SDB බැංකුව සමුපකාර සමිති සහ එහි සාමාජිකයින් වෙත ප්‍රමුඛතා බැංකු සේවා හඳුන්වා දෙයි

Sinhala PR - Coop Article

SDB බැංකුව, තෝරාගත් ශාඛා කිහිපයක සුවිශේෂී සමුපකාර සේවා කවුළු (Co-operative Service Counters) හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ සමුපකාර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා වන සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. මේ හරහා සමුපකාර සමිති සහ එහි සාමාජිකයින් වෙත අවම පොරොත්තු කාලයක් සහිතව, සුවිශේෂී බැංකු සේවාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වේ.

2026 වසර තුළ තෝරාගත් ශාඛා පුරා මෙවැනි සුවිශේෂී සේවා කවුළු 20ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මෙම හඳුන්වා දීම මගින් සනිටුහන් කෙරේ. සමුපකාර සමිති ප්‍රමුඛ පෙළේ පාරිභෝගික කාණ්ඩයක් ලෙස හඳුනා ගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීම සඳහා බැංකුව සිය ශාඛා සේවාවන් අනුගත කරමින් සිටින අතර, පුළුල් සමුපකාර ප්‍රජාව වෙත ලබා දෙන සහයෝගය ද මේ තුළින් තවදුරටත් තහවුරු කරයි.




මෙම සේවා කවුළු හරහා සමූපකාර ගනුදෙනුකරුවන්ට තැන්පතු, මුදල් ආපසු ගැනීම් සහ ගිණුම් විවෘත කිරීමේ සේවාවන් මෙන්ම ණය තොරතුරු, ණය අයදුම්පත් සහ ඒ හා සම්බන්ධ අනෙකුත් බැංකු සහායන් ලබා ගත හැකිය. මෙම සුවිශේෂී සේවා කවුළුව මගින් සමුපකාර සමිතිවල මෙන්ම ඒවායේ තනි සාමාජිකයින්ගේ ද බැංකු අවශ්‍යතා සපුරාලනු ලබයි.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී, සමුපකාර සංවර්ධන ප්‍රධානී ලසන්ත එදිරිසූරිය මහතා මෙසේ පැවසීය: “මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් වන අපගේ කැපවීම හුදෙක් මූල්‍ය සේවා සැපයීමෙන් ඔබ්බට විහිදෙන්නක්. එය සමුපකාර සමිතිවල සහ එහි සාමාජිකයින්ගේ අවශ්‍යතා නිවැරදිව අවබෝධ කර ගනිමින්, ඔවුන් සේවය කරන ප්‍රජාවන් සවිබල ගැන්වීම හා බැඳී පවතිනවා. මෙම සුවිශේෂී සේවා කවුළු, බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ කඩිනම් ප්‍රතිචාර දක්වන තත්ත්වයට පත් කිරීම සඳහා තැබූ ප්‍රායෝගික පියවරක්. එමගින් ගනුදෙනුකරුවන්ට සිය එදිනෙදා මූල්‍ය අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට උපකාරී වන අතරම, බැංකුව සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමට ද අවස්ථාව සැලසෙනවා.”

මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සමුපකාර ක්ෂේත්‍රය තුළ ව්‍යාපාරික වර්ධනය තිරසාරව පවත්වා ගැනීම යන බැංකුවේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ද මෙම මුලපිරීම මගින් සුවිශේෂී පිටිවහලක් ලැබේ. වඩාත් ඉලක්කගත සේවා සැපයුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම තුළින්, පාරිභෝගික රඳවා ගැනීම ශක්තිමත් කිරීමටත්, සමුපකාර සමිති සහ එහි සාමාජිකයින් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමටත් SDB බැංකුව අපේක්ෂා කරයි.

මෙම වැඩපිළිවෙළ අදියර වශයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ, සමුපකාර සංවර්ධනය කෙරෙහි SDB බැංකුව දක්වන අවධානය සිය ශාඛා ජාලය තුළ වඩාත් තහවුරු වනු ඇත. එමගින් මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් බැංකුව සතු පුළුල් කැපවීම, තමන් සේවය කරන ප්‍රජාවන්ගේ එදිනෙදා බැංකු අත්දැකීම් සමඟ සෘජුවම සම්බන්ධ කෙරේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව