Amana Takaful Insurance වෙතින් Amana Takaful Mobile App හරහා Live Motor Claim Tracking පහසුකම හඳුන්වා දෙයි

Modern Smartphone Claims Tracker

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම් අතරින් එකක් වන Amana Takaful Insurance PLC, සිය Amana Takaful ජංගම යෙදුම හරහා  Live Motor Claim Tracking  පහසුකම හඳුන්වා දෙමින් පාරිභෝගික ඩිජිටල් අත්දැකීම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

මෙම පහසුකම මඟින් පාරිභෝගිකයන්ට තම මෝටර් රථ රක්ෂණ හිමිකම්වල තත්ත්වය සහ ප්‍රගතිය ජංගම යෙදුම ඔස්සේ සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. ඒ හරහා සමස්ත හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය පුරාම පාරිභෝගික පහසුව සහ විනිවිදභාවය ඉහළ නැංවෙන අතර, සාම්ප්‍රදායික තොරතුරු විමසීමේ ක්‍රමවේද මත  පමණක් පදනම් නොවී ක්‍රියාවලියේ සෑම අදියරකදීම යාවත්කාලීන තොරතුරු දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.




මෙම නවතම ක්‍රමවේදයට අනුව හිමිකම් පියවීම සඳහා අවශ්‍ය ලේඛන ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇත. මෙහිදී අදාළ සහායක ලේඛන ජංගම යෙදුම හරහා සෘජුවම උඩුගත කිරීමට හැකි වන අතර, එමඟින් ලේඛන ඉදිරිපත් කිරීමේ සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇත.

එමෙන්ම Amana Takaful ජංගම යෙදුම ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයම භාවිත කළ හැකි පරිදි වැඩිදියුණු කර ඇත.  පාරිභෝගිකයින්ට තමන් කැමති භාෂාව තෝරාගනිමින් ජංගම යෙදුමේ ලැයිස්තුව, ආකෘති පත්‍ර සහ පද්ධති පණිවිඩ භාවිත කළ හැකි අතර, එමඟින් දිවයින පුරා පාරිභෝගිකයන්ට ඩිජිටල් රක්ෂණ සේවා වඩාත් පහසුවෙන් භාවිත කිරීමට අවස්ථාව සැලසේ.

මෙම නව හඳුන්වාදීම් මඟින් රක්ෂණ සේවා ඩිජිටල්කරණය කරමින් පාරිභෝගික අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සපුරාලීමට Amana Takaful  දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ. හිමිකම් පියවීමේ ක්‍රියාවලිය පිළිබඳ සජීවී තොරතුරු ලබාගැනීම, ලේඛන ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සහ භාෂා ත්‍රිත්වයෙන්ම සේවා ලබාගැනීමේ පහසුකම් සමඟින්, දිවයින පුරා පාරිභෝගිකයන්ට වඩාත් විනිවිදභාවයකින් යුත්, ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි රක්ෂණ සේවාවක් සැලසීමට සමාගම අඛණ්ඩව කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව