රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන Intex-InMac ශ්‍රී ලංකා 2026 ප්‍රදර්ශනය අගෝස්තු 5-7 දක්වා BMICH හීදී

Capture

ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය එකම වහලක් යටට කැඳවමින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි සැපයුම් වේදිකාව වන Intex සහ රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික ප්‍රදර්ශනය වන InMac  එක්ව මෙහෙයවන Intex-InMac Sri Lanka 2026 ප්‍රදර්ශනය අගෝස්තු මස 5 වැනි දින සිට 7 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.



ප්‍රදර්ශන ක්ෂේත්‍රය තුළ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ප්‍රදර්ශනය තුළින් රෙදිපිළි සපයා ගැනීම, ඇඟලුම් නිෂ්පාදනය සහ කාර්මික නවෝත්පාදනයන් සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ගමනාන්තයක් බව තවදුරටත් තහවුරු කරනු ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජික සංගම්, ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලය (SLCBCC) ඇතුළු ප්‍රමුඛතම ආයතන සහ වෙළෙඳ සංගම් රැසක සහයෝගය සහ අනුමැතිය Intex-InMac Sri Lanka 2026 ප්‍රදර්ශනයට ලැබී තිබේ.

මෙවර ප්‍රදර්ශනයේදී රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීම සඳහා රටවල් සහ කලාප 15කට වැඩි ප්‍රමාණයක් නියොජනය කරමින් ප්‍රදර්ශකයන් 250කට අධික පිරිසක් සහභාගි වනු ඇත. මෙහිදි Intex ප්‍රදර්ශනයට විලාසිතා රෙදිපිළි  (fashion fabrics),  තන්තු (fibres), නූල් (yarns), ඩෙනිම්, උපාංග,  sustainable and functional textiles, රසායනික ද්‍රව්‍ය, සායම් සහ textile processing solutions ඇතුළත් වෙයි.  මේ අතර නව පරපුරේ ඇඟලුම් යන්ත්‍රෝපකරණ, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් මැහුම් පද්ධතීන්, ස්වයංක්‍රිය කැපුම් සහ spreading තාක්ෂණය, ඩිජිටල් මුද්‍රණ විසඳුම්, කර්මාන්තශාලා ස්වයංක්‍රියකරණය සහ නිෂ්පාදන පිරිවැය අවම කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති ස්මාර්ට් නිෂ්පාදන තාක්ෂණය InMac ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙනු ඇත.

මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 12කට වැඩි ප්‍රමාණයකින් ගැණුම්කරුවන්, නියෝජිත කණ්ඩායම් සහ ප්‍රේක්ෂකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් ගෝලීය සැපයුම්, තාක්ෂණික සහයෝගීතා, ආයෝජන සහ ව්‍යාපාරික ව්‍යාප්තිය සඳහා කදිම අවස්ථාවන් නිර්මාණය වනු ඇත.

ප්‍රදර්ශනයේ සැලකිය යුතු වැදගත්කම සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ  ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ පැවසීය.

Intex-InMac Sri Lanka 2026 ප්‍රධාන වැනි කර්මාන්තශාලා ප්‍රදර්ශනයන් තුළින් වෙළෙඳ, නවෝත්පාදන සහ තිරසර වර්ධනය, අපනයනකරුවන්ට ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමේ හැකියාව සහ නව වෙළෙඳ ප්‍රවේශයන් කරා ව්‍යාප්ත වීමට මාහැඟි අවස්ථාවන් සලසා දෙයි.‘

GTEX-ITC සහ මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි සංගමයේ (MUTA) සහයෝගයෙන් සංවිධාන කරනු ලබන තෙදින අන්තර් ක්‍රියාකාරි ව්‍යාපාරික සංසද (IBF) සම්මන්ත්‍රණ මාලාව මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අංගය බවට පත්වනු ඇත. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් එකමුතු කරමින් නැඟී එන ප්‍රවණතා, තාක්ෂණික දියුණුව සහ ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ අනාගත ගමන්මඟ පිළිබඳ සාකච්ඡා එම සංසදය මඟින් පවත්වනු ඇත.

තාක්ෂණික ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් පළ කළ Worldex India ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආර්ති භගාත් මහත්මිය මෙසේ පැවසුවාය.

‘ස්මාර්ට් කර්මාන්තශාලා, දියුණු තාක්ෂණයන් සහ අඛණ්ඩ නවෝත්පාදනයන් මඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය හැඩගැසෙනු ඇත. InMac හරහා අප ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන විසඳුම් ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන් වෙත සමීප කරවන්නෙමු. එමඟින්  ඔවුන්ට ඵලදායිතාව ඉහළ නැංවීමට, පිරිවැය අවම කරගැනීමට සහ ගෝලීය වශයෙන් තරඟකාරී අනාගතයට සරිලන ආකාරයේ කර්මාන්තාලා බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත.‘

දශකයකට වැඩි කාලයක් පුරා Intex ප්‍රදර්ශනය මඟින් ගෝලීය සැපයුම්කරුවන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇති අතර, සැපයුම්දාමයන් ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ඇඟලුම් හා රෙදිපිළි අපනයනයන් තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 8ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය දක්වනු ලැබේ.

අගෝස්තු මස 5 වැනිදා සිට 7 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන Intex-InMac Sri Lanka 2026 ප්‍රදර්ශනය වෙත පැමිණෙන නවතම නවෝත්පාදනයන් අත්විඳීමට, මූලෝපායික සහයෝගිතාව ගොඩනඟා ගැනීමට, නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට, නිෂ්පාදකයන්ට, අපනයනකරුවන්ට, ගැණුම්කරුවන්ට, ආයෝජකයන්ට සහ පාර්ශ්වකරුවන්ට මින් ඇරියුම් කෙරේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව