ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය අතර උපායමාර්ගික සහයෝගිතාවක්

Image 2 (LBN)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය අතර උපායමාර්ගික සහයෝගිතාව හඳුන්වා දීම සඳහා පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මෙහිදී වසරක කාලයක් සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් නිවේදනය කිරීම සිදුකරනු ලැබීය.

 



 

මෙම සහයෝගිතාව නිවේදනය කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතා විසින් නිල රක්ෂණ සහකාරිත්වය සංකේතාත්මකව හුවමාරු කරගන්නා ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙනුවෙන් එහි සහකාර සාමාන්‍යාධිකාරී (ආයතනික ව්‍යාපාර සහ අලෙවි) මහේෂ් ගමගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සහය සේවා) චමින්ද ගුණසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ බෙදාහැරීම් ප්‍රධානී ලලිත් ද සිල්වා යන මහත්වරුද, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රොහාන් සෝමවංස සහ අනුග්‍රාහකත්ව කමිටු සභාපති හසිත දසනායක යන මහත්වරුද එම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පුරෝගාමී සහයෝගිතාව යටතේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයන්ට විශේෂ මෝටර් රථවාහන රක්ෂණ පැකේජයක් හිමි වේ. වසරක කාලයක් සඳහා වලංගු මෙම පැකේජය මගින් එම සාමාජිකයන්ට විශේෂ ප්‍රතිලාභ සහ වට්ටම් රැසක් හිමිවනු ඇත.

“වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සමග මෙම පුරෝගාමී හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ මුළුමහත් සමාජය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වසර 62 ක් පුරා රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවරට සමගාමී ලෙස අප දකිනවා. අනාගතය සම්බන්ධයෙන් වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සතු පුළුල් සැලසුම් දෙස බලන විට, ඉදිරි කාලයේදී දෙපාර්ශ්වයටම වාසි සැලසෙන සහ ඔවුන්ගේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිවන අර්ථවත් සහයෝගිතාවක් ගොඩනංවා ගැනීමට අපට හැකිවනු ඇති බවට සැකයක් නැහැ. එමෙන්ම මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනස්වීම අනුව අපගේ සේවා වැඩිදියුණු කිරීමට අප ගන්නා නිරන්තර උත්සාහය පිළිබිඹුකරන පියවරක් ලෙස මා දකිනවා.” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතා පැවසී ය.

“ආයතනික යහපාලනය, විනිවිදභාවය සහ වගවීම යනු වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධක ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරි වසර 5 ත් 10 ත් අතර කාලය තුළ ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීම සහ පුහුණු මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සැලසුම් රැසක් අප සතුයි. දීර්ඝකාලීන දැක්මක් සහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, මේ ගමනේදී අපට සුදුසුම හවුල්කරුවෙකු ලෙස මා දකිනවා. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය මෙන්ම සමස්තයක් ලෙස ක්‍රීඩාව සඳහා සිදුකරන ඕනෑම ආයෝජනයක් සමාජයේ යහපත වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම හවුල්කාරීත්වය මගින්, අපගේ සාමාජිකයන්ගේ අවශ්‍යතා අනුව සැලසුම්කර ලබාදෙන ප්‍රතිලාභ ඔවුන්ට බෙහෙවින් වැදගත් වේවි. අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් අප ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගමට ස්තුතිවන්තවන අතර, මෙය අතිසාර්ථක හා දීර්ඝකාලීන සහයෝගිතාව බවට පත්වනු දැකගැනීමට මා ඉමහත් උනන්දුවකින් යුතුව බලා සිටිනවා.” වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද සිල්වා මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතාවන්ට ගැළපෙන නව්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරන අඛණ්ඩ ප්‍රයත්නයන්ට මනා සාක්ෂියකි. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන්ට අනුව සැලසුම් කළ කඩිනම් රක්ෂණ සේවා තුළින් රටටත් ජනතාවටත් රැකවරණය සැලසීමට සමාගම දක්වන උනන්දුව හා කැපවීමද මෙමගින් මැනැවින් නිරූපණය වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව