
2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මාලදිවයිනට අයත් Sun Siyam Resort හි ‘Privé Collection හි කොටසක් වන Sun Siyam Pasikudah හි විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙන බව නිවේදනය කොට තිබේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සංස්කෘතික උරුමය, ප්‍රණීත ආහාර මෙන්ම ස්වභාව සෞන්දර්යය අගය කරමින්, ප්‍රජා මූලික තිරසාර ක්‍රියාකාරකම් ද සහිතව මුළු දවස පුරා මෙම සැමරුම පැවැත්වේ.
මෙම වැඩසටහන දේශීය ආහාර වර්ග ඇතුළත් සුවිශේෂී බුෆේ සංග්‍රහයකින් ආරම්භ කිරීමට සූදානම් කර ඇත. ඉන්පසුව සාමාන්‍යයෙන් හෝටල් තුළ ඉතා අඩුවෙන් දක්නට ලැබෙන විවිධ ප්‍රදේශවලට අයත් ආවේණික කෙටි ආහාර සහ පාරම්පරික කැවිලි වර්ග ඇතුළත් වීදි ආහාර සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලෝක සංචාරක දිනය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද mocktail සහ cocktail පාන වර්ගවල රසය දවස පුරාම අත්විඳිය හැකි අතර, සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නර්තනාංග ඔස්සේ දිවයිනේ සංස්කෘතික උරුමය සංචාරකයින් වෙත සජීවීව ගෙනහැර දැක්වීමට නියමිතව තිබේ.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව, සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබේ. මෙම ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය වඩාත් තිරසාර හා වගකීම් සහගත දිශාවකට ගෙන යාම සඳහා Sun Siyam Pasikudah හි කැපවීම මනාව විදහා දැක්වේ.
පාසිකුඩා වෙරළතීරයේ නිසල දිය දහරාව අසල පිහිටි මෙම නිකේතනයේ Garden Pavilions, Ocean Pavilions, Private Pool Pavilions සහ Two Bedroom Pool Beach Villas ඇතුළත් පැවිලියන් ආකාරයේ නවීන කාමර 34ක් සමන්විත වේ. ඒ සෑම සැලසුමක්ම පෞද්ගලිකත්වය, ස්වභාවික වටපිටාව සමඟ ඇති සබඳතාවයටත් ප්‍රමුඛත්වය දෙමින් සෑම අවකාශයක්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.

මෙය The Cellar, The Kitchen, The Tea House, The Bar, The Slice and Grill සහ The Beach Shack ඇතුළු ආහාර පාන සපයන ස්ථාන 06කින් සමන්විත වන අතර මෙහිදී සංචාරකයින්ට තම රුචිකත්වයට ගැළපෙන පරිදි විවිධ ආහාර වර්ග තෝරාගත හැකිය. එමෙන්ම මීටර් 30ක Infinity පිහිනුම් තටාකයක් මෙන්ම ආයුර්වේද හා සුවතා ප්‍රතිකාර ලබාදෙන boutique spa පහසුකම් ද මෙහිදී අත්විඳිය හැකිය. ඒ අසල පිහිටි ජාතික උද්‍යාන, යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන සහ සාම්ප්‍රදායික දේශීය ගම්මාන වෙත විශේෂ චාරිකා ද සංවිධානය කර ඇති අතර එමගින් වෙරළ තීරයේ සීමාවෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ සැබෑ දේශීය සංස්කෘතිය, ජීවන රටාව සහ ස්වභාවික සුන්දරත්වය සමීපව අත්විඳීමට සංචාරකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේ ලෝක සංචාරක දිනය යනු සංචාරකයින්ට තමන් සංචාරය කරන ගමනාන්තය හඳුනාගැනීමටත්, එහි සැබෑ අත්දැකීම් විඳගැනීමටත් අවස්ථාව සලසන දිනයක් බවයි.
මෙහිදී ඔහු අවධාරණය කළේ සංචාරක ගමනාන්තයක් සුවිශේෂී බවට පත් කරන්නේ එහි වෙසෙන ජනතාව, ආහාර සංස්කෘතිය සහ ස්වාභාවික පරිසරය වැනි සුවිශේෂී අංග බවයි. එමෙන්ම, සංචාරක ව්‍යාපාරයක සැබෑ වටිනාකම මතුවන්නේ එය සමාජයට සහ පරිසරයට යළි යමක් ලබාදෙන විට බවත් එය සිහිපත් කිරීමට මෙම අවස්ථාව වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, මෙම දිනය හරහා සංචාරකයින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීප කරවීමටත්, අප අත්විඳින ගමනාන්තය අපට හමුවූවාට වඩා යහපත් තත්ත්වයකින් අනාගත පරපුර වෙත භාරදීමටත් අවශ්‍ය පියවර ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සැප්තැම්බර් 27 වන දින මෙම හෝටල් ජාලයේ රැඳී සිටින සියළුම සංචාරකයින්ට, රසවත් ආහාර භුක්ති විඳීමින් පැළ සිටුවීම සහ පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් දක්වා වූ මෙම සමස්ත වැඩසටහන් මාලාව සඳහා ම එක්වන ලෙස Sun Siyam Pasikudah Resorts ආරාධනා කර සිටියි.
Sun Siyam Resort සමූහයේ සහ එහි Privé Collection හි කොටසක් වන Sun Siyam Pasikudah, ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පාසිකුඩා හි නොගැඹුරු මුහුදු පරිසරය ආශ්‍රිතව පිහිටා ඇත. පැවිලියන් ආකාරයේ නවීන කාමර 34කින් සමන්විත මෙම සුවිශේෂී පහසුකම් සහිත සංචාරක නිකේතනය, ශ්‍රී ලාංකේය සංස්කෘතිය, රසවත් ආහාර සහ වෙරළබඩ සෞන්දර්යය මුල් කරගනිමින් සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි. වැඩිදුර තොරතුරු සහ වෙන්කිරීම් සඳහා +94 65 205 5555, +94 70 242 4263 යන දුරකථන අංක මගින් හෝ www.sunsiyam.com/sun-siyam-pasikudah වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය.


