ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රන් සම්මානයක්

Capture

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී (National Green Productivity Awards Ceremony) රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) මඟිනි. තිරසාරත්වයට මුල් තැන දීම, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම සහ අඛණ්ඩව මෙහෙයුම් වැඩිදියුණු කිරීම හේතුවෙන් ඊ.බී. ක්‍රීසි සහ සමාගම වෙත මෙම රන් සම්මානය හිමි විය.

ජාතික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ඊ.බී. ක්‍රීසි සහ සමාගම සෑම විටම කැප වී සිටින බවට මෙය මනා සාක්ෂියකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව