M.A.C. Timber Asia Miracle සම්මාන දිනයි

M.A.C. Timber - S

ශ්‍රී ලංකාවේ දැව සැපැයුම් හා දැව ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වන දායකත්වය ඇගැයීමට ලක් කරමින් M.A.C. Timber ආයතනය Asia Miracle Awards 2026 සම්මාන උළෙලේදී 2026 වසරේ විශිෂ්ටම ආනයනික හා දේශීය දැව සැපැයුම්කරු සහ දැව නිර්මාණ විශේෂඥයාට හිමි සම්මානයෙන් (Most Outstanding Imported & Local Timber Supplier and Woodwork Specialist of the Year 2026) පිදුම් ලැබීය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී M.A.C. Timber (www.mactimberstores.com) ආයතනයට හිමි වූ ඇගැයීම ගුණාත්මකභාවය, නිර්මාණශීලීත්වය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් එම ආයතනය දක්වන කැප වීම පිළිබිඹු කරයි. මෙම සම්මානය M.A.C. Timber ආයතනයේ ව්‍යාපාර ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඉදි කිරීම්, ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ අභ්‍යන්තර සැළැසුම් ක්ෂේත්‍රවල විවිධ පාරිභෝගික අවශ්‍යතා සැපිරීම සඳහා විශ්වාසනීය දැව නිෂ්පාදන සහ දැව ආශ්‍රිත නිර්මාණ විසඳුම් සැපැයීමට ආයතනය දරන උත්සාහය මෙමඟින් ඇගැයීමට ලක් වී තිබේ. දැඩි තරගකාරිත්වයක් පවතින දැව කර්මාන්තය තුළ ගුණාත්මක අමුද්‍රව්‍ය, උසස් ශිල්පීය නිපුණත්වය සහ විශ්වාසනීය සේවාව කෙරෙහි M.A.C. Timber ආයතනය විශේෂ අවධානයක් යොමු කරයි. ආනයනික මෙන්ම දේශීය දැව වර්ග සැපැයීම තුළින් විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරන අතර මෙරට දැව වෙළෙඳපොළේ වෙනස් වන ඉල්ලුමට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමටද ආයතනය කටයුතු කරයි.




ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රධාන අංගයක් වන දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය තුළ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, කල් පැවැත්ම සහ නිමාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. එවැනි පසුබිමක M.A.C. Timber ආයතනයට හිමි වූ මෙම සම්මානය උසස් ප්‍රමිති අඛණ්ඩව පවත්වා ගෙන යමින් වෙළෙඳපොළේ වෙනස් වන අවශ්‍යතාවලට සාර්ථකව අනුගත වීමේ වැදගත්කම ඉස්මතු කරයි. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල විශිෂ්ට ජයග්‍රහණ ඇගැයීමට ලක් කරන Asia Miracle සම්මාන උළෙල කර්මාන්ත සංවර්ධනයට සහ සේවා විශිෂ්ටත්වයට දායක වන ව්‍යාපාර ආයතන හා වෘත්තිකයන් ඇගැයීමට ලක් කරන වේදිකාවකි. M.A.C. Timber ආයතනයට හිමි වූ මෙම සම්මානය එහි ව්‍යාපාර කීර්ති නාමය තව දුරටත් ශක්තිමත් කරන අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීමටත්, පාරිභෝගිකයන් සමඟ දිගු කාලීන විශ්වාසනීය සබඳතා ගොඩ නැඟීමටත් දිරි ගැන්වීමක් වී තිබේ. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ දැව සැපැයුම් හා දැව නිර්මාණ ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය තව දුරටත් ශක්තිමත් කර ගනිමින් ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ සේවා විශිෂ්ටත්වය පෙරදැරිව ඉදිරි ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට M.A.C. Timber ආයතනය අපේක්ෂා කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව