සෙලින්කෝ ලයිෆ් පාරිභෝගික සේවාවෙහි විශිෂ්ඨතම විකුණුම් නිලධාරීන් අගයයි

Capture

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය.

වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ තෝරාගත් අලෙවි නිලධාරීන් ඇතුළුව 230 දෙනකු එක්ව සිටියහ.



දෙදිනක් පුරා පැවති මෙම සැමරුම් උත්සවය හරහා සමාගමේ අලෙවි අංශය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ නිලධාරීන් ඇගයීමට හා ත්‍යාග පිරිනැමීමට අවස්ථාවක් හිමි විය. එමෙන්ම 2026 වසරේ පළමු මාස හය තුළ තම ඉලක්ක සපුරා ගැනීමේදී විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ පිරිස් එක් ස්ථානයකට ඒකරාශි කිරීමට ද මෙම උත්සවය අවස්ථාවක් විය.

සම්මානලාභීන් 124 දෙනා ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් සහතිකපත්, සමරු ඵලක, පදක්කම්, කුසලාන, මුදල් ත්‍යාග සහ විදේශ සංචාර ඇතුළු ත්‍යාග රැසකින් පිදුම් ලැබූහ.

මෙම උත්සවයේදී ඇගයීමට ලක් වූ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ නිලධාරීන් අතරින් නුගේගොඩ ශාඛාවේ ඒ. එස්. සමරසිංහ මහතා හොඳම ප්‍රාදේශීය අලෙවි කළමනාකරු ලෙසත් කොලොන්නාව ශාඛාවේ එස්. ආර්. ඒ. ආර්. කුමාරි මහත්මිය හොඳම ජීවිත රක්ෂණ උපදේශිකා – නවක කාණ්ඩය ලෙස ද අම්බලන්තොට ශාඛාවේ ඒ. අයි. පී. මංජුල මහතා ප්‍රවීණ කාණ්ඩයේ හොඳම ජීවිත රක්ෂණ උපදේශක ලෙසත් සම්මාන ලැබූ අතර යාපනය ශාඛාවේ එස්. රාගිනි මහත්මිය හොඳම අලෙවි විධායක නිලධාරිනිය ලෙස ද වෙන්නප්පුව ශාඛාවේ ඒ. එස්. එල්. ප්‍රනාන්දු මහතා හොඳම ඒජන්සි ප්‍රධානියා ලෙස ඇගයීමට ලක් විය.

ඇගයීමේ හා සැමරුම් උත්සවයේ අත්දැකීම තවදුරටත් සුවිශේෂී කරමින් සියලුම සම්මානලාභීන් සහ සහභාගිවන්නන් සඳහා මෙම නිවාඩු නිකේතනයේ ආහාරපාන පහසුකම් සහිතව නවාතැන් පහසුකම් ද සපයා තිබිණි.

2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව