Domino’s ශ්‍රී ලංකා 15 වසරක අභිමානය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ දිගම පීසාව (Pizza) නිර්මාණය කරයි

Image 2- Dominos Leadership Team (1) (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව – 2026 අගෝස්තු 13: ලොව විශාලතම පීසා සන්නාමය වන Domino’s, ශ්‍රී ලංකාවේ සිය 15 වන සංවත්සරය සැමරීම සඳහා මෙරට මෙතෙක් නිපදවා ඇති දිගම පීසාව නිර්මාණය කළ අතර, සිය සේවකයින් සහ හවුල්කරුවන් සමඟින් මෙම සුවිශේෂී අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර තිබේ.

Domino’s , 2011 වසරේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළට පිවිසි දා සිට, දිවයින පුරා විසිරී සිටින මිලියන දෙකක පාරිභෝගිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිය සේවාව ලබා දී ඇති අතර,  විවිධ සැමරුම්, පවුලේ උත්සව, මෙන්ම එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී ද ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත්ව ඇත.




මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් Domino’s ශ්‍රී ලංකා හි අලෙවිකරණ අංශ ප්‍රධානී ශයනා සෙනෙවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය: අපගේ 15 වැනි සංවත්සරය සැමරීමේදී,හුදු සංවත්සර සැමරීමකට සිමා නොවී  “Domino’s හි අනන්‍යතාවය නිරූපණය කිරීමට අපට අවශ්‍ය වුණා. ඒ අනුව  අපගේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීමට, එවැනිම සුවිශේෂී  නිර්මාණයක් කිරීමට හැකිවීම පිළිබඳ අපි සතුටු වනවා”

ගෝලීය සන්නාමයක් ලෙස Domino’s හි ශක්තිය ගොඩනැගී ඇත්තේ, ලොව පුරා පවතින Domino’s හි දැවැන්ත පරිමාණය, ගුණාත්මකභාවය සහ විශේෂඥ දැනුම, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් පිළිබඳ ගැඹුරු අවබෝධය සමඟ ඒකාබද්ධ කිරීම තුළින් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

වසර ගණනාවක් පුරා, දේශීය පාරිභෝගික රුචිකත්වයේ සිදුවන වෙනස්කම්වලට අනුකූලව Domino’s ශ්‍රී ලංකා සිය නිෂ්පාදන පරාසය අඛණ්ඩව වැඩිදියුණු කරමින් සිටී. තම ප්‍රධානතම නිෂ්පාදනය වන පීසා වලට අමතරව, දේශීය පාරිභෝගික රුචිකත්වය මත පදනම් වූ නවෝත්පාදන සිදු කරමින් පාරිභෝගිකයින් හට  Domino’s තෝරා ගැනීමට වැඩි ඉඩ කඩක් ලබා දීම සඳහා , Domino’s  රයිස් වර්ග සහ බර්ගර් වැනි නිෂ්පාදන දක්වා ද සිය නිෂ්පාදන ව්‍යාප්තිය සිදු කර ඇත.

චෙෆ් නාලක මහවත්තගේ  සංකල්පයකට අනුව Domino’s ආපනශාලා කණ්ඩායමේ මෙහෙයුම් දායකත්වයෙන්  සහ සුරංග පෙරේරාගේ නායකත්වයෙන්,  මෙම සුවිශේෂී පීසා නිර්මාණය ඉදිරිපත් කරන ලදී. මෙම සංවත්සර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය පුරා විසිරී සිටි විවිධ කණ්ඩායම් ඒකාබද්ධව දායක විය.

ශ්‍රී ලංකාව තුළ ‘ඩොමිනෝස්’ සන්නාමය අඛණ්ඩව නවෝත්පාදනයන් කරා යොමු කරමින් සහ එහි ප්‍රමිතිය ඉහළ නංවමින් ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමෙහිලා දැක්වූ නායකත්වය වෙනුවෙන්, Domino’s ශ්‍රී ලංකා’ හි ප්‍රධානී (Country Head) විජය භාස්කර් මහතා ද මෙම අවස්ථාවේදී ඇගයීමට ලක් කෙරිණි.

මෙම සංවත්සරය සමරනු ලබන්නේ තවත් සුවිශේෂී කාල පරිච්ඡේදයකට සමගාමීවය, එනම් 2024 සහ 2025 යන වසර දෙකේදීම සමස්ත කාර්යසාධනය වෙනුවෙන් කීර්තිමත් ‘Golden Franny’ සම්මානයෙන් පිදුම් ලැබීමට  Domino’s ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟම, එම ගෝලීය ගෞරවය හිමිකරගත් පළමු දකුණු ආසියානු වෙළඳපොළ බවට පත්වීමට ද Domino’s ශ්‍රී ලංකාවට හැකි විය.

සිය 15 ස් වසරක ගමන් මඟ මත පදනම් වෙමින්, ගෝලීය Domino’s සන්නාමයේ පරිමාණය සහ විශේෂඥතාව තවදුරටත් උපයෝගී කරගන්නා අතරම, නවෝත්පාදනය, පාරිභෝගික අත්දැකීම, පහසුව සහ දේශීය අවශ්‍යතාවලට වඩාත් සමීප වීම යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් තම වර්ධනයේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීමට Domino’s ශ්‍රී ලංකා සැලසුම් කර ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව