
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වීසා සහ සංක්‍රමණ උපදේශන සේවා සපයන ආයතනයක් වන Prime Visa Centre Honor of Business Talent 2026 සම්මාන උළෙලේදී Outstanding Visa and Immigration Consultancy Services – Customer and Service Excellence සම්මානයෙන් පිදුම් ලැබීය. වසර 17ක් පුරා ජාත්‍යන්තර අධ්‍යාපන සහ සංක්‍රමණ උපදේශන ක්ෂේත්රයේ විශ්වාසනීය සේවාවක් සපයමින් ආයතනය පැමිණි සාර්ථක ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස මෙම ජයග්‍රහණය සනිටුහන් වේ. විදේශීය අධ්‍යාපනය, වීසා අයැදුම් පත් ක්‍රියාවලිය සහ සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් වෘත්තීයමය, විශ්වාසනීය සහ පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන සේවාවක් සැපැයීම වෙනුවෙන් Prime Visa Centre ආයතනය දක්වන කැපවීම මෙම සම්මානය මඟින් ඇගැයීමට ලක් වී තිබේ. පසුගිය වසර 17 තුළ විදේශවල උසස් අධ්‍යාපන, වෘත්තීය සහ පදිංචි වීමේ අවස්ථා අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට, වෘත්තිකයන්ට සහ පවුල්වලට අවශ්‍ය මඟ පෙන්වීම සපයමින් ආයතනය ක්ෂේත්රය තුළ සිය අනන්‍යතාව ගොඩ නඟා ගෙන ඇත. වයස අවුරුදු 7 සිට 55 දක්වා පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් සේවා සපයන Prime Visa Centre අධ්‍යාපන උපදේශනය, විශ්ව විද්‍යාල ප්‍රවේශය, වීසා අයැදුම් පත් සඳහා සහාය, විදේශීය අධ්‍යාපන ණය පහසුකම් සහ විදේශවල පදිංචි වීම පිළිබඳ උපදේශනය ඇතුළු පුළුල් සේවා රැසක් පිරිනමයි. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන 700කට අධික සංඛ්‍යාවක් සමඟ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය ආයතනය සතු ප්‍රධාන ශක්තියකි.
විදේශීය උසස් අධ්‍යාපනය ශ්‍රී ලාංකික සිසුන් වැඩි පිරිසකට ළඟා කර දීමේ අරමුණෙන් රුපියල් මිලියනයක පමණ මුදලකින් ආරම්භ වන අධ්‍යාපන වැඩසටහන් සඳහා අවස්ථා හඳුන්වා දීමට ආයතනය කටයුතු කරයි. එමෙන්ම අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව අවස්ථා සඳහා අවශ්‍ය මඟ පෙන්වීමද සපයයි. එමඟින් මූල්‍ය අභියෝග අවම කර ගනිමින් ජාත්‍යන්තර අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. Prime Visa Centre ආයතනයේ සේවාවල විශේෂත්වයක් වන්නේ එක් එක් අයැදුම්කරුගේ අධ්‍යාපන සුදුසුකම්, ආර්ථික පසුබිම, වෘත්තීය අරමුණු සහ කැමති රට අනුව පෞද්ගලික අවශ්‍යතාවලට ගැළැපෙන උපදේශන සේවාවක් සැපැයීමයි. සුදුසු විශ්ව විද්‍යාලයක් සහ පාඨමාලාවක් තෝරා ගැනීමේ සිට ඇතුළත් වීමේ සුදුසුකම් සැපිරීම සහ වීසා අයැදුම් කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය තුළ විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම සහ පහසු සේවා අත්දැකීමක් සැපැයීමට ආයතනය ප්‍රමුඛත්වය දෙයි. විදේශවල අධ්‍යාපනය ලැබූ අත්දැකීම් සහිත වෘත්තීය උපදේශකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආයතනයේ සේවා ගුණාත්මකභාවය තව දුරටත් ශක්තිමත් කරයි. ඔවුන් සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ ප්‍රායෝගික දැනුම අයැදුම්කරුවන්ට නිවැරැදි තීරණ ගැනීමට වැදගත් මඟ පෙන්වීමක් සපයයි. මීට අමතරව විවිධ රටවල මහ කොමසාරිස් කාර්යාල සංවිධානය කරන පුහුණු වැඩසටහන් සඳහා ආයතනයේ අධ්යක්ෂවරු සහ උපදේශකවරු සහභාගි වෙමින් වීසා නීති රීති සහ සංක්‍රමණ ක්‍රියාපටිපාටිවල සිදු වන නව වෙනස්කම් පිළිබඳ සිය දැනුම නිරන්තරයෙන් යාවත්කාලීන කර ගනිති. Honor of Business Talent 2026 සම්මාන උළෙලේදී හිමි වූ මෙම ඇගැයීම පාරිභෝගික තෘප්තිය, වෘත්තීයමය විශිෂ්ටත්වය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම වෙනුවෙන් Prime Visa Centre ආයතනය දක්වන අඛණ්ඩ කැප වීමට ලැබුණු වැදගත් පිළිගැනීමකි. සාර්ථක සේවා ගමනක වසර 17ක් සපුරන Prime Visa Centre ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර අධ්‍යාපන සහ සංක්‍රමණ අවස්ථා විශ්වාසයෙන් යුතුව ගවේෂණය කිරීමට අවශ්‍ය සහාය දීම සිය ප්රමුඛ අරමුණ කර ගෙන සිටී. පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය, පළපුරුදු වෘත්තීය කණ්ඩායම සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාවේ වීසා සහ සංක්‍රමණ උපදේශන ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් ලෙස සිය ස්ථානය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට ආයතනය අපේක්ෂා කරයි.


