
HUTCH සමාගම, කොළඹ කොටුව සහ මීගමුව යන ප්‍රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි තෙවන ශාඛාව ලෙස “Kandy Signature+” ශාඛාව මහනුවරදී පසුගිය දා විවෘත කෙරුණි.
මෙම නව ශාඛාව සාම්ප්‍රදායික වෙළඳසැල් සැලසුම්කරණයෙන් එහා ගිය සංකල්පයක් යටතේ නිර්මාණය කොට තිබේ. එහි අභ්‍යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පැලට් ලී, පුවක් කොළ, කෙසෙල් පට්ට සහ කුඹුරු ඇට වැනි තිරසාර ලෙස සපයා ගත් ද්‍රව්‍යයන්ගෙන් නිමවා තිබූ අතර දේශීය කලා ශිල්පීන්ගේ නිර්මාණශීලී දෑතින් මෙහි ඇති සෑම අංගයක්ම නිමවී තිබුණි. එමඟින් මෙම වෙළඳසැල් ජාලය චක්‍රීය ආර්ථිකයක ප්‍රතිලාභ සමග සම්බන්ධ කරමින් ඒ පිටපස සිටින ප්‍රජාවටද ඍජු වටිනාකමක් එක් කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
එමෙන්ම මෙම අද්විතීය සැලසුමට අමතරව, මහනුවර පිහිටි Signature+ ශාඛාව මගින් පාරිභෝගිකයින්ට ද වෙනස්ම අත්දැකීමක් ලබා දී තිබුණි. ස්වාභාවික පරිසරයක ආභාෂය ලත් සුවපහසු වටපිටාවක් තුළ පිහිටුවා ඇති මෙම නව ශාඛාව, HUTCH සමාගමේ නිෂ්පාදන සහ සේවාවන් ගවේෂණය කිරීමටත් පාරිභෝගික සහාය ලබා ගැනීමට මෙන්ම ගනුදෙනුවකට පමණක් සීමා නොවී සමාගම සමඟ සම්බන්ධ වීමටත් පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී තිබේ. තවද, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (UN SDGs) වෙනුවෙන් Hutch සමාගම දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින්, මෙම ශාඛාව සිය මෙහෙයුම් කටයුතු බලගැන්වීම සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන අතර, භාවිතයෙන් ඉවත් කළ ජංගම දුරකථන වගකීමෙන් යුතුව බැහැර කිරීමට e-waste එකතු කිරීමේ මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කොට තිබේ.
මෙහිදී අදහස් දක්වමින් HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍රා ගුප්තා මහතා ප්‍රකාශ කළේ, තිරසාරත්වය යනු අපට හුදෙක් පියසටහනක් පමණක් නොවන බවයි. එය අපගේ සෑම ක්‍රියාකාරකමක් තුළම අන්තර්ගත වූ මූලික ප්‍රතිපත්තියක් බවත් මහනුවර Signature+ ශාඛාව එම දැක්ම මනාව පිළිබිඹු කරන බවත් සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ බලශක්ති සංරක්ෂණය, පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය, දේශීය කලා ශිල්ප ඇතුළත් කිරීම සහ අප සේවය කරන ප්‍රජාවන් පිළිබඳ සැලකිලිමත් තීරණ ගැනීම තුළින්, නවීන සිල්ලර වෙළඳසැලක් කෙසේ විය යුතු ද යන්න මෙම ශාඛාව මගින් පෙන්නුම් කරන බවයි.මහනුවර වැනි ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුතු නගරයකට මෙවැනි සුවිශේෂී අත්දැකීමක් රැගෙන ඒමට හැකි වීම පිළිබඳව අපි මහත් සේ ආඩම්බරයට පත් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිල්ලර සහ ව්‍යවසායක සේවා අත්දැකීම නව මානයකට රැගෙන යමින්, Signature ශාඛා ජාලය දිවයින පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට HUTCH සමාගම බලාපොරොත්තු වේ.


