
සාප්පු සවාරි, ආහාරපාන, සංචාර සහ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පිරිනැමෙන උත්සව සමයේ දීමනා මගින් වසර අවසාන වියදම් වඩාත් නම්‍යශීලීව කළමනාකරණය කර ගැනීමට කාඩ්පත් හිමියන්ට අවස්ථාව
කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව සිය 2026 නත්තල් කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇති අතර, ඒ යටතේ DFCC ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් වෙළෙඳ ආයතනවලින් 70% දක්වා ඉතුරුම්, සුදුසුකම් ලබන ගනුදෙනු සඳහා 3% දක්වා Cashback දීමනා සහ මාස 48ක් දක්වා විහිදෙන 0% පහසු ගෙවීමේ සැලසුම් පිරිනැමේ.
“Season එක සරසන SWIPE එක” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ, ගෘහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ, සුපිරි වෙළෙඳසැල්, ආහාරපාන, සංචාරක සහ විනෝදාස්වාද යන ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි දීමනා රැසක් එක් කර තිබේ.
නිවස උත්සව සමයට සූදානම් කිරීම සහ තෑගි භෝග මිලදී ගැනීමේ සිට පවුලේ අය සහ හිතමිතුරන් හමුවීම, පිටතින් ආහාර ගැනීම සහ නිවාඩු කාලය තුළ සංචාරය කිරීම දක්වා වසර අවසානයේදී ඇති වන විවිධ වියදම් සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් දීමනා ඉදිරිපත් කර තිබේ. වෙළෙඳ ආයතන දීමනා (Merchant Offers), Cashback ප්රතිලාභ සහ වාරික ගෙවීමේ විකල්ප එකිනෙකට වෙනස් ආකාරයෙන් ලබා දීම තුළින්, සිය අයවැයට ගැළපෙන පරිදි මෙම වියදම් සැලසුම් කර ගැනීමට DFCC බැංකුව ගනුදෙනුකරුවන්ට විවිධ මාර්ග සලසා දෙයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති / කාඩ්පත් අංශ ප්‍රධානී අමන්දා සෙනෙවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය: “උත්සව සමයේ තෑගි බෝග මිලදී ගැනීම, සංචාරය කිරීම සහ නිවසේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවුලේ අයවැයට බරක් නොවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීමට අපි මෙම වැඩසටහන සැලසුම් කළා. මේ හරහා ලැබෙන වට්ටම්, Cashback දීමනා සහ 0% පහසු ගෙවීමේ ක්‍රම මගින් උත්සව සමයේ සතුට ඒ ආකාරයෙන්ම විඳගනිමින්, සිය මුදල් වඩාත් ඵලදායී ලෙස පාලනය කර ගැනීමට අපගේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව හිමිවෙනවා.”
සුදුසුකම් සහිත කාඩ්පත් හිමියන්ට තෝරාගත් මිලදී ගැනීම් සඳහා 0% පහසු ගෙවීමේ සැලසුම් බවට පරිවර්තනය කළ හැකි අතර, ඒ හරහා සිය වියදම් එකඟ වූ කාලසීමාවක් පුරා බෙදා ගෙවීමට අවස්ථාව හිමි වේ. තවද සුදුසුකම් ලබන ගනුදෙනු සඳහා Cashback දීමනා මගින් අමතර වටිනාකමක් ලබා දෙන අතර, අදාළ ප්‍රවර්ධන කාලසීමාවන් තුළ සහභාගී වන වෙළෙඳ ආයතන හරහා ඉතුරුම් (Merchant Savings) හිමි වේ.
ස්පර්ශයකින් තොරව සිදු කරන ගෙවීම් (Contactless payments), වෙළෙඳසැල් තුළ සිදු කරන ගෙවීම් සහ මාර්ගගත ගෙවීම් (Online payments) සඳහා DFCC කාඩ්පත් භාවිත කළ හැකි බැවින්, ගනුදෙනුකරුවන්ට තමන් සාප්පු සවාරි යන ආකාරය සහ ස්ථානය පිළිබඳව වැඩි පහසුවක් සහ නිදහසක් හිමි වේ. තවද, උත්සව සමය තුළ සිය ගිණුම් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ වියදම් පිළිබඳව වඩාත් සමීප අවධානයක් යොමු කිරීමට DFCC බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හරහා ගනුදෙනුකරුවන්ට හැකියාව ඇත.
එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසු කිරීමට සහ නිවසේ වියදම් ඉහළ යා හැකි කාලවලදී ගනුදෙනුකරුවන්ට ප්‍රායෝගික වටිනාකමක් ලබා දීමට DFCC බැංකුව ගන්නා පුළුල් උත්සාහයේ කොටසක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ගනුදෙනුකරුවන්ට සහභාගී වන වෙළෙඳ ආයතන, ප්‍රවර්ධන කාලසීමාවන්, සුදුසුකම් සපුරාලීමේ අවශ්‍යතා සහ අදාළ නියමයන් හා කොන්දේසි www.dfcc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකි අතර, වැඩිදුර තොරතුරු සඳහා 011 2 350000 ඔස්සේ DFCC බැංකුව ඇමතිය හැකිය.
සියලුම දීමනා අදාළ නියමයන් සහ කොන්දේසිවලට යටත් වේ. වෙළෙඳ ආයතනවල සහභාගීත්වය, දීමනා කාලසීමාවන්, අවම ගනුදෙනු වටිනාකම්, Cashback සීමාවන් සහ පහසු ගෙවීමේ සැලසුම් කාලසීමාවන් (Tenures) වෙනස් විය හැකිය.


