ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනී.

Capture

NDB බැංකුව, ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණුනින් ආයතනික මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා මෙන්ම, තවදුරටත්
කාන්තා ව්‍යවසායිකාවන්ගේ මුල්‍ය ශක්තිය සවිබල ගැන්වීමටත්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ පැවති දිගුකාලීන සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනු ලැබීය.




මෙම සහයෝගිතාවය තුලින්, IFC හි ගෝලීය විශේෂඥතාව සහ උපදෙස් උපයෝගී කරගනිමින් NDB හි ආයතනික මෙහෙයුම් ක්‍රියාවලින් සහ කාර්යසාධනයන් ශක්තිමත් කිරීම සුවිශේෂී කොටසක් වේ.

තවද, මෙම සහයෝගිතාවය මඟින් කාන්තා නායකත්වයෙන් යුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (WSME) කුසලතා සංවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීම ද  සිදුවේ. මෙහිදී, NDB හි කතුන් සඳහාම සුවිශේෂී වූ බැංකු සේවා වැඩි දියුණු කරමින්,  රට පුරා සිටින ව්‍යවසයිකාවන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමද, ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා දීම ද, අලුත් ව්‍යාපාර අවස්ථාවන් නිර්මාණය ද, උපදේශන සේවාද මෙන්ම නව ආයෝජන අවස්ථාද  ලබා දෙනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව