
මොස්වෝල්ඩ් බුටික් (Boutique) හෝටල් සමූහයට අයත් බලපිටිය ප්‍රදේශයේ පිහිටි, Sundara by Mosvold හෝටල් පරිශ්‍රයේ දී පසුගියදා සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පැවැත්විය. එම සැමරුම සමඟින් මොස්වෝල්ඩ් බුටික් හෝටල් සමූහය නිල වශයෙන් සිය උත්සව සමයේ ආරම්භය සනිටුහන් කරන ලදී. හෝටලයේ සූපවේදීන්, සමස්ත කාර්ය මණ්ඩලය සහ එහි නවාතැන් ගෙන සිටි අමුත්තන්ගේ දායකත්වය ඇගයීමේ අරමුණින් සංවිධානය කොට තිබූ මෙම සැමරුම, ශ්‍රී ලාංකේය සම්ප්රදායේ අභිමානය විදහාපාමින්, සියලු දෙනාටම එක්ව එහි අසිරිය විඳගත හැකි සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය.
මෙම කේක් මිශ්‍ර කිරීමේ සුවිශේෂි චාරිත්‍රය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සෘතුමය සම්ප්‍රදායන් අතරින් එකකි. උත්සව සමය ළඟා වන විට පවුලේ සාමාජිකයන් සියලු දෙනාම විශාල බඳුනක් වටා එක්රැස් වී කේක් මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර, ඉන් අනතුරුව නත්තල උදාවන තෙක් එය පදම් වීමට තබනු ලබයි. ඉවසීම, එකමුතුකම සහ සාමූහිකව යමක් නිර්මාණය කිරීමේ සතුට මත පදනම් වූ මෙම සම්ප්රදාය, උත්සව අවස්ථාවන්ට මෙන්ම සෑම නිවසකටම විශේෂ අරුතක් එක් කරයි.
හෝටලයක අමුත්තන්ගේ අවධානයට බොහෝ විට ලක් නොවන, එහෙත් එහි සාර්ථක ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වන කාර්යභාරයන් රැසක් ඉටු කිරීමේ වගකීම පැවරී ඇත්තේ සූපවේදීන් වෙතය. ආහාර මෙනු සැලසුම් කිරීම, නැවුම් අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ සෑම ආහාර සේවාවකදීම උසස් ප්රමිතීන් පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ වෘත්තීය නිපුණතාව, විනය සහ කැපවීම අත්‍යවශ්‍ය වේ. සූපවේදීන් විසින් සකස් කරනු ලබන ආහාරවල රස විඳීමට පමණක් සීමා නොවී, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතාව සමීපව අත්විඳීමට අමුත්තන්ට අවස්ථාව සලසා දීම සඳහා මෙම උත්සවය Sundara කණ්ඩායමට සුවිශේෂී අවස්ථාවක් විය.
මෙහිදී අමුත්තන් ද සූපවේදීන් සහ හෝටල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව කේක් මිශ්‍රණය සකස් කළ බඳුන වටා රැස් වූ අතර දෛනික සේවා කටයුතුවලින් මඳකට මිදී, සත්කාරකයන් ලෙස අමුත්තන් සමඟ සුහදව කටයුතු කිරීමටත්, තමන් සකස් කරන සෑම ආහාර වේලකටම එක් කරන වෘත්තීය කුසලතාව සහ කැපවීම පිළිබඳව ඔවුන් සමඟ බෙදා ගැනීමටත් කාර්ය මණ්ඩලයට අවස්ථාව උදා විය.

නත්තලේ සැබෑ අරුත වන්නේ සතුට සහ සෙනෙහස බෙදාහදා ගැනීමයි. සුන්දර එළිමහන් පරිසරයක එදින පැවති මෙම සැමරුම ද එම සෙනෙහස සහ එකමුතුකම මැනවින් විදහා දැක්වීය. ගාල්ලේ සිට උතුරු දෙසට පැයක පමණ දුරකින් සහ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පැය දෙකක පමණ දුරකින් නිස්කලංක වෙරළ තීරයක Sundara by Mosvold හෝටලය පිහිටා ඇත. ජලය මතින් ඉදි කළ පාලමක් ඔස්සේ හෝටලය වෙත ළඟා විය හැකි අතර, ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව නිමවා ඇති එහි ගොඩනැගිලි ලී කැටයම් සහ ගෘහස්ථ හා එළිමහන් පරිසරයන් එකිනෙකට මනාව මුසු කරයි. කාමර 08කින්, පිහිනුම් තටාකයකින් සහ සුන්දර වෙරළබඩ පරිසරයකින් සමන්විත මෙම නවාතැන අමුත්තන්ට අමතක නොවන නිස්කලංක අත්දැකීමක් පිරිනමයි. එමෙන්ම, හෝටලයේ අවන්හල මඟින් විවිධ රසයන්ගෙන් යුත් ආහාර වර්ග රැසක් රසවිඳීමේ අවස්ථාව ද අමුත්තන්ට හිමි වනු ඇත.
මේ පිළිබද අදහස් දක්වමින් මොස්වෝල්ඩ් හෝටල් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ නිලංක මාර්ටිනස් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම කේක් මිශ්‍ර කිරීමේ උත්සවයත් සමඟ අපගේ නත්තල් සැමරුම් ආරම්භ වන අතර, දිනපතාම ඉමහත් කුසලතාවකින් හා කැපවීමකින් යුතුව සේවය කළ ද බොහෝ විට අමුත්තන්ගේ අවධානයට ලක් නොවන අපගේ සූපවේදීන්ගේ දායකත්වය ඇගයීමට සහ ඔවුන් වෙත කෘතඥතාව පළ කිරීමට මෙය කදිම අවස්ථාවක් බවයි. අප වෙත පැමිණෙන අමුත්තන් සහ කාර්ය මණ්ඩලය එකම ස්ථානයකට එක්රැස් කිරීම සරල ක්‍රියාවක් වුව ද, එමඟින් අප අපේක්ෂා කරන ආගන්තුක සත්කාරයේ සැබෑ ස්වභාවය මැනවින් පිළිබිඹු වන බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම සෑම අමුත්තෙකුම නැවත නිවසට ගිය පසුවත් බොහෝ කලක් මතකයේ රැඳෙන සුන්දර මතකයක් සමඟ මෙතැනින් පිටව යනු දැකීම අපගේ අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මොස්වෝල්ඩ් බුටික් (Boutique) හෝටල් සමූහය 2012 වසරේ දී අහංගම ප්‍රදේශයෙන් සිය පළමු බුටික් හෝටලය ආරම්භ කළ අතර එය මේ වනවිට හෝටල් 04ක් පවත්වාගෙන යයි. ‘Sundara by Mosvold ‘ බලපිටියේ පිහිටා ඇති අතර, වැඩිදුර තොරතුරු mosvoldhotels.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.


