වියට්ජෙට් හි Black Friday සුවිශේෂී දීමනා සමඟ කොළඹ සිට වියට්නාමය ඇතුළු තවත් ගමනාන්ත රැසක් වෙත සංචාරය කරන්න

SRI-LANKA-ECO-SALE-BLACK-FRIDAY-1920x1080 (LBN)

කොළඹ, 2026 නොවැම්බර් 25 : ඔබත් මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කරමින් සිටිනවාද? වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලාංකික සංචාරකයින් වෙනුවෙන් දින තුනක් පුරා Black Friday සුවිශේෂී දීමනා වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. මෙමගින්, බදු සහ ගාස්තු ඇතුළත්ව එක් ගමන් වාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 188ක සිට ආරම්භ වන Eco ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමටත්, Deluxe ගාස්තු සඳහා 20%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමටත් සංචාරකයින්ට අවස්ථාව සැලසේ. තවද, වියට්නාමය පළමු වරට ගවේෂණය කිරීමට හෝ නැවතත් එහි සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින්ට, වියට්ජෙට්හි මෙම දීමනා යටතේ වඩාත් සහනදායී මිලකට සිය සංචාරය සැලසුම් කරගැනීමට ද අවස්ථාව උදා වේ.




2026 නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක වන මෙම දීමනාව යටතේ, කොළඹ සිට හෝ චි මිං නගරය, හැනෝයි සහ මාලදිවයින දක්වා ගමන් කරන ගුවන් මාර්ග සඳහා Eco පන්තියේ ගාස්තු යටතේ පිරිනැමෙන සුවිශේෂී ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මගීන්ට අවස්ථාව සැලසේ. එමෙන්ම මෙම දීමනාව www.vietjetair.com නිල වෙබ් අඩවිය හෝ Vietjet Air ජංගම යෙදුම ඔස්සේ ලබාගත හැකිය. 2027 ජනවාරි 4 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන සංචාර සඳහා ද මෙම දීමනාව වලංගු වන අතර, අදාළ ගුවන් මාර්ගය අනුව සංචාරක දින වෙනස් විය හැකිය. තවද, නියමිත ඇතැම් දිනවල මෙම දීමනාව අදාළ නොවේ (Blackout Dates).

වියට්ජෙට් හි Deluxe ගාස්තු යටතේ පිරිනැමෙන සුවිශේෂී වට්ටම් මඟින් මගීන්ට තවදුරටත් සිය සංචාරක වියදම් අවම කරගැනීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව, FRIDAY20 කේතය භාවිතයෙන් වියට්නාමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා 20%ක වට්ටමක් ද, FRIDAY10 කේතය භාවිතයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 10%ක වට්ටමක් ද ලබාගත හැකිය. මෙම සුවිශේෂී දීමනාවලට හිමිකම් ලබාගැනීම සඳහා වියට්ජෙට් හි නිල වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ දී අදාළ කේතය ඇතුළත් කළ යුතුය.

කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව මේ වන විට සතියකට ගමන් වාර තුනක් (Round-trip) බැගින් ක්‍රියාත්මක වේ. මීට අමතරව, මාලදිවයින වෙත ගුවන් ගමන් සේවාව 2026 දෙසැම්බර් මාසයේදීත්, අනතුරුව හැනෝයි වෙත ගුවන් ගමන් සේවාව 2027 පෙබරවාරි මාසයේදීත් ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම ගුවන් ගමන් සේවා මඟින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර, ආසියාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය පුරා පිහිටි ආකර්ෂණීය ගමනාන්ත රැසක් වෙත ළඟාවීම සඳහා ද ශ්‍රී ලාංකික සංචාරකයින්ට වැඩි අවස්ථාවන් උදා කර දෙයි.

සහනදායි ගුවන් ගාස්තු සහ වඩාත් පහසු ගුවන් සබඳතා සමඟින් වියට්නාමය ගවේෂණය කිරීමටත්, සුවිශේෂී සංචාරක අත්දැකීම් අත්විඳීමටත් ලොව පුරා සංචාරකයින්ට අවස්ථාව සලසා දීමට ව්යට්ජෙට් අපේක්ෂා කරයි. මෙම Black Friday දීමනා යටතේ හිමිවන සුවිශේෂී වාසි ලබාගනිමින් ඔබගේ මීළඟ සංචාරය සැලසුම් කිරීමට දැන්ම අවස්ථාව උදාකර ගන්න!



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව