HNB, නවතම වාහන මාදිලි රැසක් වෙනුවෙන් පුළුල් පරාසයක ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ අත්වැල් බැඳගනී

HNB Drives Financial Freedom with Micro Cars Limited - 1 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. මෙම හවුල්කාරිත්වය මගින් අපගේ පාරිභෝගික ප්‍රජාවගේ පුද්ගලික සහ ව්‍යාපාරික රථ වාහන අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමට මූල්‍ය නිදහස සහ විශ්වාසය ලබාදීමට අපි කටයුතු කරනවා. වාහනයක හිමිකාරිත්වය වෙනුවෙන් දකින සිහින සැබෑ කීරීමට අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිලකට හා දිගුකාලීන ප්‍රතිලාභයක් සලසාදෙන මූල්‍ය විසඳුම් ලබා දීම අපගේ අරමුණයි.” යනුවෙනි.



මූල්‍ය විශේෂඥතාව, පුළුල් පාරිභෝගික ඒකක ජාලය සහ සුවිශේෂී ඩිජිටල් හැකියාවන් සමඟින් HNB සිය ගනුදෙනුකරුවන් වෙත පහසු සහ කඩිනම් ලීසිං සේවාවක් සහතික කරයි. ජනතාව තුළ මූල්‍ය විශ්වාසය සහතික කිරීම හරහා රට පුරා තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා HNB හි අඛණ්ඩ කැපවීම මෙම සහයෝගීතාවය තුළින් අවධාරණය කරයි. මේ යටතේ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං පොලී අනුපාත, විධිමත් අනුමත කිරීමේ ක්‍රියාවලීන් සහ දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක හරහා ලබා දෙන උපදේශන සහාය භුක්ති විඳිය හැකිය.

“ශ්‍රී ලාංකිකයින්ගේ වාහන අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව අපි HNB හට ස්තූතිවන්ත වෙනවා. කාලාන්තරයක් මුළුල්ලේ ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් වන HNB හරහා, කුඩා ප්‍රමාණයේ සිට අති සුඛෝපභෝගී රථ වාහන දක්වා වූ පුළුල් පරාසයක් වෙනුවෙන් ලීසිං විසඳුම් ලබාගැනීමේ හැකියාව තියනවා.” Micro Cars පුද්. සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ සහ CRM ක්‍ඍඵ අංශ ප්‍රධානී, ජේකොබ් නිශාන්තන් මහතා පැවසුවේය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව