නිව් ඇන්තනීස් සමාගම MasterChef Sri Lanka Season 2 හි නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස නැවතත් එක්වෙයි

1- Masterchef S2 Anthoney's sponsorship (LBN)

MasterChef Sri Lanka රියැලිටි වැඩසටහනේ පළමු අදියරෙන් ආරම්භ වූ ඒ නොබිඳුණු සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, එම වැඩසටහනේ දෙවන අදියරේ නිල කුකුළු මස් සැපයුම්කරු ලෙස නැවතත් එක්වන බව නිව් ඇන්තනීස් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දිවයිනේ දක්ෂතම ගෘහස්ථ සූපවේදීන්ගේ කුසලතා එළිදක්වන MasterChef සූපගාරය වෙත උසස්ම තත්ත්වයේ ප්‍රමිතියෙන් යුතු කුකුළු මස් සපයන බවට වූ විශ්වාසනීය සහතිකය නැවතත් තහවුරු කරමින් දශක හතරකට වැඩි ඉතිහාසයක් සහිත නිව් ඇන්තනීස් සමාගම හරහා ප්‍රතිජීවකවලින් තොර, විද්‍යාත්මකව තහවුරු කරන ලද ශ්‍රී ලංකාවේ උසස්ම තත්ත්වයේ කුකුළු මස් නිෂ්පාදන මෙවරත් MasterChef තරගකරුවන්ට හිමිවනු ඇත.



Masterchef Sri Lanka රියැලිටි වැඩසටහනේ පළමු අදියර 2026 පෙබරවාරි 14 වන දින Sri Lanka on a Plate යන තේමාව යටතේ ITN නාලිකාව ඔස්සේ විකාශනය වූ අතර එය කොටස් 25 කින් සමන්විත විය. මෙම පළමු අදියරේ තරගාවලිය සඳහා දිවයිනේ නන් දෙසින් තරගකරුවන් එක් වී සිටියහ. 2026 මැයි 09 වන දින, හසලක ප්‍රදේශයේ සංජුල මනෝජ් ප්‍රථම Masterchef Sri Lanka කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර, නිර්මාණශීලීත්වය, සන්සුන් බව සහ ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර සම්ප්‍රදාය සැබෑ ගුණාත්මකභාවයකින් යුත් ආහාර නිර්මාණයක් බවට පත්කිරීමේ හැකියාව මැනවින් පරීක්ෂාවට ලක් කරන ලද මෙම තරගාවලියෙන් ඔහු  ජයග්‍රහණය හිමිකර ගත්තේය.

ජාත්‍යන්තරව ඇගයීමට පාත්‍ර වූ සූපවේදී පීටර් කුරුවිටගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි වූයේ සවින්ද්‍රි පෙරේරා, රොහාන් ප්‍රනාන්දුපුල්ලේ සහ කපිල ජයසිංහ යන පිරිසයි.  ප්‍රමිතියට සරිලන පරිදි උසස් ඇගයීම් මට්ටමකින් පැවැත් වූ මෙම වැඩසටහන රටවල් 72 ක් පුරා විකාශනය වූ අතර එම ජාත්‍යන්තර වැඩසටහන් මාලාවේ 71 වන ජාත්‍යන්තර අනුවර්තනයක් ලෙස පැවැත් වූ MasterChef Sri Lanka හි පළමු අදියර මගින් තහවුරු කළේ ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියට ජාත්‍යන්තරය තුළ දැවැන්ත පෙරළියක් සිදු කළ හැකි බවයි.

ඒ අනුව ​මෙම සබඳතාව දෙවන අදියර දක්වාත් දීර්ඝ වූයේ හුදෙක් සම්ප්‍රදායික එකඟතාවක් මත නොවන අතර MasterChef රියැලිටි වැඩසටහනේ පළමු අදියරේ සිටම නිව් ඇන්තනීස් සමූහය මෙහි නිල හවුල්කාරීත්වය දැරුවේ, මෙරට වෙනත් කිසිදු නිෂ්පාදකයෙකුට ලබාදිය නොහැකි සුවිශේෂී සහතිකයක් ඔවුන් සතුව පැවති බැවිනි. මෙම නිෂ්පාදනයේ කිසිදු අවස්ථාවක ඇන්ටිබයෝටික් භාවිත නොකරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ISO/IEC 17025 සහතිකය ලත් ආහාර සුරක්ෂිතතා සහ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරය සමඟ ඇති කරගත් වසර පහක අවබෝධතා ගිවිසුමක් මඟින් මෙම නිෂ්පාදනයේ උසස් බව ස්වාධීනව තහවුරු කර ඇත. මෙම වැඩහටහනේ දෙවන අදියර ආරම්භ වන්නේ වඩාත් ශක්තිමත් ලෙස ස්ථාපිත වූ මෙම ප්‍රමිතියත් සහ තමන්ගේ ආහාර පිඟානට පැමිණෙන නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් දැනුවත් වූ ප්‍රේක්ෂක පිරිසක් සමඟිනි.

මේ පිළිබඳ අදහස දක්වමින් නිව් ඇන්තනීස් ෆාම්ස්හි විධායක අධ්‍යක්ෂ සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර එරංග කුරුකුලආරච්චි මහතා ප්‍රකාශ කළේ, වැඩසටහන ආරම්භයේ සිටම පළමු අදියරේ කොටස්කරුවෙකු මෙන්ම දෙවන

අදියර සඳහාත් නැවත එක්වීමට ලැබීම ගැන අප මහත් සේ ආඩම්බර වන බවයි. MasterChef Sri Lanka වැඩසටහන රටේ ආහාර සංස්කෘතිය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර දී තිබෙන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ සූපවේදීන්ගේ දක්ෂතාවය තරම්ම ඒ පිටුපස ඇති අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය ද වැදගත් වන බවයි. එමෙන්ම නිව් ඇන්තනීස් සමාගම සෑම විටම ඒ ගුණාත්මකභාවය විශ්වාස කළ බවත් එම විශ්වාසය ජනතාව අතරට ගෙන යාමට ඇති සුදුසුම අවස්ථාව මෙය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සහයෝගීතාවය සිදුවන්නේ නිව් ඇන්තනීස් සමූහය සිය ව්‍යාපාරික ව්‍යාප්තියේ නව අදියරකට පිවිසෙමින් සිටින සුවිශේෂී අවස්ථාවකයි. මෙම මස මුලදී, ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශය නියෝජනය කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, සුළුපරිමාණ ගොවි ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපනයන හැකියාවන් පුළුල් කිරීමේ සැලසුම් සඳහා සහාය ලබාදෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් දක්වා ආයෝජනය කිරීමට එකඟ වී තිබේ.

මෙහි දෙවන අදියරේ තරගකරුවන්ට සූපාගාරය තුළ විශේෂ වාසියක් හිමි වේ. එනම් FSSC 22000, ISO 22000, HACCP සහ GMP ප්‍රමිතීන්ට අනුව සහතික ලත්, ජාත්‍යන්තර හලාල් සහතිකය සහ Control Union Netherlands විසින් සහතික කරන ලද ISO 14064-1:2018 යටතේ GHG සහතිකය ලත් නිෂ්පාදන භාවිත කිරීමට ලැබීමයි. එම පරිසර හිතකාමී සහතිකය හිමි ශ්‍රී ලංකාවේ එකම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් සමාගම වේ.

මෙහි සිල්ලර නිෂ්පාදන පෙළ අතරට ශ්‍රී ලංකාවේ පළමුවරට සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් කළ හැකි ඇසුරුම්වලින් සමන්විත, ප්‍රතිජීවක වලින් රහිත ‘HarithaHari’ නිෂ්පාදන, Crizzpys’ ශීතකළ නිෂ්පාදන, වෘත්තීය සූපගාර සඳහා වන ‘Chicken Havens HORECA’ නිෂ්පාදන  සහ ‘Meatlery’ සුඛෝපභෝගී මස් අයත් වේ. ​දෙවන අදියරේදී මෙම සමාගම තරග වදින්නේ මෙරට ප්‍රමුඛතම සූපවේදීන් මෙන්ම ජාත්‍යන්තර අපනයනකරුවන් විසින් අනුමත කරන ලද උසස් නිෂ්පාදනයන් ද සමඟිනි. මෙය හුදෙක් අනුග්‍රහකත්වය පිළිබඳ ප්‍රචාරණයක් පමණක් නොවන අතර මෙය සමාගමේ නිෂ්පාදන වල සැබෑ ගුණාත්මකභාවය හා උසස් ප්‍රමිතිය පිළිබඳ විශ්වාසනීය සහතිකයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව