Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබූ එකම ටෙලිකොම් සන්නාමය බවට HUTCH පත්වෙයි

Dragons Team Picture (LBN)

ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී HUTCH සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. කලාපීය නිර්මාණාත්මක විශිෂ්ටත්වය, උපායමාර්ගික ප්‍රචාරණ ව්‍යාපාර සහ සන්නාමීය සාර්ථකත්වයන් අගයමින් පැවති මෙම සම්මාන උළලේ දී  HUTCH සමාගම රන් සම්මානයක්, බ්ලැක් ඩ්‍රැගන් සම්මානයක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබීය.  Thompson Associates (TBWA) Sri Lanka සමඟ එක්ව දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා HUTCH මෙලෙස ඇගයීමට ලක්විය. එමෙන්ම මෙවර සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වූ එකම සන්නිවේදන සන්නාමය බවට පත්වීමට  HUTCH සමාගමට හැකිවිය.




මෙම සම්මාන අතරින් සුවිශේෂීතම ජයග්‍රහණය වන්නේ Best Use of Artificial Intelligence කාණ්ඩය යටතේ හිමි වූ රන් සම්මානයයි. එය HUTCH හි රෝමිං පහසුකම වෙනුවෙන් දියත් කළ “The Roaming Hack” ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා හිමිවිය. පාරිභෝගිකයන් රෝමිං පහසුකම් අත්විඳින ආකාරය නව මානයකින් ඉදිරිපත් කිරීම සඳහා කෘතිම බුද්ධිය  (AI) භාවිත කිරීම වෙනුවෙන් මෙම සම්මානය හිමිවූ අතර, තවත් සම්මාන කාණ්ඩයක් යටතේ එම ප්‍රචාරණ ව්‍යාපාරයටම බ්ලැක් ඩ්‍රැගන් සම්මානය ද හිමිවිය.

මීට අමතරව, Best Product Launch වෙනුවෙන් වන රිදී සම්මානය HUTCH 15 Apps නිෂ්පාදනය වෙනුවෙන් දියත් කළ HUTCH පිස්සුවක් ම තමයි” ප්‍රචාරණ ව්‍යාපාරයට හිමිවූ අතර නව නිෂ්පාදන සංකල්පයක් සමඟින් නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් එකට ඒකාබද්ධ කරමින් පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීම උදෙසා එම ප්‍රචාරණ ව්‍යාපාරයට තිබූ හැකියාව මෙම සම්මානය තුළින් ඇගයීමට ලක් කොට තිබේ.

Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී HUTCH සමාගම ලබාගත් මෙම සම්මාන ත්‍රිත්වය තාක්ෂණය, නිර්මාණශීලී බව සහ සමාජයේ විවිධ කාණ්ඩවල සිටින පාරිභෝගිකයින් අතර අර්ථවත් වෙනසක් සහ සාර්ථක ප්‍රතිචාරයක් ඇති කරන ප්‍රචාරණ ව්‍යාපාර නිර්මාණය කිරීමට සන්නාමය සතු හැකියාව මනාව පෙන්නුම් කරයි.

HUTCH සමාගම සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විශ්ලේෂණය සාර්ථකව භාවිත කරමින් සිටින අවස්ථාවක ලැබූ මෙම ජයග්‍රහණය මගින් නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය සාර්ථකව ඒකාබද්ධ කරන සන්නාමයක් ලෙස HUTCH හි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව