
ශ්රී ලංකාවේ ප්රමුඛතම සංස්කෘතික මංගල්යයක් වන මහනුවර ඇසළ පෙරහැර සමයේ, PET බෝතල් වගකීම් සහගතව එක්රැස් කර ප්රතිචක්රීකරණයට යොමු කිරීමේ සාමූහික පාරිසරික වැඩසටහනට විශ්වවිද්යාල ශිෂ්ය ස්වේච්ඡා කණ්ඩායම් ද ඇතුළු 250කට අධික පිරිසක් එක්වූහ. ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් නෙප්චූන් රිසයික්ලර්ස් සමාගමේ ද සහාය ඇතිව ක්රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ, මහනුවර පෙරහැර ගමන් මාර්ගය ඔස්සේ PET බෝතල් 45,000කට අධික ප්රමාණයක් එක්රැස් කෙරිණි. මධ්යම පළාත් සභාවේ පරිසර අමාත්යාංශයේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ශ්රී දළදා මාලිගාව, Coca-Cola Beverages Sri Lanka, නෙප්චූන් රිසයික්ලර්ස්, CFC Health Care, SLBC, සියත TV සහ සියත FM, Kandy City Centre, ශ්රී ලංකා පොලීසිය ඇතුළු රාජ්ය හා පෞද්ගලික අංශයේ පාර්ශව රැසක් දායක විය. රාජ්ය සම්බන්ධීකරණ ආයතන සහ විශ්වවිද්යාල ස්වේච්ඡා කණ්ඩායම් ද එක්වූ මෙම ප්රයත්නය, සංස්කෘතික උරුමය සමරන අතරතුර පරිසරය සුරැකීම වෙනුවෙන් පුළුල් සහයෝගීතාවක් ගොඩනැගීය.
පෙරහැර ගමන් මාර්ගය පුරා සිදු කළ එකතු කිරීමේ කටයුතු මඟින් ඉවතලන ලද PET බෝතල් නිසි ප්රතිචක්රීකරණ සහ යළි භාවිතයට යොමු කිරීමේ ක්රියාවලීන් වෙත යොමු කෙරිණි. විශාල ජනකායක් එක්රැස් වන අවස්ථාවක ජනනය වන අපද්රව්ය කළමනාකරණයට ප්රායෝගික විසඳුමක් ලබාදුන් මෙම වැඩසටහන, වගකීම් සහගතව අපද්රව්ය බැහැර කිරීම සහ ප්රතිචක්රීකරණය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමට ද දායක විය. ඒ තුළින් මහනුවර නගරයේ පොදු ස්ථාන පිරිසිදුව පවත්වා ගැනීමටත්, ප්රතිචක්රීකරණය කළ හැකි PET බෝතල් පරිසරයට අපද්රව්ය ලෙස එක්වීම අවම කරමින් ඒවා නැවත ප්රයෝජනයට ගැනීමටත් මඟ සැලසිණි.
මෙම වැඩසටහනේ සාර්ථකත්වයට රාජ්ය ආයතන, ආයතනික හවුල්කරුවන්, ස්වේච්ඡා කණ්ඩායම් මාධ්ය ආයතන සහ ක්ෂේත්රයේ කටයුතු කළ කණ්ඩායම්වල සාමූහික දායකත්වය බෙහෙවින් ඉවහල් විය. පේරාදෙණිය විශ්වවිද්යාලය, ESOFT Uni, APIIT, SLIIT, AIBT, BCAS, SLIATE සහ ANC යන උසස් අධ්යාපන ආයතන නියෝජනය කළ ශිෂ්ය ස්වේච්ඡා කණ්ඩායම් ද මේ සඳහා සහාය ලබාදුන්හ. පිරිසිදු පරිසරයක් සහ සම්පත් අපතේ නොයවා නැවත ප්රයෝජනයට ගන්නා අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔවුන්ගේ සහභාගීත්වය තුළින් ඉස්මතු විය.
ශ්රී ලංකාවේ ප්රතිචක්රීකරණ හා සම්පත් කළමනාකරණ ක්ෂේත්රයේ කටයුතු කරන නෙප්චූන් රිසයික්ලර්ස් සමාගම, වගකීම් සහගතව අපද්රව්ය කළමනාකරණය සහ ඉවතලන ද්රව්ය නැවත ප්රයෝජනයට ගැනීම දිරිගන්වන සාමූහික වැඩසටහන් සඳහා අඛණ්ඩව සහාය දක්වයි. ඇසළ පෙරහැර සමයේ මෙම වැඩසටහනට ලබාදුන් දායකත්වය ද පරිසරය සුරැකීම සඳහා විවිධ පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමේ ප්රවේශයේ තවත් පියවරකි.
පරිසරය සුරැකීම ව්යාපාරික වගකීමේ කොටසක් ලෙස සලකන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය, සිය සමාගම් හරහා විවිධ ආයතන සහ ප්රජාව සමඟ එක්ව ප්රායෝගික තිරසාරත්ව වැඩසටහන් සඳහා දායක වෙයි. ව්යාපාරික ප්රතිලාභවලින් ඔබ්බට ගොස්, ප්රජාවට සහ පරිසරයට යහපතක් සිදු කරන වැඩසටහන් සඳහා සමූහය දක්වන කැපවීම මෙම ප්රයත්නය තුළින් ද පිළිබිඹු වේ.


