
Evolution Auto (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් 2026 සැප්තැම්බර් 25 වැනිදා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප හෝටලයේ Sangam Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, එමඟින් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී සහ උසස් ඩිජිටල් බුද්ධියේ ගමනාගමනය පිළිබඳ නවමු අත්දැකීමක් එක්කිරීමට සමත් විය.
“Build for those who Notice” යන දර්ශනය යටතේ ඉදිරිපත් කරන ලද සුවිශේෂී නිර්මාණයක් වන AVATR 07 මෝටර් රථය නවීන සුවපහසුව, උසස් ඩිජිටල් බුද්ධිය සහ නව්‍ය විදුලි වාහන තාක්ෂණය ඒකාබද්ධ කිරීමකි. මෙම හඳුන්වාදීම Evolution Auto හි වාහන මාදිළි පෙළ තවත් ශක්තිමත් පියවරක් තබමින් ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන්ට ගෝලීය වශයෙන් පිළිගත් නව්‍ය බලශක්ති වාහන ගෙන ඒම සඳහා දැඩි ඉළක්කයක් සහිත සමාගමක් බව පසක් කොට ඇත.
AVATR 07 මෝටර් රථයෙහි විශේෂත්වය වන්නේ එහි පසුබිම ගොඩනගන තාක්ෂණික හවුල්කාරීත්වයයි. වසර 160කට වැඩි මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ අත්දැකීමක් සහිත Changan Automobile සහ උසස් ස්මාර්ට් කැබින් තාක්ෂණය, බුද්ධිමත් රියදුරු පද්ධති සමඟ සම්බන්ධිත රථවාහන හැකියාවන් සඳහා ප්‍රකට Huawei මෙන්ම බැටරි තාක්ෂණික ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ නිෂ්පාදකයෙකු වන CATL යන ආයතන තුනේ දායකත්වය AVATR 07 මෝටර් රථයෙහි තාක්ෂණික පදනම ශක්තිමත් කර ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් ඉංජිනේරු, තාක්ෂණික බුද්ධිය සහ බලශක්ති නවෝත්පාදනය එකම වාහනයක් තුළ ඒකාබද්ධ වන අතර, AVATR 07 මෝටර් රථයේ නිර්මාණාත්මක හා තාක්ෂණික ගුණාත්මකත්වය එමඟින් හැඩගැසී ඇත.
ප්‍රධාන නිර්මාණ මෙහෙයුම් නිළධාරියා වන Nader Faghihzadeh යටතේ නිර්මාණය වූ AVATR 07 මෝටර් රථය සඳහා නිර්මාණ සැකසුම් මූලික සංකල්ප දර්ශනය වන්නේ සමබරතාවය යන්නයි. Golden-ratio proportions සහ 0.259ක් වන low drag coefficient එක මඟින් එහි sleek හා aerodynamic character එක තවදුරටත් ඉස්මතු වේ. එහි බාහිර නිර්මාණය තුළ දක්නට ලැබෙන සරලත්වය සහ නවීනත්වය, වාහනයේ විශිෂ්ටත්වයේ අනන්‍යතාවය වඩාත් ශක්තිමත් කරයි.
AVATR 07 හි luxury අත්දැකීම එහි බාහිර පෙනුමෙන් අවසන් නොවේ. Nappa leather seats, zero-gravity front seats සහ 8-point SPA massage වැනි පහසුකම් මඟින් මගීන්ගේ සුවපහසු සහ නිදහස් කැබින් අත්දැකීමක් නිර්මාණය කරයි. එයට එක්වන panoramic glass roof සහ ambient lighting මඟින් කැබින් එකට වඩාත් විවෘත හා ආකර්ෂණීය වාතාවරණයක් එක් කරයි. මේ සියල්ල එකට එක්වන්නේ රිය ධාවනයකට පමණක් නොවන අතර සැබෑ සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීමටයි.

AVATR 07 මෝටර් රථයෙහි 82.16 kWh CATL LFP battery එක සහ 365 N·m rear motor එක මඟින් NEDC අනුව කිලෝමීටර් 575ක් දක්වා ධාවන පරාසයක් ලබාදී ඇති අතර 3.3 kW V2L (Vehicle-to-Load) පහසුකම හරහා වාහනයේ බැටරි ධාරිතාවය බාහිර විදුලි උපකරණ සඳහාද භාවිත කළ හැකි බැවින් එය දෛනික භාවිතයේදී වාහනයේ බහුකාර්‍යතාව තවදුරටත් පුළුල් කරයි.
AVATR 07 මෝටර් රථයේ විශේෂත්වය luxury සහ performance වලින් පමණක් සීමා නොවේ. එහි intelligent technology ecosystem එකද වාහනයේ ප්‍රධාන අංගයකි. 100 TOPS computing capacity සහ sensors 27කින් සමන්විත intelligent system එක මඟින් real-time predictive safety සඳහා අවශ්‍ය තාක්ෂණික පදනම සපයයි. එමඟින් වාහනයේ ආරක්ෂාව සහ රිය පැදවීමේ පහසුව නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කරයි.
AVATR 07 මෝටර් රථය තුළට ඇතුළු වූ විට සුඛෝපභෝගීභාවයත් තාක්ෂණිකභාවයත් එකිනෙකට වෙන් කළ නොහැකි අත්දැකීමක් බවට පත්වේ. අඟල්-35.4 4K panoramic display එක සහ අඟල්-15.6 central touchscreen එක cabin එකේ ඩිජිටල් අත්දැකීමට මූලික වේ. Wireless Apple CarPlay සහ Android Auto පහසුකම්ද එයට එක්වීමෙන් සම්බන්ධතාව සහ පහසුකම් තවදුරටත් ඉහළ යයි.
Optional Smart Digital Rear-View Mirrors සහ 16-speaker Pioneer Premium 7.1 sound system එක සමඟින් AVATR 07 මෝටර් රථයතුළ ගමන වඩාත් උපරිම ඩිජිටල් අත්දැකීමක් හිමිවන එකක් බවට පත්වෙයි. AVATR 07 යනු electric SUV එකක් පමණක් නොවේ. එය නවීන සැළසුම්, තාක්ෂණික බුද්ධිය, කාර්‍ය සාදනය, ආරක්ෂාව හා සුඛෝපභෝගී භාවය එකම අත්දැකීමක් තුළ ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන නව පරම්පරාවේ උසස් තත්වයට සරිලන electric SUV එකකි.
මෙම නව නිශ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Evolution auto සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිළදාරී විරාන් ද සොයිසා මහතා මෙසේ කියා සිටියේය:
“AVATR 07 මෝටර් රථය හදුන්වාදීම Evolution auto සමාගමට මෙන්ම ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළ වෙනස් මඟකට යොමුකරනු ලබන සුවිශේෂී අවස්තාවක් ලෙස පෙන්වාදිය හැක. මෙය ඉන්ජිනේරු තාක්ෂණය, කෘතිම බුද්ධි තාක්ෂණය මෙන්ම උසස් බැටරි නවෝත්පාදනය කෙරෙහි නව විලාසිතාවක ආර්ථික රටාවක් ජයගත හැකි මඟ පිළිබඳ නවමු දැක්මක් එක්කරයි. AVATAR 07 මෝටර් රථය මඟින් අප අරමුණ Evolution Auto මඟින් බුද්ධිමත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට විශ්වාසනීය අලෙවිය හා අලෙවියෙන් පසු සේවාවන් ලබාදීමයි. “
ශ්‍රී ලංකාවේ උසස් තත්වයේ විද්‍යුත් රථවාහන වෙළෙඳපොළ තුළ නව අත්දැකීමක් සනිටුහන් කරමින් AVATR 07 මෝටර් රථයේ සුඛෝපභෝගීත්වය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වෙනස් කරමින් ගමනට නව අර්ථයක් එක් කිරීමට සූදානම්ව ඇත.
සුඛෝපභෝගීත්වය යනු දැන් පෙනුමක් පමණක් නොවන තාක්ෂණය, සුවපහසුව සහ නවමු අත්දැකීම් එකට එක්වන නව ගමනක් බවට Evolution Auto සමාගම AVATR 07 මෝටර් රථය හඳුන්වාදීම සමඟ පසක්කොට ඇත.
ඇත AVATR 07 මෝටර් රථය අත්විඳින්න කැමති පාරිභොගික ඔබට වැඩිදුර තොරතුරු සඳහා Evolution Auto සම්බන්ධවීමට අමතන්න 0744112132 හෝ www.avatr.lk වෙත පිවිස test drive වෙන්කරවාගන්න.
Evolution Auto: Sri Lanka’s largest Premium EV Portfolio


