ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කුකුළු ගොවීන් සවිබල ගැන්වීමට නිව් ඇන්තනීස් සහ IFC එක්වෙයි

Logo - New Anthoney's

කොළඹ නගරයේ ජීවත්වන බොහෝ දෙනෙකුට සිතියමකින් පවා හඳුනාගැනීමට නොහැකි දුෂ්කර ග්‍රාමයක පිහිටි කුඩා ගොවිපළක, ගොවි කාන්තාවක් හිරු උදාවීමටත් පෙර සිය බ්‍රොයිලර් කුකුළු කූඩුව වෙත ගොස් එහි උෂ්ණත්වය පරීක්ෂා කරනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) පිළිබඳ කිසිදු දැනුවත්භාවයක් නොමැති වුවත්, ඇය වසර ගණනාවක් සිට සෑම උදෑසනකම මෙම කාර්යයේ නිරත වෙයි. ඇය විසින් ඇති කරන මෙම කුකුළන් කිසිදු විටක ඇගේ නාමය හිමිවන්නේ නැත. ඒවා වෙළඳපොළට ප්‍රවේශ වන්නේ නිව් ඇන්තනීස් නාමය යටතේය. එහෙත් ඇගේ ආදායමත්, ඇය දරන අවදානමත්, ඇගේ දරුවන්ගේ අනාගතයත්  රඳා පවතින්නේ මෙම හවුල්කාරිත්වයේ සාර්ථකත්වය මතයි.



මෙම ක්‍රමවේදය කොන්ත්‍රාත් ගොවිතැන ලෙස හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකාවේ කුකුළු පාලන කර්මාන්තයේ නිහඬ කොඳු නාරටියයි. මේ වනවිට නිව් ඇන්තනීස් සමාගම විසින් මෙම ක්‍රියාවලිය පුළුල් කිරීමට පියවර ගනිමින් සිටීයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් නිව් ඇන්තනීස් ෆාම්ස් වෙත ඩොලර් මිලියන දහයක මුදලක් ආයෝජනය කිරීමට කටයුතු කොට ඇති අතර, ඉන් කොටසක් ගෝලීය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ (GAFSP) පුද්ගලික අංශයේ අරමුදලින් ලබාගෙන ඇත. එහෙත් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිත ගම්මානවලට ගොවි ප්‍රජාවට සැබෑ වටිනාකම ගෙන තවත් කරුණක් ඇත. එනම් මෙමඟින් අවම වශයෙන් කුඩා පරිමාණ ගොවීන් දෙසිය දෙනෙකුට සෘජුවම ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂා කිරීමයි. ඔවුන්ගෙන් බහුතරයක් අඩු ආදායම්ලාභීන් වේ. ඒ අතරින් පහෙන් එකක් කාන්තාවන් වන අතර, ඔවුන් තමන්ගේම කුකුළු පාලන ව්‍යාපාර ස්වාධීනව සිදු කරමින් පවතී.

 ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ගොවීන්ගේ දැනට පවතින අභියෝගාත්මක තත්ත්වය

මේ පිළිබඳ කතාබහ කිරීමේදී ශ්‍රී ලංකාවේ කුකුළු පාලන කර්මාන්තයේ ප්‍රධාන පදනම වන්නේ කුඩා පරිමාණ ගොවීන්ය. ඔවුන් රටේ සමස්ත කුකුළු ගොවිපළවලින් 85% ක් පමණ නියෝජනය කළද, ජාතික කුකුළු මස් නිෂ්පාදනයට දායක වන්නේ ඉන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයකි. ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නොමැති වීම, උසස් තත්ත්වයේ නිෂ්පාදන  නියමිත වේලාවට සහ සාධාරණ මිලට ලබාගැනීමේ දුෂ්කරතා මෙන්ම විශාල සමාගම් හා විශාල ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමේදී ඇති වන ගැටලු හේතුවෙන්, ඔවුන් දිගුකාලීන අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිති.

කෙසේ වෙතත්, නිව් ඇන්තනීස් සමාගමේ ආකෘතිය මීට වඩා වෙනස්ය. කොන්ත්‍රාත් ගොවිතැන සහ බාහිර වගාකරුවන් යන ක්‍රමවේදයන් හරහා, සමාගමේ සමස්ත නිෂ්පාදනයෙන් 40% ක් වැනි ඉහළ දායකත්වයක් දැනටමත් ලබාදෙන්නේ කුඩා පරිමාණ ගොවීන් විසිනි . එය ශ්‍රී ලංකාවේ කුකුළු කර්මාන්තයේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ අංගයක් ගනියි. දැනට ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කුඩා පරිමාණ ගොවීන් සමඟ ගොඩනඟා ඇති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ඔවුන්ගේ ධාරිතාව, ආදායම් ස්ථාවරත්වය  සහ වෙළඳපොළ වෙත පිවිසීමේ අවස්ථා වැඩිදියුණු කිරීමයි.

විධිමත් කොන්ත්‍රාත් ක්‍රමය මඟින් වෙනස් වන දේ

මෙහි ක්‍රියාකාරීත්වය සරල ලෙස පෙනුන ද, එයින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැකිය. කොන්ත්‍රාත් ගොවියෙකු වෙත නිව් ඇන්තනීස් සමාගම විසින් දිනක් වයසැති පැටවුන්, සත්ව ආහාර සහ අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සපයනු ලබයි. ගොවියාගේ වගකීම වන්නේ සත්ව සුභසාධන හා ජෛව ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව එම සතුන් වර්ධනය කිරීමයි. එම ක්‍රියාවලිය අවසානයේ සමාගම විසින් පෙර එකඟ වූ පරිදි අදාළ මිලට අවසන් නිෂ්පාදනය නැවත මිලදී ගනු ලබයි. මෙම ක්‍රමවේදය හරහා ගොවියාට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ගැටලුව වන වෙළෙඳපොළ මිල වෙනස් වීමේ අවදානම සමාගම විසින් භාර ගනු ලබන අතර  සෑම ගොවිපළක්ම සමාගමේ සෘජු පාලනය යටතට නොගෙන, හවුල්කාරිත්වය මත පදනම්ව නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සමාගමට අවස්ථාව සැලසේ. ග්‍රාමීය පවුලකට මෙම ව්‍යාපාරය, වෙළෙඳපොළේ  වෙනස්කම් මත රඳා පවතින අනෙකුත් ව්‍යාපාරයන්ට වඩා, ආදායම් ස්ථාවරත්වයක් සහ අමතර වාසි ලබා දෙන දිගුකාලීන ජීවනෝපාය මාර්ගයක් ලෙස ක්‍රියා කරයි.

IFC ආයෝජනය මඟින් වෙනස් කරනු ලබන්නේ මෙහි පරිමාණය සහ විධිමත්භාවයයි. නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමත් සමඟ රැකියා 900කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට නිව් ඇන්තනීස් අපේක්ෂා කරන අතර, ඊට සමගාමීව බාහිර වගාකරුවන්ගේ ජාලය ද වර්ධනය වනු ඇත. එහිදී අලුතින් එක්වන ගොවීන්ගෙන් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරේ. මෙම සංඛ්‍යාව පිළිබඳව මොහොතක් අවධානය යොමු කළහොත්, ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කුකුළු පාලනය සාම්ප්‍රදායිකව සලකනු ලැබුවේ අමතර ආදායම් මාර්ගයක් ලෙසයි. එය ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස පිළිගැනීමට ලක්වූයේ ද ඉතාමත් කලාතුරකිනි. නිශ්චිත යෙදවුම් සහ සහතික කළ මිලදී ගැනීමේ සහිතව විධිමත් කොන්ත්‍රාත් ක්‍රමය මඟින් මෙම කාර්යයට නව වටිනාකමක් සහ නීත්‍යානුකූල තත්ත්වයක් හිමිවේ. එය බැංකු මූල්‍ය පහසුකම් සඳහා පිළිගත හැකි මට්ටමේ විධිමත් ආදායම් මාර්ගයක් බවට පත්වන අතර, ග්‍රාමීය පවුලකට එක් නිෂ්පාදන වාරයක් පිළිබඳ පමණක් නොව, මුළු වසරක ආර්ථික සැලසුම් ගොඩනැගීමට අවස්ථාව සලසයි.

ආහාර දාමය තුළ ස්ථාවර භූමිකාවක් හිමි කර ගැනීම

සමාජයේ බොහෝ දෙන අතර කතාබහට ලක්වෙන එහෙත් කලාතුරකින් අවධානයට යොමුවන, මෙම ක්‍රියාවලිය තුළ සැඟවී පවතින තවත් වැදගත් අංගයක් වන්නේ ආහාර සුරක්ෂිතතාවයි. ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් පහසුවෙන් ලබාගත හැකි සත්ව ප්‍රෝටීන ප්‍රභවයක් වන කුකුළු මස්, සාමාන්‍ය පවුල්වල දෛනික ජීවන වියදම සමඟ සෘජුවම සම්බන්ධ වේ. ඔවුන් ඉන්ධන මිල පිළිබඳ අවධානයෙන් සිටින ආකාරයටම, කුකුළු මස් මිලෙහි වෙනස්වීම් පිළිබඳව ද අවධානයෙන් සිටියි.  දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීම, විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන්ට වඩා හොඳ වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාදීම සහ අඛණ්ඩ නිෂ්පාදන ගොඩනැඟීම, කොන්ත්‍රාත් ගොවිතැනට සෘජුව සම්බන්ධ නොවන පාරිභෝගිකයන්ට පවා මෙම ප්‍රෝටීන ප්‍රභවය සාධාරණ මිලකට ලබාගැනීමේ හැකියාව කෙරෙහි ද බලපායි. නිව් ඇන්තනීස් ශ්‍රී ලංකාවේ පූර්ණ වශයෙන් ප්‍රතිජීවක රහිත කුකුළු නිෂ්පාදකයෙකු ලෙස හිමි කරගෙන ඇති ස්ථානය සැලකිල්ලට ගත්විට මෙම ස්ථාවරත්වයේ වැදගත්කම තවත් ඉහළ යයි. මන්ද, එම ගුණාත්මක ප්‍රමිතිය විශාල පරිමාණයෙන් පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන්නේ ද මෙම කොන්ත්‍රාත් ගොවි ජාලයටම බැවිනි. IFC ආයතනය ද මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය දැක්ම තුළ එය පැහැදිලිවම දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීමේ පියවරක් ලෙස හඳුන්වා දෙයි. එහිදී කුඩා පරිමාණ ගොවීන් කර්මාන්තයට සම්බන්ධ කිරීම, අමතර අංගයක් නොව, වඩාත් ස්ථාවර සහ ශක්තිමත් කුකුළු කර්මාන්තයක් නිර්මාණය කිරීමේ මූලික සාධකයක් ලෙස සැලකේ.

ගොවිපළෙන් ඇරඹෙන නායකත්වය

නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, 1986 වසරේදී කුඩා පරිමාණ ව්‍යවසායක් ලෙස ආරම්භ වූ සමාගමේ මීළඟ අදියර මෙම හවුල්කාරිත්වය බවයි. එදා කුඩාවට ආරම්භ වූ මෙම ව්‍යාපාරය අද වන විට රට පුරා සිටින කුඩා පරිමාණ ගොවීන්ට විධිමත් වෙළඳපොළ ප්‍රවේශය ලබා දීමට තරම් ශක්තිමත් වී ඇත. ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය 2018 දී හඳුන්වා දුන් අතර ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු නිෂ්පාදකයෙකුට එය තවමත් සම කළ නොහැකි වී ඇත. සභාපති එමිල් ස්ටැන්ලි මහතා පෙන්වා දෙන්නේ මෙම ප්‍රමිතිය ග්‍රාමීය ගොවි ජාලයෙන් වෙන් කළ නොහැකි බවයි. කොන්ත්‍රාත් ගොවීන් විසින් අනුගමනය කරන ජෛව ආරක්ෂණ හා සත්ව සුභසාධන ප්‍රමිතීන් සමස්ත සමාගමේ විශ්වසනීයත්වය සහ නිෂ්පාදන ගුණාත්මකභාවය මත රදා පැවතීම ඊට ප්‍රධාන හේතුවයි.

මේ මොහොතේ මෙය වැදගත් වන්නේ ඇයි

මෙය කිසිසේත්ම පුණ්‍යායතනයක් නොවන අතර මෙයට සම්බන්ධ වී කිසිදු කිසිවකු එය එලෙස හඳුන්වන්නේ ද නැත. IFC ආයතනයේ මැදිහත්වීම සහ GAFSP හරහා ලැබෙන සහනදායී මූල්‍ය දායකත්වය පවතින්නේ, වාණිජමය පදනමක් මත පමණක් කුඩා පරිමාණ ගොවීන් සම්බන්ධ කරගත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අවදානම් අවම කරමින්, දිගුකාලීන තිරසාර හවුල්කාරිත්වයක් ගොඩනැගීම සදහායි.

ආසියා පැසිෆික් කලාපයේ නිෂ්පාදන, කෘෂි ව්‍යාපාර සහ සේවා පිළිබඳ IFC හි කලාපීය කර්මාන්ත අධ්‍යක්ෂ කාර්ස්ටන් මුලර් මහතා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපෘතිය වඩාත් ඔරොත්තු දෙන නිෂ්පාදන වටිනාකම් දාමය ගොඩනැගීමට දායක වන බවයි. එහිදී සමාගමේ වර්ධනයට සමගාමීව කුඩා පරිමාණ ගොවීන්ගේ ඵලදායිතාව සහ වෙළඳපොළ ප්‍රවේශය ද එක්ව වර්ධනය වේ.

සමාගමේ අපනයන ව්‍යාපාරය සැලකීමේදී, මෙම ව්‍යාප්තිය මඟින් නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම නව ධාරිතාවන් සක්‍රීය වූ පසු වාර්ෂික අපනයන ප්‍රමාණය 30%කින් පමණ වර්ධනය වනු ඇති බවට ගණනය කොට ඇත. එහෙත්, මෙම කතාවේ සැබෑ වටිනාකම ඇත්තේ අපනයන සංඛ්‍යා ලේඛන තුළ නොව, කුරුණෑගල හෝ ගම්පහ ප්‍රදේශවල ගොවි කාන්තාවන් අලුයමට පෙර අවදි ව සිය කුකුළු මඩුවේ උෂ්ණත්වය පරීක්ෂා කරනා කාර්යය තුළයි. මෙම ජාලයට එක්වන නව කොන්ත්‍රාත් ගොවීන්ගෙන් 20%ක් පමණ කාන්තාවන් වන අතර, ඔවුන් විධිමත් ව්‍යාපාරික අවස්ථා හරහා ස්වාධීන ව්‍යවසායිකාවන් බවට පත්වෙමින් සිටිති.

මෙම ආයෝජනයේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ නැව්ගත කරන අපනයන දත්තවලින් නොව, වෙළඳපොළ මිල වෙනස් වීම් හමුවේ අසරණව සිටි ග්‍රාමීය පවුල් සංඛ්‍යාවකට විධිමත් ගිවිසුමක් හරහා හිමිවන ආර්ථික සුරක්ෂිතතාවය මතය. විශේෂයෙන්ම, මෙතෙක් නිවස තුළටම  සීමා වී තිබූ කාන්තා ශ්‍රමය, පළමු වතාවට නීත්‍යානුකූල ලේඛන තුළ තමන්ගේම නමින් පිළිගැනීමක් ලබමින් නිල ව්‍යවසායකත්ව භූමිකාවක් දක්වා වර්ධනය වීම මෙම හවුල්කාරිත්වයේ වැදගත්ම සමාජීය පරිවර්තනයකි. ඩොලර් මිලියන දහයක ආයෝජනය සමඟ සසඳන විට මෙය කුඩා කතාවක් සේ පෙනුන ද, මෙම නිවේදනය මාධ්‍ය සිරස්තලවලින් ඉවත්ව ගිය පසුවත්, එහි සැබෑ වටිනාකම දිස්ත්‍රික්කයේ ගොවි ප්‍රජාව තුළ දිගුකාලීනව රැඳී පවතිනු ඇත.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව