වැඩිම සම්මාන දිනූ ශ්‍රී ලාංකික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ABF සම්මාන උළෙලෙහි සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

ABF Awards 2026 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය.

විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය, තිරසර සංවර්ධනය සඳහා වූ කැපවීම සහ මූල්‍ය විසඳුම් සැපයීමේ හැකියාව මනාව පිළිබිඹු කරමින් මෙම සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට පාරිභෝගික බැංකුකරණය, මහා පරිමාණ බැංකුකරණය සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන ප්‍රධාන අංශ යටතේ සම්මාන හිමිවිය.




පාරිභෝගික බැංකුකරණ අංශයේදී කොමර්ෂල් බැංකුව ‘වසරේ පුද්ගලික බැංකුව’ සහ ‘වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුව’ යන සම්මාන දිනා ගැනීමෙන් බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයට අඛණ්ඩව ලබාදෙන සහයෝගය ඇගයීමට ලක් විය.

කොමර්ෂල් බැංකුවේ නවෝත්පාදන හා තිරසර සංවර්ධනය සඳහා වූ කැපවීම ඇගයීමට ලක් කරමින් මහා පරිමාණ බැංකුකරණ අංශයෙන් ‘ශ්‍රී ලංකාවේ වසරේ දේශීය AI වැඩසටහන’ සහ ‘වසරේ හරිත මූල්‍යකරණ බැංකුව’ යන සම්මාන පිරිනැමිණි. මෙම සම්මාන සඳහා හේතු වූයේ AI තාක්ෂණය මත පදනම් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය ඇගයීමේ පද්ධතිය හඳුන්වා දීමත් සමඟ ණය ඇගයීමේ ක්‍රියාවලිය නවීකරණය වීම සහ තිරසර ණය පහසුකම් හා පරිසර හිතකාමී බැංකුකරණය ප්‍රවර්ධනය කිරීමයි.

කොමර්ෂල් බැංකුව ආයතනික හා ආයෝජන බැංකුකරණ අංශයෙන්, ව්‍යාපාර සඳහා වෙළෙඳ මූල්‍යකරණය වඩාත් කාර්යක්ෂම කළ බැංකුවේ ‘TradeLink’ ඩිජිටල් සේවාව වෙනුවෙන් ‘ආයතනික පාරිභෝගික මුලපිරීම සම්මානය’ හිමි වූ අතර, තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පාදනය කිරීමේ අරමුණින් 2025 දී නිකුත් කළ රුපියල් බිලියන 15ක හරිත බැඳුම්කරය වෙනුවෙන් ‘වසරේ ණය ගනුදෙනුව’ සම්මානය පිරිනැමිණි.

මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සඳහන් කළේ මෙම සම්මාන බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, පාරිභෝගික විශ්වාසය, තාක්ෂණික නවෝත්පාදන සහ තිරසර වර්ධනය සඳහා වන කැපවීම පිළිබඳ ජාත්‍යන්තර ඇගයීමක් බවයි.

“මෙම සම්මානවල විශේෂත්වය වන්නේ පෞද්ගලික බැංකුකරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික බැංකුකරණය, AI තාක්ෂණය, හරිත මූල්‍යකරණය සහ ආයතනික මූල්‍ය ගනුදෙනු ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් මෙම සම්මාන හිමිවීමයි. මෙය අපගේ කණ්ඩායමේ කැපවීම සහ පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබිඹු කරන අතර ඉදිරියේදී බැංකු ක්ෂේත්‍රයේ නව දිශානතියක් ගොඩනඟන ප්‍රමුඛ බැංකුවක් ලෙස අපගේ භූමිකාව තවදුරටත් තහවුරු කරයි,” යනුවෙන් මනතුංග මහතා පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව