SLT-MOBITEL බලගන්වනු 2026 කනිෂ්ඨ ජාතික නෙට්බෝල් ශූරතාවලිය සාර්ථකව නිමාව දකී

SLT-MOBITEL Powered 2026 Junior National Netball Championships Conclude on a High Note - Sinhala - Final

SLT-MOBITEL බලගැන්වීම සමඟින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2026 කනිෂ්ඨ ජාතික දැල්පන්දු ශූරතාවලිය, දින දෙකක් පුරා පැවති උණුසුම් තරග රැසකින් අනතුරුව නොවැම්බර් 22 දින කොළඹ ටොරිංටන් ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් විය. මෙහිදී මෙරට නවක දැල්පන්දු ක්‍රීඩිකාවෝ රැසක් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූහ.

‘The Connection Powering Her Rise’ යන තේමාව පෙරදැරිව SLT-MOBITEL සෑමවිටම ක්‍රීඩාව ඔස්සේ ඉදිරියට යාමට තරුණ කාන්තා පරපුරට අවස්ථා සලසා දීමට කැප වී සිටී. ඔවුන්ට තම සැබෑ හැකියාවන් මතුකර ගැනීමටත්, ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමටත්, අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් සබඳතාවයන් කෙතරම් වැදගත්ද යන්න SLT-MOBITEL හොඳින් හඳුනාගෙන තිබේ.



තරගාවලිය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී, කැපීපෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවෝ රැසක් ඇගයීමට ලක්වූහ. තරගාවලියේ ශූරතාව කොළඹ දිස්ත්‍රික් A කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර, අනුශූරතාව ශ්‍රී ලංකා පාසල් A කණ්ඩායම වෙත හිමි විය. තීරණාත්මක තරගයේදී (Playoff match) බස්නාහිර පළාත් කණ්ඩායම පරාජය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් ‘ඒ’ කණ්ඩායම තරගාවලියේ තුන්වන ස්ථානය ලබා ගැනීමට සමත් විණි.

පාසල් කණ්ඩායමේ දිනලි නාඩුගල හොඳම Centre Quarter ක්‍රීඩිකාව සඳහා වන සම්මානය දිනා ගත් අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ සරනි වත්සලා සහ කොළඹේ මිනාගි කන්කානම්ගේ පිළිවෙලින් හොඳම Defender ක්‍රීඩිකාව සහ හොඳම Shooter ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට සමත් විණි. ජයග්‍රාහී කොළඹ කණ්ඩායම නියෝජනය කළ තරුනි මෙනාලා “Netball Queen” ශූරතාවය දිනා ගත් අතර, රනුදි වීරවර්ධන වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, වරුණ ශ්‍රී ධනපාල මහතා සහ, SLT-MOBITEL හි ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතා විසින්, ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගයමින් ඔවුන්ට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ උන්නතියට දායක වීම, නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට ඉදිරියට යාමට අවස්ථා නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL මෙලෙස 2026 කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික දැල්පන්දු ශූරතාවලි සඳහා බලගන්වන්නා ලෙසින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ අත්වැල් බැඳගැනීමට පියවර ගෙන ඇත. මෙවැනි පියවර ඔස්සේ නැවත වරක් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රබලයෙකු බවට පත්කිරීම දෙපාර්ශ්වයේ අරමුණ වී තිබේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව