
ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාරවලට වඩාත් පහසුවෙන් ඩිජිටල් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමේ අරමුණින් නව විසඳුම් හවුල්කරුවන් 12 ක් සහ තාක්ෂණික හවුල්කරුවන් 24 ක් සමඟ අත්වැල් බැඳගනී.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඩිජිටල් නවෝත්පාදනය ඔස්සේ ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාර අංශය සවිබල ගැන්වීමේ අරමුණින්, නව විසඳුම් හවුල්කරුවන් (Solution Partners) 12 දෙනෙකු සහ තාක්ෂණික හවුල්කරුවන් (Tech-Lead Partners) 24 දෙනෙකු සිය ජාලයට එක් කරගැනීමට පසුගියදා කටයුතු කළේය. නවීන තාක්ෂණය ඔස්සේ මෙරට සුළු ව්යාපාර ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.
මෙම වැඩපිළිවෙළ මඟින් රට පුරා සුළු පරිමාණ ව්යාපාරවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඩිජිටල් විසඳුම් ලබාගැනීම පහසු වේ. එමෙන්ම මෙය සුළු පරිමාණ ව්යාපාරවලට ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, නව වර්ධන අවස්ථා උදා කර ගැනීමටත් හැකි වන පරිදි ශක්තිමත් හවුල්කාරීත්ව පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසද හැඳින්විය හැක.
මෙහිදී SLT-MOBITEL සමාගමේ ප්රධානතම අරමුණ වී ඇත්තේ සුළු පරිමාණ ව්යාපාර හිමියන්ට අවශ්ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් එකම තැනකින් ලබාගැනීමට අවස්ථාව උදා කර දීමය. ඒ අනුව සම්බන්ධතා පහසුකම්, තාක්ෂණික විසඳුම් සහ විශේෂිත ව්යාපාරික සේවා එක් විශ්වාසදායක පදනමක් හරහා සපයනු ලැබේ. මෙම ප්රවේශය හේතුවෙන්, විවිධ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ වෙන වෙනම ගනුදෙනු කිරීමට සිදුවීම මඟින් පැනනඟින සංකීර්ණතා අවම වන අතර, තම ව්යාපාර දියුණු කරගැනීමට අවශ්ය විශ්වාසනීය විසඳුම් සහනදායී මිලගණන් යටතේ ලබාගැනීමට ව්යාපාරිකයන්ට අවස්ථාව උදා වේ.
හවුල්කාරීත්ව ජාලය පුළුල් කිරීම මඟින් තාක්ෂණික විසඳුම් සැපයීම වේගවත් කිරීමටත්, ව්යාපාරවල අවශ්යතාවන්ට කඩිනමින් ප්රතිචාර දක්වමින් තාක්ෂණික සහාය ලබාදීමටත් හැකියාව ලැබේ. එමඟින් සුළු පරිමාණ ව්යාපාරවලට සිය දෛනික ව්යාපාර කටයුතුවලට බාධාවක් නොවන පරිදි නව තාක්ෂණයන් භාවිතයට ගැනීමට හැකි වේ.
ඵලදායිතාව ඉහළ නැංවීම, ව්යාපාරික ක්රියාවලීන් විධිමත් කිරීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කිරීම, ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ව්යාපාර වර්ධනයට සහාය වීම ඇතුළු විවිධ අරමුණු සඳහා SLT-MOBITEL මේ වන විට විසඳුම් මාලාවක් හඳුන්වා දී ඇත. තම ව්යාපාරික අවශ්යතා, ආර්ථික හැකියාව සහ අනාගත සැලසුම් අනුව තමන්ට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් තෝරාගැනීම ව්යාපාරිකයන්ට සහය වීම සඳහා සමාගම මඟින් විශේෂඥ තාක්ෂණික උපදේශන සේවාවන්ද සපයනු ලැබේ.
නව වැඩපිළිවෙළ යටතේ විසඳුම් හවුල්කරුවන් ලෙස Metropolitan Technologies (Pvt) Ltd, Hayleys Fentons Limited, KBSL Information Technologies සහ Siyol International (Pvt) Ltd වැනි සමාගම් SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගෙන සිටී. සුළු පරිමාණ ව්යාපාරවලට ඉතා හොඳින් ගැළපෙන ව්යාපාරික, තාක්ෂණ සහ ඩිජිටල් විසඳුම් පිරිනැමීමේ හැකියාව මෙම හවුල්කරුවන් සතුය.
මීට සමගාමීව සහයෝගී සමූහ දායකත්ව ආකෘතියක් (Collaborative Crowdsourcing Model) යටතේ තාක්ෂණික හවුල්කරුවන් 24 දෙනෙක්ද SLT-MOBITEL සිය ජාලයට එක්ව සිටිති. මේ ආකාරයට විශේෂඥ දැනුම සහ පළපුරුද්ද සහිත තාක්ෂණික වෘත්තිකයන්ගෙන් සමන්විත ජාලයක් ගොඩනංවාගැනීම තුළින්, පාරිභෝගික අවශ්යතාවන්ට කඩිනමින් ප්රතිචාර දක්වමින් ඔවුන්ට කාර්යක්ෂම හා නම්යශීලී සේවාවක් ලබාදීමට SLT-MOBITEL සමාගම හැකි වේ.
මෙම හවුල්කාරීත්වයන් සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා Hilton Residencies හිදී පැවැත්විණි. ඊට SLT-MOBITEL ප්රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා සහ හිටපු ප්රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා ඇතුළු SLT-MOBITEL නියෝජිතයන් පිරිසක් සහ නව හවුල්කාර ආයතනවල නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවය සමාගමේ හවුල්කාර ජාලය ශක්තිමත් කිරීමේ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, එය ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාර ක්ෂේත්රයේ ඩිජිටල් තාක්ෂණ භාවිතය වේගවත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ කැපවීම යළි තහවුරු කිරීමක්ද විය.
මේ ආකාරයට නවීන විසඳුම්, විශේෂඥ දැනුම සහ තාක්ෂණික උපදෙස් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම මඟින් ව්යවසායකයන්ට තම ව්යාපාර දියුණු කරගැනීම සඳහා අවශ්ය විසඳුම් තෝරාගැනීම වඩාත් පහසු වනු ඇත. මෙම විසඳුම් මඟින් තම ව්යාපාරවල කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, තරගකාරීත්වය ශක්තිමත් කර ගැනීමටත්, වෙනස් වන වෙළෙඳපොළ තත්වයන්ට වඩාත් ඵලදායී ලෙස ප්රතිචාර දැක්වීමටත් ඔවුන්ට අවස්ථාව සැලසේ.
මෙවැනි පියවර ඔස්සේ දිගින් දිගටම මෙරට ව්යාපාර ක්ෂේත්රය ශක්තිමත් කරමින්, රටේ ඩිජිටල් ආර්ථිකයට පුළුල් දායකත්වයක් දක්වන අතරම අනාගත අවශ්යතාවන්ට ගැළපෙන සාර්ථක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන විශ්වාසනීය ඩිජිටල් පරිවර්තන හවුල්කරුවෙකු ලෙස තමන් දිනා සිටින කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.


