Home Lands සමූහය සැලසුම් කළ කාලසීමාවටත් පෙර Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි Piling යෙදීමේ කටයුතු අවසන් කරයි

Image 01 (LBN)

Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින් Piling යෙදීමේ කටයුතු 100%ක්ම දැනටමත් අවසන් කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම ව්‍යාපෘතියේ Piling යෙදීම සඳහා Home Lands සමූහය විසින් Access Engineering PLC, Sanken Construction ආයතනයේ San Piling (Pvt) Ltd. සහ D P Jayasinghe Piling Company (Pvt) Ltd. යන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් ත්‍රිත්වය තෝරා ගැණුනි. එම සමාගම් හි ප්‍රවීණත්වය ද සමගින් Piling යන්ත්‍ර 9ක් යොදාගනිමින් ගොඩනැගිලි සංකීර්ණය සඳහා Piles 192ක් සාර්ථකව යොදන ලදි.




Central Park Boulevard හි ඉහළ ව්‍යූහයේ (superstructure) ඉදිකිරීමේ අදියර ආරම්භ කෙරෙන අතර, මෙතැන් සිට මාස 36ක කාල සීමාවක් තුළ ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කර භාර දීමට නියමිත ය. නියමිත කාලසීමාවට ම ව්‍යාපෘති ඉදිකිරීම් අවසන් කර භාර දීම සම්බන්ධයෙන් අඛණ්ඩ කීර්තියක් අත්කරගෙන සිටින Home Lands සමූහය විශාල පරිමාණයේ නිවාස ව්‍යාපෘති රැසක් හරහා දැනටමත් Resort Apartment සහ Villa මාදිලියේ නිවාස ඒකක 3750කට අධික ප්‍රමාණයක් හිමිකරුවන්ට භාර දීමේ අසමසම වාර්තාවට හිමිකම් කියයි. මෙම වසරේ දීම තවත් නිවාස ඒකක 400ක් භාර දීමට සූදානම් ව ඇති අතර ඒ අනුව Home Lands විසින් භාර දුන් නිවාස ඒකක සංඛ්‍යාව 4,000 සන්ධිස්ථානය ඉක්මවනු ඇත. එවිට ලොව පුරා අලෙවි කරන ලද ඒකක 5000කට අධික සංඛ්‍යාවෙන් 80% ඉක්මවූ ප්‍රමාණයක් සාර්ථකව භාර දුන් විශ්වසනීයම දේපළ වෙළෙඳාම් සන්නාමය බවට Home Lands පත් වේ. එමගින් දෙස් විදෙස් පාරිභෝගිකයන් Home Lands කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය ඉහළ නංවනවා සේම ශ්‍රී ලංකාව මීළඟ ගෝලීය දේපළ වෙළෙදාම් ආයෝජන ගමනාන්තය බවට පත් කිරීම උදෙසා Home Lands සමූහය දරන ප්‍රයත්නය ද ශක්තිමත් කරනු ඇත.

“අපේක්ෂිත ගැනුම්කරුවන් සහ ආයෝජකයන් සඳහා, අප පෙන්වා ඇති ප්‍රායෝගික ඉදිකිරීම් ප්‍රගතිය විශ්වාසය ගොඩනැගීම පිළිබඳ වැදගත් මිනුමක්” යැයි Home Lands සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා පැවසීය. “Central Park Boulevard Port City Colombo යනු අනාගතය පිළිබඳ දැක්මක් පමණකට සීමා නොවේ; එහි සංවර්ධනය මහපොළොව මත යතාර්ථයක් බවට පත්වෙමින් පැහැදිලිව ඉදිරියට ගමන් කරමින් පවතී” යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

Central Park Boulevard Port City Colombo සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ඉදිවන මනරම් ජල මාර්ග‍යකින් ද සමන්විත වන අක්කර 40ක වපසරියක පැතිරුණු Central Park හෙවත් මධ්‍ය උද්‍යානය ද මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර මෙම උද්‍යානයේ ඉදිකිරීම් මාස 24ක් තුළ නිම කිරීමට ද නියමිතය. Central Park Boulevard මගින් හරිතවන් Central Park උද්‍යානයේත්, විසිතුරු ජල මාර්ග පද්ධතියේ සේම ඉන්දීය සාරගයේත් මනරම් දසුන් එකට මුසු වූ අද්විතීය අත්දැකීමක් පිරිනැමෙන අතර, එම අක්කර 40ක සශ්‍රීක හරිත උද්‍යානයේ සහ වෙරළබඩ (waterfront) ජීවන අත්දැකීම් අත්විඳීමට ද අවස්ථාව සලසයි.

Port City Colombo හි හරිතවත් හදවත ලෙස සැලකෙන Central Park District තුළ පිහිටි Central Park Boulevard, ලොව උසස්ම ගෘහ නිර්මාණ ශිල්පය, සුඛෝපභෝගී ජීවිතය සහ ස්වභාවධර්මය සංකලනය කරන අති සුඛෝපභෝගී ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇත. මෙම ව්‍යාපෘතිය අක්කර 40ක Central Park හරිත උද්‍යානයට සහ සුන්දර ජල තීරයට මුහුණලා පිහිටා ඇති අතර, එක් පසෙකින් ඉන්දීය සාගරයේත් තවත් පසෙකින් කොළොම්තොට අහස් රේඛාවේත් පුළුල් දසුන් ද ලබා දෙයි. නිදන කාමර 1ක්, 2ක් සහ 3ක් සහිත මහල් නිවාස (apartments), Sky Villas, Penthouses සහ සුවිශේෂී Emerald Mansions ඇතුළු විවිධාකාර නේවාසික ඒකක මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතියේ පහසුකම් 50කට වඩා වැඩි ගණනකින් ද එය සමන්විත වේ.

Central Park Boulevard යනු කොළඹ වරාය නගරය තුළ Home Lands හි පළමු නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන අතර, දකුණු ආසියාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික සහ ජීවන රටා කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය තුළ Home Lands හි පැවැත්ම එමගින් තහවුරු කරයි. ඉන් නොනැවතී Home Lands සමූහය මේ වන විට කොළඹ වරාය නගරය තුළ තම දෙවන නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දීමට සූදානම්ව සිටී. ඒකාබද්ධව ඒකක 1,700කට ඉක්මවූ සංඛ්‍යාවක් සහිත මෙම ව්‍යාපෘති ද්විත්වය මගින්, කොළඹ වරාය නගරය තුළ තනි ශ්‍රී ලාංකික සංවර්ධකයෙකු විසින් සිදු කරන විශාලතම ව්‍යාපෘති දෙකෙහි සංවර්ධකයා බවට Home Lands පත්වේ. ශ්‍රී ලංකාවේ “අනාගතයේ නගරය” (City of the Future) තුළ අති සුඛෝපභෝගී නිවසක හිමිකාරිත්වය ලබාගැනීමට ගැනුම්කරුවන්ට තවත් අවස්ථාවක් නිර්මාණය කරමින් දියත් කෙරෙන මෙම නව ව්‍යාපෘතිය මගින් Home Lands හි පැවැත්ම එම අනාගතය දක්වාම තවදුරටත් පුළුල් වනු ඇත. කොළඹ වරාය නගරයේ නැගී එන අති සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළ තුළ නිවසක හිමිකාරිත්වය වඩාත් පහසුවෙන් අත්කරගත හැකි දෙයක් බවට පත් කිරීමට ද Home Lands දායක වෙමින් කොළඹ වරාය නගරයෙහි Central Park District තුළ රුපියල් මිලියන 60 සිට ආරම්භ වන නිවාස ඒකක Home Lands වෙතින් තෝරා ගැනීමේ අවස්ථාව ද ගැනුම්කරුවන්ට හිමි වේ.

Central Park Boulevard හි Piling යෙදීමේ කටයුතු මෙලෙස පොරොන්දු වූ කාලයටත් පෙර නිම කරමින් සිය විශ්වසනීයත්වය සනාථ කරමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා ලෙස වැජඹීමට ද Home Lands සමූහය සමත්ව තිබේ. දේපළ (real estate), ඉදිකිරීම්, දේපළ කළමනාකරණය සහ ජීවන රටාවන් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රයන් රැසක් පුරා විහිදුණු ප්‍රවීණත්වය තුළින්, නවෝත්පාදනයන් මුසු වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම උදෙසා Home Lands සමූහය අඛණ්ඩවම කටයුතු කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව