First Capital Holdings PLC සමාගම වඩාත් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සඳහා මීගමුව ශාඛාව වැඩිදියුණු කරයි

IMAGE 01 (LBN)

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා අතරින් ඉහළම කාර්යසාධනයක් වාර්තා කර ඇති ශාඛාවක් වන අතර, තම පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සමාගම දිගින් දිගටම මෙවැනි ආයෝජනයන් සිදුකරමින් සිටී.

පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, පාරිභෝගිකයන්ට නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සඳහා මඟපෙන්වමින් ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීමටද  First Capital Holdings PLC සමාගම පියවර ගෙන තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව