Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime Logo

නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි (Superstructures) ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී ඇත. ව්‍යාපෘතියේ සංකීර්ණතම අදියර වන මෙය සම්පූර්ණ වී ඇත්තේ ඉලක්කගත කලසීමාවන්ටත් පෙර වීම විශේෂත්වයකි.



Prime Lands Residencies PLC සමාගම ක්‍රියාවට නංවන The Colombo Border ව්‍යාපෘතිය, කොළඹ නාගරික ජීවන රටාව යළි අර්ථකථනය කරන සුවිශේෂී නේවාසික සංවර්ධන ව්‍යාපෘතියකි. සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින පෑලියගොඩ ප්‍රදේශයේ ඉදි වන මෙම ව්‍යාපෘතිය, සුවපහසුව, තිරසාරත්වය සහ සාමූහිකත්වය එක්තැන් කරන පරිපූර්ණ ජීවන අත්දැකීමක් නිවැසියන් වෙත ලබාදීමේ අරමුණින් සැලසුම් කර තිබේ.

අක්කර 6.5 කට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කරන The Colombo Border ව්‍යාපෘතිය, Brielle, Cosmos සහ Amaa යන නේවාසික towers තුනකින් සමන්විත වේ. නවීන ගෘහ නිර්මාණ සැලසුම්වලින් යුත් නිදන කාමර දෙක සහ තුන බැගින් වන නිවාස මෙන්ම, නිදන කාමර හතරකින් යුත් Penthouse වර්ගයේ නිවාස කිහිපයක්ද මීට ඇතුළත්ය. නිවැසියන්ට සොබාදහමට සමීපව, සිතේ සැහැල්ලුවෙන් යුතුව, වඩාත් සමබර ජීවන රටාවක් ගතකිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතියේ අක්කර 5 ක පමණ භූමි ප්‍රමාණයක් උද්‍යාන, විනෝදාස්වාද පහසුකම් සහ විවෘත හරිත අවකාශ සඳහා වෙන් කර තිබේ. කොළඹ නගරයේ විශාලතම ඒකාබද්ධ නේවාසික සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන The Colombo Border ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමේ ක්‍රියාවලිය 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිතය.

සාර්ථක ඉදිකිරීම් සැලසුම්කරණය මෙන්ම, ඉදිකිරීම් කටයුතු සිදුකරන විශේෂඥ ඉංජිනේරු කණ්ඩායම් දෙකක් අතර සම්බන්ධීකරණය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට හැකි වීම හේතුවෙන් ව්‍යාපෘතිය මෙතරම් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමට හැකි වී ඇත. Prime සමූහයේ ඉදිකිරීම් අංශය වන Prime Construction (Pvt) Ltd විසින් මෙහි Towers දෙකක් ඉදිකිරීම් කටයුතු මෙහෙයවන අතර, අනෙක් කුලුනේ ඉදිකිරීම් කටයුතු Sanken Lanka (Pvt) Ltd විසින් මෙහෙයවනු ලබයි.

මේ ආකාරයට ඉදිකිරීම් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන The Colombo Border ව්‍යාපෘතියේ Towers තුනෙහිම ප්‍රධාන ව්‍යුහයන් ඉදිකිරීමේ කටයුතු නියමිත කාලයටත් පෙර අවසන් කිරීමට හැකි වීම, Prime Lands Residencies සමාගමේ සාර්ථක සැලසුම්කරණය සහ විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් මැනැවින් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ නවීන නිවාස කලාවට නව අරුතක් ලබාදෙන සුවිශේෂී ව්‍යාපෘතියක් වන The Colombo Border, එහි පිහිටීම, පරිසර හිතකාමීත්වය, උසස්ම තලයේ පහසුකම්, තිරසාර සැලසුම්කරණය සහ සාමූහිකත්වයේ හැඟීම තුළින් පදිංචිකරුවන්ට සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දෙන සුඛෝපභෝගී නිවාස එකතුවකි. ඉතා කෙටි කාලයක් තුළ මෙරට නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීමට මෙම ව්‍යාපෘතිය සමත් විය. මේ වන විට Tower Cosmos හි නිවාස සියල්ල අලෙවි වී ඇති අතර, නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස සීමිත සංඛ්‍යාවක් රුපියල් මිලියන 48 සිට ඉහළට මිලදීගත හැකි වේ. මෙය The Colombo Border ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පවතින උනන්දුවට මෙන්ම, දීර්ඝකාලීන ආයෝජනයක් වශයෙන් එහි ඇති වැදගත්කමට සාක්ෂි දරයි.

ඵලදායී ආයෝජන අවස්ථා සොයන ආයෝජකයන්ට මෙන්ම, කොළඹ නාගරික අවකාශයේ සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයකින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ටද The Colombo Border ව්‍යාපෘතිය බෙහෙවින් ආකර්ෂණීය තෝරාගැනීමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Prime Lands Residencies PLC හි සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය:

Towers තුනෙහිම ප්‍රධාන ව්‍යුහයන් සම්පූර්ණ කිරීම මෙම ව්‍යාපෘතියේ මෙන්ම Prime සමූහයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ගුණාත්මකභාවය සියයට සියයක්ම ආරක්ෂා කරගනිමින් මෙම ඉදිකිරීම් වේගය පවත්වා ගැනීම, අපගේ ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ ගැනුම්කරුවන් වෙත භාරදීමට අප දක්වන අඛණ්ඩ කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. ව්‍යාපෘතියේ සෑම අදියරකදීම ගැනුම්කරුවන් Prime සන්නාමය කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තැබුවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම, එම  විශ්වාසය අඛණ්ඩව සුරකිමින් The Colombo Border හි ඉදිරි අදියරවලදීත් උසස් ප්‍රමිතිය සහ ඉදිකිරීම් විශිෂ්ටත්වය එලෙසින්ම පවත්වා ගැනීමට අප සූදානම්.”

Prime Lands Residencies PLC සමාගමේ අරමුණ වී ඇත්තේ, නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක සීමාවෙන් ඔබ්බට ගොස් සුවිශේෂී ජීවන රටා ගමනාන්තයක් ලෙස The Colombo Border ව්‍යාපෘතිය ස්ථානගත කිරීමය. විශිෂ්ට සැලසුම්කරණය, ඉදිකිරීම්වල උසස් ප්‍රමිතිය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය තුළින් නාගරික ජීවන රටාවේ අනාගතය හැඩගැස්වීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මෙම ව්‍යාපෘතිය තුළින් මැනැවින් පිළිබිඹු වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව