ඩ්රා වෙරළ, තංගල්ල ඔරුවැල්ල වෙරළ, හලාවත විශ්‍රාම ශාලාව ඉදිරිපිට වෙරළ, බොපත් ඇල්ල සහ මහවැලි ගඟ (පොල්ගොල්ල වේල්ල ප්‍රදේශය) මෙම වැඩසටහනට ඇතුළත් වූ ස්ථාන අතර විය.
ක්‍රියාකාරකම්වල ක්ෂණික පාරිසරික ප්‍රතිලාභවලට අමතරව, ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා ජලජ පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ වගකිවයුතු ලෙස පාරිසරික පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිලිබඳව පුළුල් මහජන දැනුවත්භාවයක් ගොඩනැඟීම ද මෙම වැඩසටහනේ අපේක්ෂාවක් විය. අභ්‍යන්තර ජලජ පරිසරයන්ට මෙන් ම වෙරළබඩ ප්‍රදේශවලට ද මෙම මුලපිරීම දිවයින පුරා ව්‍යාප්ත කිරීමෙන් කොමර්ෂල් බැංකුව වෙරළට සෘජු ප්‍රවේශයක් නොමැති කලාපවලට පවා ජාතික මට්ටමේ ක්‍රියාදාමයකට සහභාගී වීමට අවස්ථාව සලසා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස සහයෝගය සහ ස්වේච්ඡා සේවය තුළින් දෘශ්‍යමාන පාරිසරික බලපෑමක් ඇති කිරීම සඳහා ජාතික බැංකු ජාලයක් භාවිතා කළ හැකි ආකාරය මනාව පෙන්නුම් කරන දීප ව්‍යාප්ත ක්‍රියාදාමයක් ඇති කිරීමට හැකි විය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.


