ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ලීසිං පහසුකම් සැලසීම සඳහා HNB සහ Access Motors අත්වැල් බැඳගනී

1 Image (LBN)

හැටන් නැෂනල් බැංකුව සහ Access Motors  පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය- මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.

2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත- එමඟින්, බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ විශිෂ්ටතම මෝටර් රථ තාක්ෂණය එක් කරමින්, ලොව ප්‍රකට Jaguar සහ Land Rover වාහන මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට පහසු අවස්ථාවක් සලසා දෙයි.

මෙම හවුල්කාරිත්වය මඟින් උසස් තත්ත්වයේ සේවාවන් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙත ඉහළම වටිනාකමක් ලබාදීම සඳහා දෙපාර්ශවයේම ඒකායන අරමුණ පෙන්නුම් කරන අතර, එය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමටද සහාය වෙයි. පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන පරිදි ආකර්ෂණීය ලීසිං විසඳුම් සහ අමතර ප්‍රතිලාභ රැසක් එක් කරමින්, වාහන මූල්‍ය පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රය තුළ නවතම පෙරළියක් ඇති කිරීම HNB හි මූලික අරමුණයි.




මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ ‘’ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත විද්‍යුත් සහ හයිබි්‍රඩ් වාහන පාරිභෝගිකයින් වෙත සමීප කිරීම සඳහා Access Motors සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම අපට විශාල සතුටක්. ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටතම වාහන සහ සේවාවන් ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දීමට අප දරන අඛණ්ඩ උත්සාහය මෙමඟින් පෙන්නුම් කරන අතර, විශ්වාසනීය මූල්‍ය විශේෂඥතාවයක සහාය ඇතිව ලොව සුප්‍රකට වාහන හිමිකර ගැනීමට දැන් අපගේ පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.

මෙම වැඩසටහන යටතේ HNB විශේෂ ලීසිං පොලී අනුපාත සමඟින් පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් ක්‍රෙඩිට් කාඩ්පතක්ද පාරිභෝගිකයින් වෙත පිරිනමයි. මීට අමතරව, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හරහා ආකර්ෂණීය වාහන රක්ෂණ වාරික ද හිමිවන අතර පාරිභෝගිකයින් තම වාහනය පාවිච්චි කරන සම්පූර්ණ කාලය පුරාවටම උපරිම ආරක්ෂාවක් සහ විශ්වාසනීයත්වයක් සහතික කෙරේ.

“අපගේ පාරිභෝගිකයින් වෙත ඉහළම වටිනාකමක් ලබාදීම සඳහා HNB ලබාදෙන ශක්තිමත් දායකත්වය සහ අප දෙපාර්ශයේම ඇති ඒකායන අරමුණ අප බෙහෙවින් අගය කරනවා. මෙම සුවිශේෂී එකඟතාවය තුළින් Jaguar සහ Land Rover වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ නැංවීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම, සුඛෝපභෝගී බව, ඉහළ ක්‍රියාකාරීත්වය සහ පහසු මූල්‍ය විසඳුම් එකට එක් කරමින් පාරිභෝගිකයින් වෙත වඩාත් විශිෂ්ට වාහන හිමිකාරීත්වයක අත්දැකීමක් ලබාදීමටත් මෙයින් අවස්ථාව සැලසෙනවා.” යනුවෙන් Access Motors පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු මහතා පැවසුවේය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව