DFCC ගරුසරු විශ්‍රාම ණය පහසුකම තුළින් විශ්‍රාමිකයන්ට සහ ඔවුන්ගේ දරු මුණුපුරන්ගේ අනාගතය වෙනුවෙන්ද ප්‍රතිලාභ රාශියක්

Garusaru Image (LBN)

DFCC බැංකුව සිය ‘DFCC ගරුසරු’ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් වැඩිදියුණු කළ නව ප්‍රතිලාභයක් හඳුන්වා දී ඇත. මේ හරහා සුදුසුකම් ලබන රජයේ විශ්‍රාමිකයන්ට සහනදායී ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන අතරම, ‘DFCC Junior’ ‍ළමා ඉතුරුම් ගිණුම් හරහා තම දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩනැඟීමේ සුවිශේෂී අවස්ථාව ද හිමි වේ.

මෙම වැඩිදියුණු කළ මූල්‍ය ප්‍රතිලාභය මඟින්, බොහෝ වැඩිහිටියන් තම පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම උදෙසා අඛණ්ඩව ඉටුකරන වැදගත් කාර්යභාරය අගය කරනු ලබයි. එහිදී ඔවුන් තම පෞද්ගලික මූල්‍ය අවශ්‍යතා සමබරව පවත්වාගන්නා අතරතුරම, මීළඟ තරුණ පරපුරේ අනාගත සුභසාධනය වෙනුවෙන් දායක වීමට දක්වන උනන්දුව මින් මනාව හඳුනාගෙන ඇත.




මෙම නව වැඩපිළිවෙළ යටතේ, ‘DFCC Junior’ ‍ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කර නියමිත ඉතුරුම් ඉලක්ක සපුරාලන ‘ගරුසරු’ ගනුදෙනුකාරභවතුන්ට 0.5%ක් දක්වා වූ සුවිශේෂී පොලී සහන භුක්ති විඳිය හැකිය. තෝරාගත් මූලික තැන්පතු ක්‍රමවේදයක් හරහා හෝ මසකට රුපියල් 2,000ක අවම මුදලකින් ආරම්භ වන පරිදි මාසික ස්ථාවර නියෝගයක් ස්ථාපනය කිරීමෙන් ගනුදෙනුකාරභවතුන්ට මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබිය හැක.

‘DFCC ගරුසරු’ ණය පහසුකම මුලින්ම නිර්මාණය කරන ලද්දේ රජයේ විශ්‍රාමිකයන් හට ඔවුන්ගේ විශ්‍රාමික දිවියේදී අවශ්‍ය වන මූල්‍ය සහයෝගය ඉතා පහසුවෙන් ලබාදීම සඳහාය. මෙම ඉතුරුම් සමඟ බද්ධ වූ නව ප්‍රතිලාභ හඳුන්වා දීම මඟින් ක්ෂණික මූල්‍ය සහාය මෙන්ම, ඔවුන්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් වන දිගුකාලීන මූල්‍ය සැලසුම්කරණය ද එකට මුසු කරමින් මෙම සේවාව තවදුරටත් ශක්තිමත් කර ඇත.

මෙම නව පියවර පිළිබඳව අදහස් දක්වමින්, DFCC බැංකුවේ උප සභාපති/ පුද්ගලික බැංකු සේවා අංශ ප්‍රධානී අසිත පින්නදූව මහතා මෙසේ පැවසීය:

“බොහෝ විශ්‍රාමිකයන් තමන්ගේ දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් නිරන්තරයෙන්ම අත්වැලක් වන අතර, මීළඟ පරපුරට නව අවස්ථා උදාකර දීමට නිරන්තරයෙන් කැපවෙනවා. ‘ගරුසරු’ මූල්‍ය විසඳුමට එක්කළ මෙම නවීකරණය හරහා අප එම සැබෑ සමාජීය තත්ත්වය හඳුනාගෙන තිබෙනවා. එමඟින් ගනුදෙනුකරුවන්ට තමන්ගේම මූල්‍ය අවශ්‍යතා සපුරාගන්නා අතරතුරම, අනාගතය වෙනුවෙන් ප්‍රායෝගික ලෙස ඉතුරුම් ගොඩනැඟීමට අවස්ථාව සැලසෙනවා. පවුල් එකට එක්ව සැලසුම් කරන, එකිනෙකාට සහාය වන සහ එකට වර්ධනය වන ආකාරය සමඟ මනාව බද්ධ වූ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමට අප සතු කැපවීම මින් මනාව පිළිබිඹු වනවා.”

මෙමඟින් ගනුදෙනුකරුවන්ට ද්විත්ව ප්‍රතිලාභයක් හිමි වේ. එනම් සහනදායී පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට ඇති අවස්ථාව සමඟම, දිගුකාලීන මූල්‍ය විනයක් සහ අනාගත සූදානමක් ඇති කරලීම උදෙසා සකස් කළ විධිමත් ඉතුරුම් ක්‍රමවේදයක් ද මීට ඇතුළත් වීමයි.

ණය ප්‍රතිලාභ, ඉතුරුම් සැලසුම් සමඟ සම්බන්ධ කිරීම මඟින් පවුල් තුළ යහපත් ඉතුරුම් පුරුදු ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, පරම්පරා ගණනාවක් පුරා දිවෙන ඉහළ මූල්‍ය සුරක්ෂිතතාවක් ඇති කිරීමට ද DFCC බැංකුව අපේක්ෂා කරයි.

මෙම වැඩිදියුණු කළ ‘ගරුසරු’ ණය ප්‍රතිලාභයට අදාළ කොන්දේසි, සුදුසුකම් ලැබීමේ නිර්ණායක සහ ගිණුම් නඩත්තු කිරීමේ අවශ්‍යතාවන්ට යටත් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට තම ළඟම ඇති DFCC බැංකු ශාඛාව වෙතින් හෝ නිල සන්නිවේදන නාලිකා ඔස්සේ තොරතුරු විමසිය හැක.

‘ගරුසරු’ වැනි සුවිශේෂී මූල්‍ය සේවාවන් ඔස්සේ, මිනිසුන්ගේ ජීවිතයේ විවිධ අවධීන්හිදී පුද්ගලයින්ට සහ පවුල්වලට පැනනඟින අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ගනුදෙනුකාර-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සංවර්ධනය කිරීමට DFCC බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. එමඟින් පරම්පරා ගණනාවක් පුරා රැඳෙන අර්ථවත් මෙන්ම කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කිරීමට DFCC බැංකුව නිරන්තරයෙන් කැපවී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව