
Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස 12ක කාලයක් තුළ දිවයින පුරා සෑම මාසයකම පුද්ගලයින් 1,000 බැගින්, සමස්ත වශයෙන් ප්‍රතිචාර දක්වන්නන් 12,000 දෙනෙකුගෙන් ලබාගත් දත්ත මතය. මෙම සමීක්ෂණය තුළ පාරිභෝගිකයන් විසින් කිසිදු පෙර යෝජනාවකින් තොරව (unprompted) තම ප්‍රියතම නිෂ්පාදන සහ සේවා සන්නාම නම් කර ඇති අතර, එක් එක් කාණ්ඩයේ ඉහළම සන්නාම 25 අකාරාදී පිළිවෙළට ලැයිස්තුගත කර ඇත. 2026 සමීක්ෂණයට Baby Cheramy සහ Clogard යන සන්නාම දෙකම ඇතුළත් වීම, ශ්‍රී ලාංකික නිවෙස් තුළ සන්නාමය කෙරෙහි ඔවුන්ගේ ඇති පිළිගැනීමත්, පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලන උසස් තත්ත්වයේ නිෂ්පාදන දශක ගණනාවක් පුරා අඛණ්ඩව ලබා දීම තුළින් දිනාගත් ගැඹුරු විශ්වාසයත් පිළිබිඹු කරයි.
65 වසරක් පුරා, ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ විශ්වාසනීය ළදරු සත්කාරක සන්නාමය ලෙස, Baby Cheramy, ඔවුන්ගේ ජීවිතයේ වටිනාම සංධිස්ථානයන්හි දී, ඔවුන් සමඟ ගමන් කර ඇත. ආදරය, ආරක්ෂාව සහ සමස්ත ළදරු රැකවරණය යන මූලධර්ම මත ගොඩනැඟුණු මෙම සන්නාමය, දෙමාපියත්ව ගමන්මගෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට Baby Cheramy ඇතුළත් වීම, ශ්‍රී ලාංකික පවුල් අතර මෙම සන්නාමයට හිමි ප්‍රබල පාරිභෝගික කැමැත්ත සහ විශ්වාසය පිළිබිඹු කරයි. එමෙන්ම, LMD විසින් ‘Most Loved Brand’ ලෙස නම් කිරීමත්, ‘Best of the Best’ Brand ගෞරවය හිමි කර ගැනීමත්, ළදරු සුරැකුම් කාණ්ඩයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස Baby Cheramy හි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.
Hemas Consumer Brands හි අලෙවි සාමාන්‍යාධිකාරී තුල්සි ලියනගේ මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින්, “PepperCube T25 සමීක්ෂණයේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාමයක් ලෙස අපගේ Baby Cheramy සන්නාමය ඇගයීමට ලක්වීම අපට විශේෂ ගෞරවයක්. පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ළදරුවන්ගේ රැකවරණයේ විශ්වාසනීය පාර්ශවකරුවකු වීමට අපට හැකි වී තිබෙනවා. එමෙන්ම, පාරිභෝගිකයන් අප වෙත තබා ඇති එම දැඩි විශ්වාසය සහ බැඳීම, පවුල්වල වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන, උසස් තත්ත්වයේ සහ විශ්වාසනීය නිෂ්පාදන හරහා අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරමින් වඩාත් උසස් වටිනාකමක් ලබා දීමට අපව නිරන්තරයෙන් දිරිගන්වනවා” යනුවෙන් පැවසීය.
එසේම, Clogard වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික පවුල්වල මුඛ සෞඛ්‍යය සුරැකුමෙහි විශ්වාසනීය සහකරුවෙක් ලෙස කටයුතු කර ඇත. පුළුල් නිෂ්පාදන පෙළක් හරහා පූර්ණ මුඛ සෞඛ්‍යය ආරක්ෂාව ලබාදීමේ දිගුකාලීන උරුමයක් මත ගොඩනැගුණු මෙම සන්නාමය, වඩා යහපත් මුඛ සෞඛ්‍යය විසඳුම් ලබාදීම සඳහා දක්වන කැපවීම හේතුවෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. PepperCube T25 සමීක්ෂණයේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට Clogard ඇතුළත් වීම, ශ්‍රී ලාංකික ගෘහයන් හි, මෙම සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලාංකික පවුල් සඳහා වඩා යහපත් මුඛ සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කරන සම්පූර්ණ මුඛ සුරැකුම් පුරුද්දක් ඇති කිරීමට එය ඉටු කරන වැදගත් කාර්යභාරය ද තවදුරටත් පිළිබිඹු කරයි.
Hemas Consumer Brands හි අලෙවි සාමාන්‍යාධිකාරී, සචිනි ගමගේ වෙළුංගොඩ මහත්මිය පැවසූවේ, “LMD විසින් ප්‍රකාශයට පත් කළ PepperCube T25 සමීක්ෂණයේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාමයක් ලෙස Clogard ඇගයීමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික පවුල්වල දෛනික මුඛ සුරැකුම් පුරුදු ආරක්ෂා කිරීම සඳහා අප කෙරෙහි තැබූ අති විශාල පාරිභෝගික විශ්වාසය මෙම ඇගයීමෙන් තහවුරු කරනවා” යනුවෙනි.
එසේම, Clogard 2026 වසර සඳහා LMD විසින් ප්‍රකාශයට පත් කළ ‘Most Loved Product Brands’ අතරට ද ඇතුළත් වී තිබේ. ස්වභාවධර්මයෙන් ආභාෂය ලැබූ සංයෝග හා විද්‍යාත්මක නවෝත්පාදන මුසු කරමින්, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සාර්ථක, කාර්යක්ෂම මුඛ සුරැකුම් විසඳුම් අඛණ්ඩව හඳුන්වා දීමට Clogard කැප වී සිටියි. එම කැපවීම තවදුරටත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සමස්ත මුඛ සෞඛ්‍යය නංවාලීමේ අරමුණින් Clogard සහ FDI World Dental Federation එක්ව කටයුතු කරයි.
Hemas Consumer Brands සමාගමේ ප්‍රමුඛතම සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard වෙත හිමි වූ මෙම ද්විත්ව ඇගයීම, වසර ගණනාවක් පුරා මෙම සන්නාම තම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනකට සිය කෘතඥතාව පළ කිරීමේ අවස්ථාවක් ද සලසා දෙයි. ඔවුන්ගේ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගය මෙම සන්නාම ද්විත්වයේ ගමන්මඟ හැඩගැස්වීමට මහත් සේ පිටිවහලක් වූ අතර, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් සපයන උසස් තත්ත්වයේ නිෂ්පාදන අඛණ්ඩව නව්‍යකරණය කරමින්, ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට එය දිරිගන්වයි.


