SLT-MOBITEL Enterprise වඩාත් සුරක්ෂිත ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් SASE 361 හඳුන්වා දෙයි

Capture

ජාලකරණය, ආරක්ෂාව සහ ප්‍රවේශය ඒකාබද්ධ කරන නවතම SASE විසඳුමක්

SLT-MOBITEL විසින් පසුගියදා Versa Networks තාක්ෂණයෙන් බලගැන්වෙන නවතම Secure Access Service Edge (SASE) විසඳුමක් වන SASE 361 හඳුන්වා දෙන ලදි. මෙය SLT-MOBITEL සමාගම සාම්ප්‍රදායික දුරකථන සන්නිවේදන සේවා සැපයීමේ සීමාවෙන් ඔබ්බට ගොස් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික හා ඩිජිටල් සේවා සම්පාදකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.

කොළඹ Cinnamon Life හිදී පැවැති SASE 361 හඳුන්වාදීමේ උත්සවයට claude තාක්ෂණය පදනම් කරගත් ජාලකරණයේ සහ සයිබර් ආරක්ෂණයේ අනාගතය පිළිබඳව උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන් සහ තාක්ෂණික විශේෂඥයන් මෙන්ම SLT-MOBITEL සමාගමේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. SASE 361 මඟින් ව්‍යාපාරික තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය වඩාත් සුරක්ෂිත, නම්‍යශීලී සහ ඩිජිටල් වශයෙන් සම්බන්ධිත නව මානයකට රැගෙන යන ආකාරය සම්බන්ධයෙන් එහිදී රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදි.




මෙම හඳුන්වාදීම ඔස්සේ ගෝලීය තාක්ෂණය සහ දේශීය සේවා සම්පාදනය ඒකාබද්ධ කරමින්, ව්‍යාපාරික ආයතනවලට සිය ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිතව, කාර්යක්ෂමව සහ විශ්වාසයෙන් යුතුව සිදුකිරීමට සහාය වීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඩිජිටල් තාක්ෂණික පහසුකම් සම්පාදකයෙකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL සමත් වනු නිසැකය.

SASE 361 හඳුන්වාදීම යනු වේගයෙන් වෙනස් වන ඩිජිටල් තාක්ෂණික පසුබිම තුළ ව්‍යාපාරවලට සාර්ථකව ඉදිරියට යාමට සහාය වීමේ ක්‍රමෝපායික පියවරක් වන අතරම එය නවෝත්පාදනය, තරගකාරීත්වය සහ තිරසාර වර්ධනය සම්බන්ධයෙන් රටේ දැක්ම සමඟද මැනැවින් සමපාත වේ.

Secure Access Service Edge (SASE) යනු ජාලකරණය සහ ආරක්ෂාව එක් සේවාවක් යටතේ ඒකාබද්ධ කරන, claude තාක්ෂණය පදනම් කරගත් විසඳුමකි. එමඟින් යටිතල පහසුකම් කළමනාකරණය සරල කිරීමටත්, දත්ත ආරක්ෂා කිරීමටත්, පරිශීලකයන්ට, උපාංගවලට සහ විවිධ ස්ථානවලට සුරක්ෂිත ලෙස ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමටත් ආයතනවලට හැකියාව ලැබේ. මෙතෙක් සිදු කළ ආකාරයට මධ්‍යගත දත්ත මධ්‍යස්ථාන ආශ්‍රිත ආරක්ෂක පද්ධති මත පමණක් රඳා නොසිට, කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සම්බන්ධතා සහ ආරක්ෂණ පහසුකම් සැපයීමට SASE තාක්ෂණයට හැකියාව ඇත.

SASE 361 සේවාව නිර්මාණය කර ඇත්තේ ජාලකරණය (Network), ආරක්ෂාව (Security) සහ ප්‍රවේශය (Access) යන ප්‍රධාන අංශ තුනට අමතරව ඒකාබද්ධ ආරක්ෂක සේවා හයක් (NGFW, SWG, CASB, ZTNA, DLP, ATP) සහ එක් ඒකාබද්ධ වේදිකාවක් පදනම් කරගෙනය. එමඟින් සුරක්ෂිත ඩිජිටල් පරිවර්තනයක් සඳහා සරල මෙන්ම පුළුල් විසඳුමක් හිමි වේ. ජාලකරණය සහ ආරක්ෂාව claude තාක්ෂණය පදනම් කරගත් ඒකාබද්ධ වේදිකාවකට රැගෙන ඒම තුළින්, ඩිජිටල් යුගයේදී එළඹෙන තත්වයන් හමුවේ වඩාත් නම්‍යශීලීව කටයුතු කිරීමට සහ අභියෝගවලට වඩාත් හොඳින් මුහුණ දීමට ව්‍යාපාරික ආයතනවලට හැකියාව ලැබේ.

සුරක්ෂිත සම්බන්ධතා, claude තාක්ෂණය හරහා සැපයෙන ආරක්ෂක පහසුකම් සහ ජාල කළමනාකරණය ඇතුළු පහසුකම් රැසක් මෙම සේවාවට ඇතුළත් වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ජාලකරණ සහ ආරක්ෂණ ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් හිමි වී ඇත. සජීවීව නිරීක්ෂණය කිරීමට, සංකීර්ණ තර්ජනවලින් ආරක්ෂා වීමට සහ වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට හැකි වීම ඔස්සේ අත්‍යවශ්‍ය දත්ත ආරක්ෂා කරගැනීමටත්, විවිධ ස්ථානවල සිට සේවය කරන සේවක කණ්ඩායම්වල කාර්යසාධනය පොදුවේ ඉහළ නැංවීමටත්, පද්ධති කළමනාකරණයේ සංකීර්ණත්වය අවම කිරීමටත් SASE 361 විසඳුම ව්‍යාපාරවලට සහාය වේ. විවිධාකාර වූ කාර්යයන් රාශියක් එක් වේදිකාවක් මත ක්‍රියාත්මක වීම මෙහි ඇති වඩාත්ම සුවිශේෂී ලක්ෂණයයි.

SASE ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Versa Networks සහ එහි දේශීය බෙදාහැරීමේ හවුල්කරු වන Connex Information Technologies සමඟ ඇති කරගත් ක්‍රමෝපායික හවුල්කාරීත්වය තුළින්, විශ්වාසනීය දේශීය විශේෂඥ සහය සහිතව ජාත්‍යන්තර තලයේ විසඳුම් දේශීය පාරිභෝගිකයන් වෙත පිරිනැමීමට SLT-MOBITEL Enterprise සමත් වී ඇත. මෙබඳු සහයෝගීතාවන් ඔස්සේ, ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කළ, ලොව පුරා සාර්ථකව භාවිත වන තාක්ෂණික විසඳුම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට ව්‍යාපාර වෙත හිමි වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව