
LMD විසින් 2026 වසර සඳහා ප්රකාශයට පත් කරන ලද, ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්ර වූ ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමට Prime සමූහය පසුගියදා සමත් විය. එහිදී ‘Sector Winner – Most Respected Real Estate Organisation’ යන ගෞරවණීය සම්මානය දිනාගැනීමට මෙන්ම, ව්යාපාර ව්යාප්තිය, රැකියා පරිසරය සහ සේවක යහපැවැත්ම යන අංශවලින්ද ඇගයීමට ලක් වීමට එම සමූහයට හැකියාව ලැබිණි
මීට අමතරව ව්යාපාර නවෝත්පාදනය, ආයතනික සංස්කෘතිය, ආයතනික ගතිකත්වය (Corporate Dynamism), ආයතනික තිරසාරත්වය, ආචාරධාර්මික දැක්ම, නායකත්වය, ජාතික ඉදිරි දර්ශනය, ක්රමෝපායික දැක්ම සහ ගුණාත්මකභාවය යන අංශවලින්ද සම්මාන හා ඇගයුම් හිමිකරගැනීමට සමූහය සමත් විය. Prime සමූහයේ සෑම ව්යාපාරික අංශයක්ම විශිෂ්ට මට්ටමක පවතින බවට මෙය මනා සාක්ෂියකි.
දශක තුනකට අධික ඉතිහාසයක් ඇති Prime සමූහය ඉඩම්, නිවාස සහ මහල් නිවාස සංවර්ධන ව්යාපෘති රාශියක් ඔස්සේ ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ උන්නතියට සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. එම සමූහය මේ වන විට දිස්ත්රික්ක 18 ක් පුරා ඉඩම් ව්යාපෘති 10,000 කට අධික සංඛ්යාවක් සහ නිවාස හා මහල් නිවාස සංවර්ධන ව්යාපෘති 70 කට අධික සංඛ්යාවක් ක්රියාත්මක කර ඇත. මෙම ව්යාපෘති ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් දේපළ මිලදී ගනිමින්, තම අනාගතය වෙනුවෙන් ඵලදායී ලෙස ආයෝජනය කිරීම සඳහා අවස්ථාව උදාකර දීමට සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.
ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්ර වූ දේපළ වෙළෙඳාම් සමාගම ලෙස නම් කරනු ලැබීම හුදෙක් දේපළ වෙළඳාම් ක්ෂේත්රයට පමණක් අදාළව හිමි වූ ඇගයීමක් නොවේ. එය පරම්පරා ගණනාවක් පුරා ගොඩනඟාගත් විශ්වාසයත්, කාලයත් සමඟ වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවන්ට ගැළපෙන සංවර්ධන ව්යාපෘති ඔස්සේ දීර්ඝකාලීන ප්රතිලාභ පිරිනැමීමට සමූහය දරන උත්සාහයේ සාර්ථකත්වයත් පිළිබිඹු කරයි. එම සාර්ථකත්වය වෙනුවෙන් Prime සමූහය මේ දක්වා අවස්ථා 8 කදී ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවයට පාත්ර වූ ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.
Prime සමූහය විවිධ දේපළ කාණ්ඩ සහ ජීවන රටාවන් ඉලක්ක කරගෙන දේපළ සංවර්ධන ව්යාපෘති රාශියක් ක්රියාවට නංවා තිබේ. ජාත්යන්තර දේපළ වෙළෙඳාම් ක්ෂේත්රය තුළ ශ්රී ලංකාවේ කීර්තිනාමය රන් අකුරින් සනිටුහන් කරන කොළඹ වරාය නගරයේ (Port City Colombo) Prime Marina වැනි දැවැන්ත ව්යාපෘතිවල සිට YOLO Kiribathgoda සහ Venezia Negombo වැනි සුවිශේෂී ව්යාපෘති දක්වා, සමකාලීන ජීවන රටාවන්හි නව මානයන් ස්පර්ෂ කරන ව්යාපෘති ක්රියාවට නැංවීමට සමූහය අඛණ්ඩව කටයුතු කරයි. ඊට අමතරව Elizabeth Colombo 07, Monvie Colombo 05 සහ The Golf Colombo 08 ඇතුළු කැපීපෙනෙන නාගරික සංවර්ධන ව්යාපෘති රාශියක් සමූහය විසින් මේ වන විට ක්රියාවට නංවා ඇත.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් Prime සමූහයේ ප්රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය:
“ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්ර වූ දේපළ වෙළෙඳාම් සමාගම ලෙස ඇගයීමට ලක්වීම, වසර ගණනාවක් පුරා අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසයට මෙන්ම, අපගේ කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීමට මනා සාක්ෂියක්. අපගේ ව්යාපෘති එකතුව තවදුරටත් පුළුල් කරමින් නව අවස්ථා ගවේෂණය කරන අතරම අපගේ පාරිභෝගිකයන්ට ඉහළම තලයේ ප්රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි. දශක තුනක උරුමය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යමින්, ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය ගෝලීය තලයට ඔසවා තැබීමට අප කැප වී සිටිනවා.”
දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ වෙනස්කම්වලට හොඳින් ප්රතිචාර දක්වමින්, නවෝත්පාදනය, වගකීම්සහගත ව්යාපාරික භාවිතයන් සහ පාරිභෝගික විශ්වාසය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාම Prime සමූහයේ අරමුණ වී තිබේ. LMD වෙතින් ලැබුණු මෙම නවතම ඇගයීම් එම අරමුණ කරා යන ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය 1995 වසරේ ආරම්භ වූ දා පටන් සමූහයේ ගමන්මඟ හැඩගැස්වූ වටිනාකම් තවදුරටත් තහවුරු කරනු ඇත.
ඉදිරියටත් තම උරුමය තුළින් පන්නරය ලබමින් ශ්රී ලංකාවේ වේගයෙන් වෙනස් වන දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ පවතින ඉල්ලුම සපුරාලන අතරම එය ජාත්යන්තර තලය වෙත රැගෙන යාමට Prime සමූහය කැප වී සිටී.


