SLT-MOBITEL mCash සහ යූනියන් ඇෂුවරන්ස් හවුල්කාරීත්වයෙන් ජීවිත රක්ෂණ සැලසුම් වඩාත් පහසු කරවීමට ක්‍රමවේදයක්

SLT-MOBITEL and Union Assurance (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි පුරෝගාමී ජංගම මුදල් සේවාවවන mCash, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන යූනියන් ඇෂුවරන්ස් සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, SLT-MOBITEL mCash පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය 2014 වර්ෂයේ දී ආරම්භ වූ අතර, SLT-MOBITEL හි දීපව්‍යාප්ත ජාලය හරහා මෙරට රක්ෂණ වාරික එක්රැස් කිරීම පූර්ණ පෙරළියකට ලක් කිරීමට එමගින් හැකියාව ලැබිණි.

 



 

දෙපාර්ශ්වය අතර පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුමට පසුගිය දා අත්සන් තැබූ අතර, එහිදී මින් ඉදිරියට SLT-MOBITEL පාරිභෝගිකයන්ට ඉතාමත් පහසු ලියාපදිංචි වීමේ ක්‍රියාවලියක් යටතේ දැරිය හැකි මිලට ජීවිත රක්ෂණ ලබාගැනීමටත්, mCash සේවාව හරහා වාරික ගෙවීමට ත් අවස්ථාව හිමි වේ.

“ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට නැවුම් ආකාරයේ ඩිජිටල් විසඳුම් හඳුන්වා දීම සඳහා මේ ආකාරයට යූනියන් ඇෂුවරන්ස් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ රුචිකත්ව පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගැනීම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර, ඒ ඔස්සේ ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙනවා. මූල්‍ය  අන්තර්කරණය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා, ඔවුන්ට වඩාත් පහසුවෙන් ජීවිත රක්ෂණ ලබාගැනීමට සහ ඉන් ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි.” Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා පැවසී ය.

එමෙන්ම, මෙම හවුල්කාරීත්වය මගින් SLT-MOBITEL mCash පාරිභෝගිකයන්ට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විශේෂඥ රක්ෂණ උපදේශකවරුන් වෙතින් පැහැදිලි මගපෙන්වීමක් ද ලබාගත හැකි වේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන රක්ෂණ විසඳුම් යෝජනා කිරීමේ හැකියාව සහ පුහුණුව මෙම උපදේශකවරුන් සතු ය. මෙම පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය මගින් සමාගම් දෙකටම තම පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ තලයේ සේවාවක් පිරිනැමීමට අවස්ථාව හිමි වේ.

“SLT-MOBITEL සමග පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙලෙස තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකි වීම අපට මහත් සතුටක්. රටේ පවතින ආර්ථික අභියෝග දෙස බලන විට, මූල්‍යමය රැකවරණය සම්බන්ධයෙන් ජනතාවට පවතින අඩුපාඩු පියවීමට මැදිහත් වීම අතිශයින් වැදගත්. ඉහළම මට්ටමේ ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමමින්, රටේ ජනතාව මුහුණ දෙන මූල්‍යමය අවදානම් අවම කිරීමට දායක වීම සඳහා මෙවැනි නව ක්‍රමවේද හඳුන්වා දීමට අප කැප වී සිටිනවා. එමෙන්ම ගනුදෙනුකරුවන්ට අපගේ රක්ෂණ විසඳුම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට සහ භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම කෙරෙහි අවධානය යොමුකරමින්, ඒවා පරිපූර්ණ විසඳුම් මෙන්ම අපගේ ගනුදෙනුකරුවන්ගේ දෛනික ජීවිත සමග මැනවින් බද්ධවන විසඳුම් බවට පත් කිරීම අපගේ අරමුණයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව