වසරේ රක්ෂණ නියෝජිත ගෝලීය සම්මානය සඳහා සෙලින්කෝ ලයිෆ්හි ඒ.අයි.පී. මංජුල අවසන් තරගකරුවන් තිදෙනා අතරට

ATLAA 2026 - AIP Manjula (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත.

ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ තුලින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වී ඇති බවද සමාගම පවසයි.

මෙම ඇගයීම මඟින් සෙලින්කෝ ලයිෆ් හි රක්ෂණ නියෝජිත කණ්ඩායමේ වෘත්තීය මට්ටම සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු වන අතර පාරිභෝගිකයන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම, කැපවීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් මංජුල මහතාට මෙම පිළිගැනීම හිමි වූ අතර එය කලාපීය මට්ටමින් ලැබූ සුවිශේෂී පෞද්ගලික ජයග්‍රහණයක් වෙයි. ATLAA වැඩසටහන මඟින් ඉහළ කාර්යසාධනයක් හිමි, විශිෂ්ට වෘත්තීය නිපුණතාවක් ඇති, පාරිභෝගික විශ්වාසය සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ යහපත වෙනුවෙන් කැපවීමක් පෙන්නුම් කරන වෘත්තිකයන් ඇගයීමට ලක් කරයි.




ATLAA 2026 සම්මාන උළෙල සඳහා දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව සහ ආසියා-පැසිෆික් කලාපය පුරා රටවල් රැසකින් නාමයෝජනා ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, වියට්නාමය, හොංකොං, තායිවානය, චීනය, මැකාවු, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් ඊට ඇතුළත් විය.

“දැඩි තරගකාරීත්වයකින් යුත් කලාපයක් තුළ මංජුල මහතා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත්වීම ශ්‍රී ලංකාවේ රක්ෂණ වෘත්තීයභාවයට ලැබුණු සුවිශේෂී පිළිගැනීමක් ලෙස සැලකිය හැකියි. රක්ෂණ උපදේශනයේදී පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ දිගුකාලීන අවශ්‍යතා ප්‍රමුඛස්ථානයේ තැබීමේ වැදගත්කමද මෙයින් තහවුරු වේ,” යනුවෙන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව