සුවිශේෂී උත්සව සඳහා ගාල්ලේ හොඳම තැන Yazu at the Beach

Image II (LBN)
  • උපන් දින සාද, විවාහ උත්සව සහ මුහුදු වෙරළ අසල විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා වෙන්වුණු දකුණු වෙරළ තීරයේ සුවිශේෂී නවාතැන බවට Yazu at the Beach පත් වෙයි

පෞද්ගලික උත්සව සැමරුම්වල පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින් දකුණු වෙරළ තීරයේ අලංකාර දසුන් සමඟින් අමතක නොවන උත්සව අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට ගාල්ල Radisson Blu Resort හි Yazu at the Beach සමත්ව සිටියි. එහි ඇති විශේෂත්වය නිසාම අද වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය උත්සව සැමරුම් භූමියක් බවට Yazu at the Beach පත්ව තිබේ.

ඉන්දියාවේ Yazu සන්නාමයේ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ලෙස දකුණු වෙරළ තීරයේදී ආරම්භ කළ මෙම සුවිශේෂී අත්දැකීම සාම්ප්‍රදායික උත්සවශාලාවන්ගෙන් මිදී වෙනස් ආකාරයේ අත්දැකීමක් සොයන ශ්‍රී ලාංකිකයින් හට කදිම අවස්ථාවක් උදා කර දී ඇත්තේ ප්‍රණීත ආහාර පාන පමණක් නොව සිත් ඇදගන්නා අලංකාර දසුන් හරහා ජීවිතයට රසවත් මතකයක් එක් කරමිනි.



කුඩා උපන් දින සාද, ආරණීය විවාහ යෝජනා, විවාහ ගිවිස ගැනීම්, සංවත්සර හෝ පුද්ගලික ව්‍යාපාරික හමුවීම් සඳහා සාම්ප්‍රදායික උත්සව ශාලාවලින් බැහැර වූ සුවිශේෂී විකල්පයක් ලෙස ‘Yazu at the Beach’ හැඳින්විය හැක. අලංකාර ගෘහස්ථ අසුන් පැනවීම්, ආවරණය කරන ලද ටෙරසය සහ ඉන්දියන් සාගරයට මුහුණලා ඇති වෙරළ තීරයේ එළිමහන් පරිශ්‍රය යන සියල්ල මෙහි මනාව සැලසුම් කර ඇත. මේ නිසාම ඕනෑම උත්සවයකට සහ පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවට ගැළපෙන පරිදි ඉඩකඩ වෙන්කරවා ගැනීමේ හැකියාව මෙහිදී උදා වේ.

Yazu හි සෑම උත්සවයකම ප්‍රධානතම ආකර්ෂණය වන්නේ එහි ඇති සුවිශේෂී ආහාර සංස්කෘතියයි. House of Artisanal Pan-Asian Food ලෙස ප්‍රසිද්ධ මෙම සන්නාමය, ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර කලාවන් මුසු කරමින් සකස් කරන ලද විශිෂ්ට කෑම වර්ග සහ නවීන කොක්ටේල් වර්ග සඳහා ඉහළ පිළිගැනීමක් ලබා ඇත. පැමිණෙන අමුත්තන්ගේ රුචිකත්වයට අනුව සකස් කළ හැකි ආහාර මෙනු, පුද්ගලික භෝජන පහසුකම් සහ විශේෂිත බීම වර්ග මෙහිදී ලබාගත හැකි අතර, එමඟින් ඔබේ උත්සවය වඩාත් අමතක නොවන මතකයක් බවට පත් කරනු නිසැකය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Yazu at the Beach හි අලෙවිකරණ ප්‍රධානී Pratyush Mohapatra මහතා සඳහන් කරන්නේ “අද වන විට බොහෝ දෙන තමන්ගේ උත්සවය තුලින් වඩා අර්ථවත් අත්දැකීමක් ලබා ගැනීමට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ සුන්දරම වෙරළ තීරයක සිට තමන්ගේ සුවිශේෂී අවස්ථාවන් ආදරණීයයන් සමඟ එක්ව සමරමින් ඔවුන්ගේ ආදරය බෙදාහදා ගැනීමේ අවස්ථාව උදා කර දීම අපගේ අරමුණයි.” යනුවෙනි.

මෙම ස්ථානයට අනන්‍ය වූ  අලංකාර වටපිටාව, සවස් කාලයේ සුන්දර හිරු බැසයන දර්ශනයන් දැකබලා ගැනීමටත්, රාත්‍රී කාලයේ දී වුව පහසුවෙන් උත්සව අවස්ථාවන් රස විඳ ගැනීමටත් මෙහිදී අවකාශ උදා වේ. මේ නිසා පවුලේ සුවිශේෂී උත්සව, විවිධ සමාජ හමුවීම් සහ ව්‍යාපාරික සාදයන් සඳහා මෙය එකසේ ගැළපේ. වෙරළ තීරයේ ඇති සජීවී බව, නවීන සැලසුම්කරණය  සහ පාරිභෝගිකයාටම ගැළපෙන පරිදි සපයන සුවිශේෂී සේවා සත්කාරය හේතුවෙන් Yazu at the Beach දකුණු වෙරළ තීරයේ ඇති ආකර්ෂණීයම සහ නවතම උත්සව පරිශ්‍රයක් බවට පත්ව තිබේ.

මේ සමඟ සංචාරක හා සුවිශේෂී ජීවන රටා කේන්ද්‍රස්ථානයක් ලෙස වේගයෙන් දියුණු වන ගාල්ල නගරයට ආගන්තුක සත්කාරයේ නව්‍යකරණ අත්දැකීමක් උරුම කර දීමට Yazu at the Beach සමත් වනු ඇත. ප්‍රණීත ආහාර පාන, අලංකාර දසුන් මෙන්ම සුහදශීලී සේවාව සමඟින් එය ඔබේ සුන්දර මොහොත අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු ඇත.

උත්සව අවස්ථා සඳහා වෙන්කර ගැනීම් හා වැඩිදුර විස්තර දැන ගැනීමට 050 748 6486 අමතන්න. නැත්නම් https://www.instagram.com/yazugalle/ හරහා Instagram හි Yazu at the Beach වෙත පිවිසෙන්න.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව