ගී සම්භාවනා ප්‍රසංගය එළි දැක්වේ

GEE SAMBHAWANA (LBN)

ශ්‍රාවක සවන් අමයුරු ගී රසින් පිනවන ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගය එළි දැක්වේ. ප්‍රවීණ ගායන ශිල්පීන් වන බණ්ඩාර අතාවුද, රොඩ්නි වර්ණකුල සහ නලින්ද රණසිංහ යන කළාකරුවන්ගේ සුසංයෝගයෙන් අලංකාරවත් වන නවතම සංගීත ප්‍රසංගය වනේ ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගයයි. ‘Knuckles’ වාදන කණ්ඩායමේ මියුරු සංගීතයෙන් හැඩ ගැන්වෙන එහි කථන කටයුතු ප්‍රවීණ ගේය පද රචක වසන්ත දුග්ගන්නාරාළ විසින් සිදු කරනු ලබයි. ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගය රටේ ඕනෑම ප්‍රදේශයක පැවැත්වීමට කටයුතු යොදා ගත හැකිය. 0777076067 දුරකතන අංකය ඔස්සේ ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකිය. ආදි ශිෂ්‍ය සංගම්, සුබ සාධක සංගම්, සමාජ සංවිධාන සහ වෙනත් විවිධ ආයතන සඳහා සුවිශේෂ වට්ටම් හඳුන්වා දී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව