ශ්‍රී ලාංකික යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් අඹේවෙල, අඹ රසැති යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

Ambewela Mango Yoghurt

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල විසින් සිය නවතම නිෂ්පාදනයක් ලෙස අඹ රසැති යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. අඹේවෙල යෝගට්වල ඇති ප්‍රණීත, කිරි රසය සහ ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අඹ රසය මුසු කරමින් මෙම නවතම නිෂ්පාදනය වෙ‍ෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබේ.

අඹේවෙල සතු ගොවිපලවලින් ලබා ගන්නා පිරිසිදු, නැවුම් කිරිවලින් නිපදවන මෙම අඹ රසැති යෝගට්වල නැවුම් බව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳව සමාගම සහතික කරයි. ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත ප්‍රණීත අඹ රසයෙන් යුතු මෙම රසවත් යෝගට් නිෂ්පාදනය, රසවත් බව සහ පෝෂණ ගුණය මැනවින් එක් කරමින් නවමු සහ පෝෂණීය අත්දැකීමක් පාරිභෝගිකයා වෙත සමීප කරයි.



පහසු 80g බඳුනක ඇසුරුම් කර ඇති මෙම යෝගට්, ගමනේ යෙදෙන විට වුවද, පෝෂණීය කෙටි ආහාරයක්, සැහැල්ලු අතුරුපසක් ලෙස හෝ දවසේ ඕනෑම අවස්ථාවක රසවිඳීමට සුදුසු පරිදි නිපදවා ඇත. මෙහි ඇති මෘදු, ප්‍රණීත ස්වභාවය සහ පූර්ණ අඹ රසය නිසාම මෙය සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයින්ට එකසේ රසවිඳිය හැකි ආකර්ෂණීය තෝරාගැනීමක් බවට පත්වෙයි.

2009 වසරේ සිට අඹේවෙල Set Yoghurt පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටින අතර, අඹේවෙල සමාගම එම විශ්වාසය රැක ගනිමින් පසුගිය කාලසීමාව තුළ පාරිභෝගික රුචිකත්වයට ප්‍රතිචාර දක්වමින් විවිධ රසයන්ගෙන් යුත් යෝගට් වර්ග හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම අඹ රසැති යෝගට් හඳුන්වාදීම තුළින්, ශ්‍රී ලාංකිකයන් ප්‍රියකරන දේශීය රසයන් නවීන කිරි නිෂ්පාදන තාක්ෂණය හා එක්කිරීමට අඹේවෙල සමාගම සතු හැකියාව පෙන්නුම් කරන අතර, එය ප්‍රමිතියෙන් උසස් යෝගට් ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවදුරටත් තහවුරු කිරීමටද සමත්ව තිබේ.

මෙම නවතම නිෂ්පාදනයත් සමඟ අඹේවෙල සමාගම උසස් ගුණාත්මක බව, විශිෂ්ට රසය සහ විශ්වාසනීය පෝෂණය එකට එක් කරමින් යෝගට් රසවිඳීමේ අත්දැකීම නව මානයකට ගෙන යයි. අඹේවෙල අඹ රසැති යෝගට් යනු හුදෙක් යෝගට් එකක්ම පමණක් නොව, අඹේවෙල සපයන උසස්ම ප්‍රමිතියෙන් සහ රැකවරණයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන් වඩාත් කැමති රසයන්ගේ එකතුවකි.

නැවුම් කිරිවල ඇති ප්‍රණීත රසය සමඟ මුසු වූ රසවත් අඹ රසය අදම අත්විඳින්න. ස්වාභාවික පලතුරු රසය, උසස්ම කිරි නිෂ්පාදන ප්‍රමිතිය සහ දෛනික රසවත් බව එකට එක්වන අඹේවෙල අඹ රසැති යෝගට්හි නවමු අත්දැකීම ලබාගැනීමට ඔබටත් දැන් අවස්ථාව හිමිවී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව