Janashakthi Life අධ්‍යාපනික මෙහෙවරේ තවත් පියවරක් වූ ‘ශිල්ප ශක්ති’ සාර්ථක ලෙස නිමාව දකී

IMAGE 01 (6) (LBN)

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී දිනුම් ඇදීමක් තුළින් තෝරාගන්නා ලද සිසු සිසුවියන් 5 දෙනෙකුට ටැබ්ලට් පරිගණක හිමිවූ අතර ඩබල් ඩෙකර් බසයක නැගී කොළඹ නගරයේ සංචාරයක නිරත වීමටද අවස්ථාව හිමි විය. මෙය අධ්‍යාපනය තුළින් මෙරට සිසු පරපුර සවිබල ගැන්වීම සඳහා Janashakthi Life දරන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරකි.



එල්. තරිඳු ධනුෂ්ක, ඒ. ජී. හසන්ති සංජලිකා සත්සරණි, කේ. එම්. නේහා දෙව්ලින්දි ගුණතිලක, ඩබ්ලිව්. දිනක්ෂ සස්විඳු කරුණාතිලක සහ කේ. ලකිඳු අයේෂ් ඉඳුවර යන සිසු සිසුවියෝ මෙලෙස ‘ශිල්ප ශක්ති’ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණ හිමි කර ගත්හ. Janashakthi Insurance PLC  සමාගමේ මානව සම්පත් ප්‍රධානී ධනුෂ්ක සමරසිංහ, ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී නාමලී ඒ සිල්වා, ජ්‍යෙෂ්ඨ විධායක (අලෙවි සේවා) උමේෂ් මධුෂාන්ත් සහ ක්‍රමෝපාය හා සැලසුම්කරණ ප්‍රධානී ජූඩ් සිල්වා යන මහත්ම මහත්මීන් විසින් එම සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව